වර්තමානයේ අපි ජීවත් වෙන්නේ ඩිජිටලීකරණය වුණු සමාජයක්. ඉතින් අපිට දෛනික වැඩ කටයුතු කරද්දි තාක්ෂණයත් එක්ක මුසු වෙන්නම වෙනවා. බිල්පත් ගෙවීම, භාණ්ඩ මිලදී ගැනීම, රැකියාවේ නිරත වීම සහ අධ්‍යාපන කටයුතුවල නිරත වීම වගේ බොහෝ දේවල් අද වෙද්දී මාර්ගගත (Online) ක්‍රමයට සිදු කරන්න අපි පෙළඹිලා තියෙනවා.
ඇත්තටම එදිනෙදා වැඩකටයුතු පහසු කරගන්න වගේම කාලය සහ මුදල් ඉතුරු කරගන්නත් මේ ක්‍රමය වර්තමානයේදී ගොඩක් ප්‍රයෝජවත් වෙලා තියෙන බව අපි හැමෝම දන්නවා. නමුත් ඕනෑම කාරණාවක පැති කීපයක් තියෙනවනෙ. මේ මාර්ගගත ක්‍රමයෙත් එහෙමයි. මාර්ගගත ක්‍රමය එක්ක නිරතුරුව ගණුදෙණු කරද්දි අපිට ඒ සඳහා ඩිජිටල් තිර (Digital screen) භාවිත කළ යුතු වෙනවා.
නිරතුරුවම ඩිජිටල් තිර (Digital screen) භාවිත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අද වෙද්දි ඇස්වල ඇතිවෙන විවිධ ගැටළුකාරී තත්ත්වයන් හඳුනා ගන්න පර්යේෂකයන් සමත් වෙලා තියෙනවා. මෙය කුඩා දරුවන්ගේ ඉඳලා වැඩිහිටියන් දක්වා සැමටම පොදුවේ පවතින ගැටළුවක්.ඉතිං මේ සඳහා හොඳම විසඳුම ලෙස පිළිගන්නේ ඩිජිටල් තිර භාවිත කරන අවස්ථාවල ඒ සඳහාම නිර්මාණය කරන ලද කණ්ණාඩි පැළඳීමයි. ඔබේ ඇස් දෙක පරිස්සම් කරගන්න එක අතිශය වැදගත් කාරණයක් කියලා ඔබ දන්නවනේ.ඉතිං ඩිජිටල් තිර එක්ක ගණුදෙණු කරද්දි ලැබෙන වාසි මොනවද කියලත් බලලම ඔබටම මේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න පුළුවන්.ඩිජිටල් තිර ඉදිරිපිට කණ්ණාඩි පැළඳීමේ වාසි විදියට,
ඇස්වල පීඩනය සහ තෙහෙට්ටුව අඩු කරයි…
කියවන විට පළඳින කණ්ණාඩිවලට වගේම ඩිජිටල් තිර භාවිත කරන විට පළඳින කණ්ණාඩි (Computer glasses) වලටත් වස්තූන් විශාල කර පෙන්වීමේ හැකියාවක් තියෙනවා. මේ විශාල කර පෙන්වීමේ හැකියාව නිසාම ඩිජිටල් තිරවල කුඩා අකුරු හඳුනා ගැනීමට උත්සහ කරන විට ඇසෙන් පිටත මාංශපේෂී වල ඇතිවන පීඩනය අවම කරනවා. එමඟින් හිසරදය ඇතිවීම වළක්වා ඇස්වල වෙහසකාරී පෙනුම සහ තෙහෙට්ටු බව සමනය කරමින් ඇස්වල ප්‍රාණවත් බව රැකගන්නත් ඔබට උපකාරී වෙනවා.
ඔබේ පෙනීම වැඩිදියුණු කරයි…
අපි කලින් සඳහන් කරපු විශාලන බලය නිසාම කුඩා දේවල් හඳුනාගැනීමට අනවශ්‍ය ලෙස ඇසේ මාශපේෂී වෙහෙසවීමට අවශ්‍ය වෙන්නෙ නෑ. ඇසට වැඩි වෙහෙසක් නොදැනෙන නිසාම ඩිජිටල් තිර භාවිත කරන විට පළඳින කණ්ණාඩි (Computer glasses) පැළඳීම ආරම්භ කර ටික දිනකින් ඔබේ පෙනීම ටික ටික වැඩි දියුණු වන බව ඔබටම දැනෙන්න පටන් ගනීවි.
නිල් ආලෝකයෙන් ඔබව ආරක්ෂා කරයි
රාත්‍රී නින්දට ටික වේලාවකට පෙර දුරකථනය සහ පරිගණකය වැනි ඩිජිටල් තිරවලින් ඈත්ව සිටීම හොඳ නින්දක් ලබාගන්න ඔබට උදව් වෙන බව වෛද්‍යවරුන් පවසනවා ඔබ අසා ඇති. ඇත්තටම මේ ඩිජිටල් තිරවල නිල් ආලෝකය ඔබේ ඇස් වලට පීඩනයක් ඇති කරනවා වගේම නිදා ගැනීම අපහසු කරනවා.
හොඳ තත්ත්වයේ පවතින ඩිජිටල් තිර භාවිත කරන විට පළඳින කණ්ණාඩි (Computer glasses) වලට මේ නිල් ආලෝකය අවශෝෂණය කිරීමේ හැකියාවක් තියෙන නිසා කණ්ණාඩි පළඳින විට ඔබේ ඇස්වලට නිල් ආලෝකයේ බලපෑමක් ඇතිවෙන්නෙ නැහැ. ඒ නිසා වෙහෙසකාරී දවසක් අවසානයේ සුව නින්දක් ලබා ගන්න ඔබට පුළුවන්.
ඩිජිටල් තිර දිළිසීම සහ පරිවර්තන නිසා ඇසට සිදුවන හානි අවම කරයි
ඩිජිටල් තිරවල දිළිසීමක් සහ ආලෝකය පරාවර්තනය වීමක් සිදුවෙනවා. හොඳ වර්ගයේ කණ්ණාඩිවල මේ පරාවර්තනය වෙන ආලෝකය ඇසට ඇතුළුවීම වැළැක්වීමේ හැකියාව ආවරණයක් ලෙස ක්‍රියාකරන ස්ථරයක් තිබෙනවා. ඒ නිසාම ආලෝකය පරාවර්තනය සහ දිළිසීම අවම වෙලා තිරය දෙස බැලීම ඔබට පහසුවෙනවා.
ඔන්න දැන් ඔබටම මේ කරුණු හරහා ඩිජිටල් තිර ඉදිරියේ වැඩකරන විට කණ්නාඩි පැළඳීම කොතරම් අවශ්‍යද කියල තීරණයක් ගන්න පුළුවන්. මේ වර්ගයේ කණ්ණාඩි සාමාන්‍යයෙන් මිලෙන් වැඩි නිසා කණ්ණාඩි මිලදී ගැනීමට පෙර වෛද්‍ය උපදෙස් ලබාගන්න වගේම වගකීමක් ලබාදෙන ආයතනයකින් කණ්ණාඩි මිලදී ගන්න කියලත් අපි ඔබට මතක් කරනවා.
අන්තර්ජාලය ඇසුරෙන්
ටෂ්මි ගමගේ