බොහෝ දෙනා කඳුළ දෙස බැලීමට පුරුදු වී සිටින්නේ වපර ඇසකිනි. එහෙත් කඳුළ අප චිත්තවේගීය හැඟීම් පිටකිරීමට මෙන්ම පෙනීම උදෙසාද කරන්නේ සුවිශේෂී කාර්යභාරයකි. කඳුළ ගැන නිසි අවධානය යොමුකිරීම ජීවිතයට නැතිවම බැරි දෙයකි.
කඳුළු පටලය Tear Film
අපගේ ඇස්වල චලනය පහසු කිරීමටත් තෙතමනය රඳවා තැබීමටත් උපකාරීවන සංකීර්ණ යාන්ත්රණයට උරදෙන්නේ කඳුළු පටලයයි. ජලය, තෙල් සහ ශ්ලේෂ්මල මිශ්‍රණයක් වන මින් ඇස්වල සම්පූර්ණ මතුපිටම ආවරණය කරමින් පාරිසරික වෙනස්වීම්වලින් සහ ආසාදනවලින් ඇස් ආරක්ෂා කරයි. පැහැදිලි දසුනක් ලබාදීම සඳහා ආලෝකය ඇසේ දෘශ්ටිවිතානය වෙත ළඟාවේ. කඳුළු පටලය මඟින් ඇස් පිරිසිදු කරමින් අක්ෂි පෘෂ්ඨය සුමටව පවත්වා ගැනීමට උදව් කරයි. කඳුළු පටලයේ ස්ථර තුනකි.
The lipid layer ලිපිඩ ස්ථරය
මෙය පිටතින්ම පිහිටා ඇති අතර ජලීය ස්ථරයේ වාෂ්පීකරණය වළක්වා එය සුමටව පවත්වා ගැනීමට ආධාර වන තුනී තෙල් පටලයකින් එය සමන්විතය.
The aqueous layer ජලීය ස්ථරය
මැද ස්ථරය වන මෙය මූලික වශයෙන් ජලය සහ ඉලෙක්ට්රෝලයිටවලින් සමන්විත වන අතර එය කෝනියාවට අවශ්‍ය තෙතමනය සහ පෝෂ්‍ය පදාර්ථ ලබාදෙමින් එහි සෞඛ්‍ය පවත්වා ගනියි.
The mucin layer
ඇලෙන සුළු දුස්ස්රාවී ද්‍රව්‍යයක් වන මෙය අභ්‍යන්තර ස්ථරයයි. තෙතමනය පවත්වාගැනීමේ ගුණය වැඩිදියුණු කරමින් ඇසිපිය හෙළන විට ඝර්ෂණය අඩුකිරීම මෙහි කටයුත්තයි.
රෝගාබාධ
අක්ෂි පටලයේ අසමතුලිතතාවන් නිසා ඇස් දැවිල්ල සහ වේදනාව, රළු බව සහ කැසීම, ඇසේ කෙඳි සහිත ජලය පිරුණු ස්වභාවය, ඇස් රත්පැහැ ගැනීම, බොඳ වී පෙනීම, ආලෝකය දරාගැනීමට අපහසු වීම, ඇස් කණ්ණාඩිය පැළඳ සිටීම අපහසුවීම ආදී රෝග ලක්ෂණ ඇතිවිය හැකිය.
වියළි ඇස
ඇහි පිහාටුවල ඇති lacrimal gland ලැක්රිමල් ග්‍රන්ථිය මගින් කඳුළු පටලයේ මැද ජලීය් ස්ථරය නිපදවන නමුත් Sjögren’s disease, හෙවත් autoimmune ස්වයං ප්‍රතිශක්තිකරණ නිසා ඇතිවන රූමැටොයිඩ් ආතරයිටිස් හෝ බහු ස්ක්ලේරෝසිස් ආදී ආබාධ, කාන්තාවන්ගේ හෝමෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාරය (Hormone replacement therapy)” Blepharitis ඇහි පිහාටු ආබාධය, Seborrheic dermatitis හිස් කබලේ සම නිසා ඇතිවන ආබාධ, විෂාදය ආදී රෝගාබාධ සඳහා ගන්නා ඖෂධ ඇස්වල දැවිල්ල සහ කඳුළු නිෂ්පාදනය අඩුවීම සඳහා ඇතිවිය හැකියි Evaporative Dry Eye වාෂ්පීකරණ වියළි ඇස මෙය වියළි ඇසේ වඩාත් සුලබ අවස්ථාවයි. කඳුළු පටලයේ ලිපිඩ ස්ථරයට හානිවීම මෙයට හේතුවයි. එසේම Meibomian ග්‍රන්ථි මගින් නිපදවන තෙල් ප්‍රමාණවත් නොවීමද ඊට හේතුවේ. ඒ හැරුණුකොට දුම්, සුළඟ, වායුසමීකරණ, දිගු වේලා තිරමත නෙත් රැඳවීම, අධික අක්ෂි කාච භාවිතයද බලපාය.
කඳුළු පටලය රැකගන්න
පාරිසරික ආබාධවලට ගොදුරු වීමෙන් වළකින්න. අපහසුතාවක් දුටු වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවෙන්න.
higginsvisioncare.com ඇසුරෙන්
සුනිල් අල්ගම ✍️