රාජධානියේ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ බෝවන රෝග සහ ගෝලීය සෞඛ්‍ය අංශයෙන් පණිවිඩයක්
බොහෝ දෙනා ප්ර්රීතිමත්ව විවේකය ගෙවන්නේ ඇඳක යැයි කිවහොත් එය වැරදි නැත. ඉතාම සරලව කිවහොත් අපගේ දෛනික ජීවිතයෙන් තුනෙන් එකක කාලයක් ඇඳක් මත ගෙවනවා කිවහොත් එය නිවරැදිය. නිවාඩු සති අන්තයක් උදා වෙන තෙක් ඔබ දින ගනින්නේ වැඩි කාලයක් ඇඳක් මතට වී ගෙවීමට නොවේද…?
ඇඳට පෙම් කරන ආගන්තුකයෝද සිටිනවා…
කොටින්ම කිවහොත් ඔබ නොදැනුවත්ම ඔබේ ඇඳ ඇතිරිල්ල මත බැක්ටීරියා, දිලීර, මයිටාවන් සහ වෛරස මිලියන ගණනක් ජීවත් වෙනවා. ඔබේ දහඩිය, කෙළ සහ මියගිය සමේ සෛල මෙම මයිටාවන්ට ඉතා හොඳ වාසස්ථානයක් සපයා තිබෙනවා 2013 වසරේදී ප්‍රංශයේ පාස්චර් ඩි ලිල්ලා ආයතනයේ පර්යේෂකයන් විසින් සිදු කරන ලද අධ්‍යනයක් මගින් පෙන්වා දෙන අන්දමට අපි පාවිච්චි කරන අපිරිසිදු ඇඳ ඇතිරිල්ලක Staphylococcus වර්ගයේ බැක්ටීරියාවන්ට හොඳ පරිසරයක්.
මෙම බැක්ටීරියාවන් මගින් සමේ ආසාදන, කුරුලෑ ඇති කිරීම වගේම නියුමෝනියා රෝගීන්ගේ ප්‍රතිශක්තිය පවා දුර්වල කිරීමට තරම් ප්‍රබල හැකියාවකින් යුක්ත බව වෙස්ට්මිනිස්ටර් විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍ර ජීව විද්‍යාඥ මහල් මොහමඩ් සඳහන් කර තිබේ.
මෙම බැක්ටීරියාවන් හානිදායක නොවන බැව් සැබෑ වුවත් යම් ලෙසකින් මෙම බැක්ටීරියාවන් විවෘත තුවාලයක් මගින් ශරීරයට ඇතුලු වුවහොත් ඒවා බරපතළ රෝග තත්ත්වයන්ට හේතු විය හැකියි. ඒ නිසාම බොහෝ ආරෝග්‍යශාලාවන්හි රෝගීන්ගේ ඇඳ ඇතිරිලි ඉතා ඉහළ උෂ්ණත්වයකින් සෝදනු ලැබේ.
පිරිසිදු නොකරන ලද ඇඳ ඇතිරිලි පාවිච්චි කිරීම නිසා මුත්‍රා ආසාදන, නිව්මෝනියාව, පාචනය, මොළේ උණ සහ ලේ විෂ වීමට හේතුවන ව්‍යාධිජනක බැක්ටීරියාවන් මෙන්ම බැක්ටීරියාවන්ද පවතින බැව් 2018 වසරේදී නයිජිරියාවේ ඉබදාන් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් විසින් සඳහන් කරනවා. 2022 වසරේදී මන්කිපොක්ස් රෝග තත්ත්වය නිසා රෝහල්ගත වුණ රෝගීන්ගේ කාමරවලින් සාම්පල එකතු කර ගැනීමෙන් තවත් අධ්‍යනයක් සිදු කරනු ලැබුවා.
එහිදී පෙනී ගියේ ඇඳ ඇතිරිළි මාරු කිරීමේදී මෙම වෛරස අංශු වාතයට එකතුවීමේ අවදානමක් පවතින බවයි. එක්සත් රාජධානියේ සෞඛ්‍ය සේවකයෙකු පවා මෙම ඇතිරිලි මාරු කිරීමේදී වෛරසයට නිරාවරණය වී රෝගය උත්සන්න වී අසාධ්‍ය වූ බවත් මෙම පර්යේෂකයන් විසින් සඳහන් කරනවා. දියුණු රටවල පවා අවම වශයෙන් මෙම වෛරසයේ සම්ප්‍රේෂණය සීමා කිරීමට දැඩි ක්‍රියාපටිපාටියක් පනවා තිබෙනවා.
ලිනන් රෙදිවල වැඩියි…
සෞඛ්‍ය සම්පන්න පුද්ගලයින්ගේ ඇඳ ඇතිරිළිවලට වඩා රෝහල්වල ලිනන් රෙදිවල ව්‍යාධිජනක බැක්ටීරියා සොයා ගැනීමට වැඩි හැකියාවක් තිබේ. ඒ නිසා රෝහල්වල රෙදි සේදීමේදී බැක්ටීරියා වැඩි ප්‍රමාණයක් විනාශ විය හැකි පරිදි දැඩි උෂ්ණත්වයක් යටතේ සේදීමේ කටයුතු සිදු කරන බැව් එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ බෝවන රෝග සහ ගෝලීය සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය ඩේවිඩ් ඩෙනින් සඳහන් කරනවා.
නමුත් මේ අන්දමින්ම දැඩි උණුසුමකින් රෙදි සෝදනු ලබන C.difficile බැක්ටීරියා අඩක්ම විනාශ වුණත්, බීජාණු විනාශ කිරීමට අපහසු බැව් මහාචාර්ය ඩේවිඩ් සඳහන් කරනවා. ඒ අනුව එක්සත් රාජධානිය තුළ බැක්ටීරියා සහ වෛරස් සම්ප්‍රේෂණයවීමේ අවදානම ඉතා අඩු මට්ටමක පවත්වා ගත හැකි බව ඔවුන් කියනවා.
නිවසක ඇඳ ඇතිරිළි ගැන…
සතියක් කොට්ට උරයක් නොසෝදා පාවිච්චි කිරීමෙන් කොට්ට උරයේ වර්ග අඟලක බැක්ටීරියා මිලියන තුනකට ආසන්න ප්‍රමාණයක් ජීවත් වුණ බවත් එය වැසිකිළි ආසනයකට වඩා 17, 000 ක ගුණයකින් ඉහළ බවත් 2013 වසරේදී ඇමරිකානු ඇඳන් විකිණීමේ සමාගමක් වන Amerisleep ආයතනය විසින් පෙන්වා දී තිබෙනවා.
කොට්ට උරවලට දිලීර ඇති වෙන්නේ කොහොමද…?
අපි නිදා ගත් විට හිසට දහඩිය දැමීමක් සිදු වෙනවා. හැම ඇඳකම වාගේ දූවිලි මයිටාවන් ජීවත් වෙන අතර මයිටාවන්ගේ මලපහ දිලීරවලට ජීවත් වීමට ආාහර සපයනවා. ඒ වගේම අපේ හිස කොට්ටටයට තබා ගත් හැම මොහොතකම කොට්ටය උණුසුම් වෙනවා. කොට්ට උරය නොසෝදා පාවිච්චි කරන විට දිලීර නොමැරී ජීවත් වීම පමණක් නොව, ඇතිරිලි ගසන විට නිදන කාමරයට දිලීර බීජාණු නිකුත් වෙනවා. අපි කොට්ට උර සෝදනු ලැබුවත් ඒවා සෙල්සියස් අංශක 50 ක (122F) උෂ්ණත්වයක් දක්වා දිලීරවලට නොනැසී ජීවත් වීමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම තෙතමනය ලද විටෙක මෙම දිලීර තව දුරටත් වර්ධනය වෙනවා.
ඇතිරිළි මැදීමෙන්…
අපි නිදා ගන්නා කොට්ටය අපේ මුඛයට සමීපයි. ඒ වගේම වැඩි කාලයක් නිදා ගන්නා විට මෙම දිලීරස මග ඇති සමීප සම්බන්ධතාවය වැඩි වෙනවා. ඒ නිසා සයිනසයිටිස්, ඇදුම වැනි ශ්වසන ආබාධ සහිත රෝගීන් මේ ගැන වැඩි අවධානයක් දැක්වීම වැදගත්. උග්‍ර ක්ෂය රෝග තත්ත්වය ඇති රෝගීන් සඳහා Aspergillus fumigatus ආසාත්මිකතාවයක් දක්වනවා.
මීට පෙරාතුව ක්ෂය රෝග තත්ත්වයෙන් හෝ දුම්පානය සම්බන්ධ පෙනහලු රෝග තත්ත්වයෙන් පසු වුණ පුද්ගලයන් මෙම දිලීරවලට නිරාවරණය වීම නිසා නිදන්ගත පෙනහලු රෝගවලට පත්වුණා. එමෙන්ම සෞඛ්‍ය සම්පන්න ප්‍රතිශක්තියක් ඇති පුද්ගලයන්ගෙන් 99.9 % ක් පමණ දෙනා වුණත් A. fumigatus දිලීර බිජාණු ආශ්වාස කිරීම මගින් ආසාත්මිකතාවයන්ට පත් වීමටත් ඉඩක් ලැබෙන බැව් ඩෙනින් සඳහන් කරනවා.
ඒ වගේම ඔබ ලියුකිමියාව හෝ අවයව බද්ධ කර තිබේ නම් හෝ කොවිඩ් ආසාදිත හෝ ඉන්ෆුලුවන්සා රෝගියෙකු නම් මෙම දිලීරයන්ට නිරාවරණයවීම මගින් Aspergillosis හැඳින්වෙන ආක්‍රමණශීලී දිලීර ආසාදන තත්ත්වයට පත් විය හැකි බවත් සඳහන් කළ යුතුයි.
ඒ නිසා මෙවැනි රෝග තත්ත්වයන්ගෙන් පසු වෙන රෝගීන් මාස තුනකට හෝ හයකට වරක් අලුතෙන් කොට්ටයක් භාවිත කිරීම වගේම පාවිච්චි කරන ඇඳ ඇතිරිලි හොඳින් සෝදා ගැනීමෙන් පසුව ඒවා මැද ගැනීමෙන් යම් ආරක්ෂාවක් ලබා ගත හැකි බවටත් පර්යේෂකයන් විසින් සමාජය දැනුවත් කරනවා.
බී.බී.සී පුවත් ඇසුරිනි
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️