උදරයේ ජීවත් වෙන Clostrldoidesdiffcile හෙවත් C. diff යනුවෙන් හැඳින්වෙන රෝග බීජය ඉතාම මාරාන්තිකයි. මෙම රෝග බීජය නිසා වසරකට දහස් ගණනක් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. සමහර අවස්ථාවලදී මෙම රෝග බීජය නිසා අසාධ්‍ය තත්ත්වයට පත් රෝගීන් මරණයට පත් වෙන තරමටම රෝග බීජය දරුණු බව විද්‍යාඥයන් හඳුනාගෙන තිබෙනවා.
එංගලන්තයේ පමණක් වසරකට පුද්ගලයන් 18,000 ක් පමණ දෙනා මෙම රෝග කාරකයට ගොදුරු වෙන අතර සමහර රෝගීන් රෝහල්ගතවත්, තවත් අය නිවෙස්වල රැඳී සිටීමෙන් ප්‍රතිකාර ලබනවා. රෝගීන් හත් දෙනෙකුගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල වීම සහ මරණයට පත් වීමට තරම් සංකුලතාවයන් ඇති කරන අතර වයස්ගත රෝගීන්ට මේ රෝග තත්ත්වයේ බරපතල අවදානමක් තිබෙනවා.
යෝගට් දියර පානයක්…
ප්‍රතිජීවක ඖෂධ මගින් මෙම රෝග C.dif කාරක රෝගීන් සුවපත් වුණත් ඒ වෙනුවෙන් වැඩි කාලයක් ගත වෙනවා. මේ වෙනුවෙන් එන්නතක් යොදා ගත්තද එයින්ද සාර්ථක ප්‍රතිඵල නොලැබෙන බැව් විද්‍යාඥයින් සඳහන් කරනවා.මෙම රෝග තත්ත්වයට විකල්ප ලෙස පෙපර්මින්ට් රසැති දියර යෝගට් පානයක් දැන් හඳුනා ගෙන තිබෙනවා.
එය OraCAB යනුවෙන් නම් කර ඇති අතර මෙම යෝගට් දියර පානය අපට හුරු පුරුදු “ Gaviscon“ ඖෂධයට සමානයි. දැනට බැටළුවන් සම්බන්ධ කර ගෙන මෙම අධ්‍යනය සිදු කර ඇති අතර OraCAB ලබා දුන් බැටළුවන්ට C. diff රෝග කාරකය මර්ධනය කිරීමේ හැකියාව තිබුණා. මෙම පර්යේෂණය ඉදිරියේදී කෙන්යාව සහ ඕස්ට්‍රේලියාව විසින්ද ඉදිරියට ගෙන යෑමට අදහස් කරනවා.
මෙම නවතම යෝගට් දියරය මුල් කර ගත් පර්යේෂණය සාර්ථක වුණොත් ඉදිරි අනාගතයේදී ක්ග C. diff රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර ලබා දීම අපහසු නොවන බව එක්සත් රාජධානියේ සෞඛ්යාරක්ෂිත ඖෂධ නිපදවීම පිළිබඳ ඒජන්සියේ විධායක අධ්යක්ෂ ඉයන් කැමරන් සඳහන් කරනවා. ඒ නිසා මාරාන්තික fරිග බීජයන්ට එරෙහිව යෝගට් දියර පානයෙන් සහනයක් ලබා ගත හැකි දිනය වැඩි ඇතක නොවන බව පර්යේෂකයන්ගේ අදහස වී තිබෙනවා.
මේල් ඔන් ලයින් ඇසුරින්
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️