මිනිස්සු වැඩිපුරම ජීවිතේ කැමති මොනවටද කියල ඇහුවොත් බහුතරයක් දෙනා කියන කතාවක් තමයි වෙනසට කැමතියි කියන එක. හැමදාම ගෙදර බත් කන මිනිස්සු බත් කොච්චර හොඳ වුණත් බත් කොච්චර ගුණ වුණත් රස වුණත් එලියෙන් කන්න කැමතියි වෙනසකට.
එකම බත වුණත් වෙනස් කරල උයන්නත් කැමතියි. ගෙදර හොද වාහන තිබුණත් සමහර වෙලාවට මිනිස්සු වෙනසකට බස් එකේ යන්න වෙනසකට පයින් යන්න කැමතියි. හැමදාම කලිසම් අදින මිනිහෙක් වෙනසකට සරමක් අදින්න කැමතියි.
හැමදාම කොළඹ ඉන්න මිනිහෙක් වෙනසකට ගමකට යන්න කැමතියි. හැමදාම මේ රටේ ඉන්න මිනිහෙක් වෙනසකට වෙන රටකට යන්න කැමතියි. හැමදාම ගමේ පන්සලට යන වෙනසකට කියල වෙන පන්සලකට යන්න කැමතියි.
මිනිස්සු වෙනසට කැමතියි. වෙනස් විදියට හිතන්න කැමතියි. හැබැයි මිනිස්සු කැමති වෙන්නෙ හැමදාම ඒ වෙනසෙ ඉන්න නෙමෙයි. මිනිස්සු ඉල්ලන්නෙ පොඩි වෙනසක් පොඩි කාලයකට. තේරෙන්න කියනවනම් පොඩි චේන්ජ් එකක්. ඒ චේන්ජ් එක සදාකාලික වෙන්න ගත්තොත් මිනිස්සු ආයෙත් චේන්ජ් වෙන්න හොයනව.
පවුල් සම්බන්ධතා වගේම ආදර සම්බන්ධතාවලටත් මේ කාරණාව පොදුයි. සමහරු පොඩි වෙනස්කම් හොයන්නෙ තමන්ගෙ පවතින සම්බන්ධය තියාගෙනමයි. ඒ චේන්ජ් එක සමහර වෙලාවට දිගටම පවතින්න පටන්ගන්න වෙලාවට මිනිස්සු ඒ චේන්ජ් එක ආයෙ චේන්ජ් කරන්න පටන්ගන්නවා.
රටක දේශපාලනයටත් මේ කාරණාව පොදුයි. මිනිස්සු හැමදාම ඉල්ලන්නෙ වෙනසක්. අලුත් වෙනස මිනිස්සු ඉල්ලල ගත්තෙ ඒකයි. හැබැයි මේ තත්ත්වයත් සාමාන්‍ය වෙනව කියල දැනෙන වෙලාවට මිනිස්සු තව චේන්ජ් එකක් ඉල්ලයි.
නුවන් ගම්මම්පිල ✍️