ඔබේ දරුවගේ මුල්ම ගුරුවරයා ඔබයි කියල එක්වරම ඇහෙද්දි ඔබට මොනවද හිතෙන්නෙ ? සමහරවිට ඔබ හිතන්න පුළුවන් ඔබ දරුවගේ දෙමව්පියන් මිසක් ගුරුවරයෙක් නෙමෙයි කියල. තවත් සමහර වෙලාවට ඔබට ඔබේ දරුවට මව හෝ පියා මිස ගුරුවරයෙක් වෙන්න අවශ්‍යතාවයක් හෝ දැනීමක් නැතුවත් ඇති. ඒත් ඔබ දන්නවද? ඔබ පිළිගන්න කැමති වුණත් නැතත් ඔබේ දරුවගේ පපළමු ගුරුවරයා වෙන්නෙ ඔබම තමයි කියල. අන්න ඒ නිසාම ඔබේ දරුවාගේ දෙමාපියන් වීමේ සහ පළමු ගුරුවරුන් වීමේ වගකීමෙන් මිදෙන්න ඔබට හැකියාවක් නැහැ. ඉතින් අද අපි ඔබට කියල දෙන්න සූදානම් වෙන්නෙ ඔබේ දරුවගේ පළමු ගුරුවරයා වෙන්නෙ කොහොමද සහ ඒ මඟින් ඔබේ දරුවාගේ පෞරුෂය සංවර්ධනය කරන්නෙ f කාහොමද කියන කාරණා ගැන.
දරුවා සමග කතා කරන්න…
දරුවෙක් ඉපදුණු මොහොතෙ ඉඳන්ම දරුවො එක්ක කතා කිරීම ඔබේ දරුවට ලොකු බලපෑමක් ඇති කරන කාරණාවක්. කුඩා ශබ්දවල ඉඳන්ම දරුවා සහ ඔබ අතර වන ශබ්ද සහ වචන ගණුදෙණුව දරුවගෙ භාෂා සංවර්ධනය සඳහා ඉතාම වැදගත් වෙනවා.
ඔබේ දරුවාගේ ලෝකය සමඟ වඩා සමීප දේවල්, ඔබේ නිවසෙ දකින්න ලැබෙන දේවල්, දරුවත් එක්ක වාහනයක ගමන් කරද්දි දරුවට දකින්න ලැබෙන දේවල් වගේම සාප්පු සවාරියකදි දරුවට දකින්න ලැබෙන දේවල්වල නම් දරුවට ඇහෙන විදිහට කියන්න ඔබට පුළුවන්.
ඒ වගේම දරුවාගෙ වචන උච්චාරණය කරද්දී ඒ සඳහා උදව් වීමත් හරිම වැදගත්. ඉතින් හැකි සෑම විටම දරුවාට කතා කිරීමට අවස්ථාවක් හදල දෙන්නත් ඒ සඳහා දරුවාව දිරිමත් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔබ ඔබේ දරුවාගෙ හොඳ රසිකයෙක් සහ ඔබේ දරුවාට හොඳ සවන්දෙන්නෙකු වීම අනිවාර්ය බව නම් ඔබ මතක තබාගත යුතුමයි.
දරුවා සමග එක්ව පොත් කියවන්න
දරුවත් එක්ක පොතක් කියවද්දි නම් ඔබ තෝරගන්න පොත, පොතේ පින්තූර සහ පොතේ අන්තර්ගතය පිළිබඳ අපි ඉතාම සැළකිලිමත් වෙන්න ඕන. එහිදී පින්තූර පෙන්වමින් දරුවත් එක්ක පොත් කියවද්දි දරුවට පින්තූර, පාට සහ කතාවක ස්වරූපය පිළිබඳ ටිකෙන් ටික අවබෝධ වෙන්න පටන් ගන්නවා.
නමුත් දරුවො එක්ක පොත් කියවද්දි මෙන්න මේ කාරණා පිළිබඳ නම් ඔබ සැළකිලිමත් වෙන්නම ඕන’ දරුවාකැමති පොතක් තෝරා ගන්න, පොතේ මුල පිටුව අමතක කරන්න එපා, පින්තූර විස්තර කරන්න ඒ වගේම, සිදුවීම් සිදුවෙන අනුපිළිවෙල පිළිබඳ අවබෝධයක් ලබාදෙමින් කතන්දර කියවීම හරිම වැදගත්.
හැමවිටම දරුවා සමඟ ආදරය බෙදාගන්න.
සත්තුන්ට ආදරේ කරන්න, ගස්වලට මල්වලට ආදරේ කරන්න දරුවට කියල දෙන්න. සත්තුන්ට හිංසා කරන්න, ගස්වල මල්, අතු කඩන්න දරුවන්ට කියල දෙන්න හෝ දරුවො දිරිමත් කරන්න එපා.
ඒ වගේම තමයි දොරක් අරින් වහන විදිහ, වතුර කරාමයක් අරින වහන විදිහ, සෙල්ලම් බඩු නියමිත තැන තබන විදිහ, දත් මදින විදිහ, අත සෝදන විදිහ වගේ සරල ක්‍රියාකාරකම් කරන්න දරුවොත් සහභාගී කර ගන්න එක හරිම වැදගත්.
දරුවන් අකමැති දේවල් කරන්නත් සහ දරුවො ප්‍රතික්ෂේප කරන පුද්ගලයන් ඇසුරු කරන්නත් දරුවන්ට බල කරන්න එපා. මොකද ඒ නිසා ඔබ සහ දරුවා අතර විශ්වාසය පලුඳු වෙනව වගේම දරුවාගෙ පෞරුෂ සංවර්ධනයටත් දැඩි බාධා ඇතිකරන්නත් හේතුවක් වෙනවා.
දරුවා ඉන්න තැන ඔබ භාවිත කරන වචන ගැන ඔබ වඩා ප්‍රවේශම් සහගත වෙන්නම ඕන. තව කෙනෙක් විවේචනය කරන, තව කෙනෙක්ට බනින, ඊර්ෂ්‍යා සහගත සහ හානිකර වචන දරුවො ඉදිරියෙ කතා කරන්නම එපා.
පාසලට යනතුරු ඔබේ තුරුලෙ හැඳී වැඩෙන ඔබේ දරුවට හොඳ ගුරුවරයෙක් වෙන්නෙ කොහොමද කියල ඔබට වැටහීමක් මේ හරහා ලැබෙන්න ඇති කියල අපි විශ්වාස කරනවා. ඉතින් ඔබේ දරුවාගෙ මුල් ගුරුවරු වෙලා යහපත් වගේම ගුණධර්මයන්ගෙන් පිරුණු පුරවැසියෙක් සමාජගත කරන වගකීම ඇත්තේ ඔබටමයි.
Smart Lady.com ඇසුරෙන්
ටෂ්මි ගමගේ ✍️