නිදා ගැනීම මිනිසාට සොබා දහමින්ම උරුමකර දී ඇති දායාදයකි. රාත්‍රී අඳුර සහ නිහඬතාවය ඒ සඳහා පසුබිම සකස් කරයි. ස්වභාව ධර්මයේ මේ නියමයට අනුගත නොවීම ශාරීරික හා මානසික යෝග්‍යතාව අහිමිවීම ඇතුළු නොයෙකුත් ව්‍යසන වලට හේතු වෙයි. මනස අධ්‍යාපනයට මෙන්ම සමාජ හැසිරීම්වලටද, ආයතනික දියුණුවටද හේතු වන බවද අප කිසිවිටෙකත් අමතක් නොකළ යුතුය. මේ නිසාම නින්දේ වැදගත්කම අප නිරන්තරයන් සිහිපත් කළ යුතුය. යහපත් ගුණගරුක සමාජයක නින්දට ලැබෙන්නේ වැදගත් තැනෙකි. අතීතයේ ගොවි සංස්කෘතීන්හි රෑ බෝවූ පසු ඉතා දිගු සුව නින්දක් ලබමින් ඔවූහු පාන්දරම ගොවිතැන් කටයුතු සඳහා පිටත්ව ගිය බව අප මෙහිදී සිහිපත් කළ යුතුය.
නින්ද මොළයට නැතුවම බැහැ
නින්දේදී මොළයේ Hippocampus කොටසේ ඇති විශේෂිත නියුරෝන නැවත සකසමින් අධික වෙහසකින් තොරව අඛණ්ඩ ඉගෙනුමකට මඟ හෙළිකරයි. සංජානන ක්‍රියාකාරීත්වය සහ මතකය (Cognitive function and memory) පවත්වා ගැනීම සඳහා නින්ද්දී ලැබෙන්නේ අනගි පිටිවහලකි.
කොහොමද සිද්ධ වෙන්නේ
අලුත් දේ ඉගෙන ගැනීම සඳහා වැදගත් වන්නේ මොළයේ හිපොකැම්පස් කොටසයි. අප නිදා සිටියදී සිදුවන්නේ එහි ඇති නියුරෝන සක්‍රිය වීමයි.
එවිට නින්දේදීම නියුරෝන එකම ක්‍රියාකාරී රටාවක් නැවත නැවත සිදුකරයි. එම පුනරාවර්තන ක්රියාවලිය්දී මොළයේ ඇති බාහිකයේ (Cortex) විශාල කොටසක ගබඩාවී ඇති මතකයන් ශක්තිමත් වෙයි.
ජීවිත කාලය පුරා ඉගෙනීමේ අවස්ථාවක්!
නින්දේදී සිදුවන යාන්ත්‍රණය මගින් නව ඉගෙනීම සඳහා එකම නියුරෝනය නැවත නැවත භාවිත කිරීමේ අවසථාව ලබාදේ. මෙය වෙහෙසකර නොවූ අඛණ්ඩ ඉගෙනුමක මාවතයි.
ඇල්සයිමර් රෝගයටත් හොඳයි
මොළයේ අන්තර් නියුරෝන වර්ග දෙකකි. එකක් මතකය නියාමනය කරන අතර අනෙක මතකයන් නැවත සකස් කිරීමට ඉඩ සලසයි. නින්දේදී සිදුවන නියුරෝන නිෂ්ශබ්ද කිරීමේ සහ නැවත සකස්කිරීමේ ක්‍රියාවලිය නිසා මානසික ඒකාග්‍රතාව වැඩිදියුණුවී වියපත් අයගේ මතක අහිමිවීමේ රෝගයෙන් වැළකීමේ අවස්ථාවද උදාකරයි.
https://neurosciencenews.com/ ඇසුරිනි
සුනිල් අල්ගම