ඇසේ කේතු (Cones) නමින් හැඳින්වෙන ආලෝක සංවේදී සෛල මිලියන 6-7 අතර ප්‍රමාණයක් වෙයි. වර්ණ හඳුනා ගැනන්නේ ඒ ආධාරයෙනි. සාමාන්‍ය වර්ණ දර්ශනයක් දකින පුද්ගලයකු ආලෝකයේ විශේෂිත තරංග ආයාමයකට වඩා සංවේදී වෙන එකිනෙකට වෙනස් කේතු වර්ග තුනක් භවිත කරයි. මිලියන ගණනක් වූ කේතු සංඛ්‍යාවක් මගින් අප දකින දෙයින් පරාවර්තනය වන සියලු වර්ගවල වර්ණ තොරතුරු විද්‍යුත් සංඥා ලෙස අප මොළයට ළඟා වෙයි. වස්තුවක් මගින් ඒ මතට වැටෙන සුදු ආලෝකයෙන් කොටසක් අවශෝෂණය කරගනියි. එවිට ඉතිරිවන ආලෝකය වර්ණ ලෙස පරාවර්තනය වේ.
මලෙකින් උදාහරණයක්
ඔබ ඉරිඟු මලක් දෙස බලද්දී නිල් වර්ණයන් පෙනෙන්නේ එය වර්ණාවලියේ ඇති රතු කොටස් අවශෝෂණය කරන බැවිනි. නිල් පැහැයෙන් දිස්වන්නේ එම වර්ණය මල ප්‍රතික්ෂේප කළ වර්ණාවලියේ කොටස වන නිසාය.
වර්ණාවලිය් රතු පැහැයට දිගු තරංග ආයාමයක් ඇති නිසා අනෙකුත් වර්ණ සමග සසඳන විට එය අවශෝෂණය සඳහා අවශ්‍ය වන්නේ කුඩා ශක්ති ප්රමාණයකි. ඒ සඳහා අවශ්‍ය අනු නිපදවීමට සංකීර්ණ ශාකවලට නුපුළුවන. ඒ නිසා නිල් මල් නිපදවනු ලබන්නේ ලෝකයේ 300, 000 කට ආසන්න පුෂ්ප සහිත ශාක විශේෂවලින් 10% කට අඩු ප්රමාණයකි.
ඛනිජ ලවණ
ඛනිජ ලවණවල ස්ඵටික ව්‍යූහයන් අයන (ආරෝපිත පරමාණු හෝ අණු) සමග කෙරෙන අන්තර්ක්රියාවලිය්දී වර්ණාවලියේ කුමන කොටස් අවශෝෂණය කරන්නේද කුමන කොටස් පරාවර්තනය කරන්නේද යන්න තීරණය කරයි. මෙම ශක්ති විෂමතාවයන් මත ඒවාායේ වර්ණය තීරණය වෙයි.
නිල් පැහැ සතුන්
සතුන්ගේ නිල් පැහැය රසායනික වර්ණකවලින් නොපැමිණේ. එය භෞතික විද්‍යාව මත රඳා පවතී. උදාහරණ වශයෙන් Morpho ගණයට අයත් නිල් සමනලුන්ගේ පියාපත් මත ඇති සංකීර්ණ නැනෝ ව්‍යූහයන් මගින් සමහර වර්ණ අවලංගු කෙරෙමින් නිල් පමණක් පරාවර්තනය වන පරිදි ආලෝකය හසුරුවයි. කුරුල්ලන් දකින්නේ වෙනස් වර්ණයක් මිනිස් ඇසට ආලෝක සංවේදි ප්‍රතිග්‍රාහක වර්ග තුනක් තිබුණත් පක්ෂීන්ට 4 ක් ඇත. පක්ෂීන් UV වර්ණය පරාවර්තනය කරන නිසා ඔවුන්ට පෙනෙන්නේ අපට පෙනෙන නිල් නොවේ.
පූජනීය වර්ණයක්
නිල් පැහැයේ දුර්ලභත්වය නිසාම එය කලක් තිස්සේ නිල් හින්දු ක්‍රිෂ්ණා දේවතාවිය, මරිය තුමිය සමග සම්බන්ධ උසස් වර්ණයක් ලෙස සැලකුම් ලැබීය. පිකාසෝ, මයිකල් ඇන්ජලෝ වැනි සිත්තරුන් නිල් පැහැයෙන් ප්‍රසිද්ධියට පත් වූහ.
වාග්විද්යාවටත් නිල බලපායි
මෙහි දුර්ලභත්වය නිසාම ව්යවහාරයන්ටත් සම්බන්ධව ඇත. නිල් කරපටි රැකියාව, මුහුණ නිල් වන තුරු කතා කිරීම, නිල් ඉරි ගසා දිව්රීම ආදී ව්‍යාකූල ඉංග්‍රීසි භාවිත දුසිම් ගණනක් ඇත.
www.livescience.com ඇසුරෙන්
සුනිල් අල්ගම ✍️