2020 දෙසැම්බර් මාසයේදී ප්රිත් ඉන්දර් සිං රුධිර (Non-Hodgkin.s Lymphoma පිළිකාවකින් පසුවන බවට වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු විය. මේ නිසා ඔහුට කිමෝ තෙරපි ප්‍රතිකාර ලබා දීමට පෙරාතුව ඔහුගේ ශුක්‍රාණු ගබඩා කිරීමට දිල්ලියේ ගංගාරාම් රෝහලෙන් උපදෙස් ලබා දෙන ලදී.
ශුක්‍රාණු ගබඩා කිරීමට උපදෙස් ලැබුනේ ඇයි…?
කිමෝ තෙරපි ප්‍රතිකාර ලබාදීමෙන් පසුව ඉන්දිර්ගේ ශුක්‍රාණුවල ගුණාත්මක බවට බලපෑමක් ඇති වෙන නිසා පසු කාලයකදී ඔහුට දරුවන් ලබා ගැනීමට අවස්ථාවක් සලසා දෙනු පිණිස රෝහලෙන් මෙම උපදෙස් ලබාදෙන ලදී. නමුත් ඉන්දිර්ට පියෙකු වීමේ වාසනාව ලැබුණේ නැත. ඔහු අවිවාහකව මිය ගියෙන් ඔහුගේ මව්පියන්ට ඉන්දිර්ගේ ශුක්‍රාණුවලින් මුණුපුරෙකු දැකීමේ අවශ්‍යතාවයක් ඇති විය.
ඒ නිසා තම පුතුගේ ශුක්‍රාණු මගින් දරුවෙකු ලබා ගැනීමට ඇති අවශ්‍යතාවය නිසා ඉන්දිර්ගේ ශුක්‍රාණු ඉල්ලා සිටියත් රෝහල විසින් ඒවා ලබා දීම ප්රතික්ෂෙප කරන ලදී. මේ වෙනුවෙන් ඉන්දිර්ගේ මව්පියන් විසින් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරන ලදී.
මරණයෙන් පසුව ප්‍රජනන අයිතිය…
යම් පුද්ගලයෙකුගේ මරණයෙන් පසුව ප්‍රජනනය සම්බන්ධයෙන් අන්තර්ජාතික එකගත්වයක් නොමැති වුණත් ඉන්දියානු නීතිය යටතේ ශුක්‍රාණු හිමිකරුවා විසින් අවසරය ලබාදී තිබේ නම් මරණයෙන් පසුව ප්‍රජනනය වෙනුවෙන් අයිතියක් තමන්ට ඇති බැව් ඉන්දිර්ගේ මව්පියන් ඉදිරිපත් කරන තර්කය වී තිබේ. එමෙන්ම තම පුතුගේ ශුක්‍රාණු සාම්පලය යොදා ගෙන උපත ලබන ඕනෑම දරුවෙකු ඔවුන් හදා වඩා ගන්නා බවත් එසේම ඒ දරුවා මරණයට පත් වුවොත් සම්පූර්ණ වගකීම භාරගන්නා බවටත් ඉන්දිර්ගේ සහෝදරියන් විසින් අධිකරනයේදි ප්‍රතිඥා දී තිබේ.
මේ අන්දමින් තම පුත්‍රයාගේ ශුක්‍රාණු යොදා ගෙන දරුවෙකු බිහි කිරීමෙන් පුත්‍රයාගේ උරුමය සහ පෙළපත් නාමට අඛණ්ඩව පවත්වා ගෙන යාහැකි බව ඔවුන්ගේ අදහස වී තිබේ. ඒ වගේම ඉන්දීර් අවිවාහකව මියගිය බැවින් මෙම ශුක්‍රාණු සාම්පලයට සම්පූර්ණ හිමිකම ඇති බවට ඔහුගේ මව්පියන් තර්ක කරති. ඒ වගේම දායක මව ලෙසින් තම පවුලේම අයෙකු තෝරා ගන්නා අතර එය සම්පූර්ණයෙන්ම රහසක් ලෙසින් තබා ගැනීමට ඔවුන් සූදානම් බවත් ඉන්දීර්ගේ මව වන කෞර් සඳහන් කර සිටියාය. එහෙත් වාණිජ ආදේශකයෙක් වීමට ඉන්දියානු නීතිය යටතේ අවසරයක් නොමැති බැව් සුරුචි අග්‍රවාල් සඳහන් කළාය.
පූර්වාදර්ශ තිබේ…
මෙවැනි නඩු දුර්ලභ වුණත් මීට පෙරාතුවද මියගිය පුද්ගලයන්ගේ ශුක්‍රාණු යොදා ගෙන දරුවන් බිහි කළ අවස්ථාවන් ගැන වාර්තා තිබේ. බටහිර ඉන්දියාවේ පුනේ නගරයේ ජීවත් වුණ කාන්තාවක විසින් ජර්මනියේදී මියගිය ඇගේ 27 හැවිරිදි පුතුගේ ශුක්‍රාණු යොදා ගෙන 2018 වසරේදී නිවුන් දරුවන් බිහි කළාය.
ජර්මනියේ රෝහල විසින් කිසිදු විරෝධතාවයක් නොමැතිව මෙම පුද්ගලයාගේ ශුක්‍රාණු තැන්පතුව ඔහුගේ මවට භාර දෙන ලදී. හිම මත ලිස්සා යෑමේ ක්‍රිඩාවක නිරත ක්‍රිඩකයෙක අනතුරකට පත්ව 2019 වසරේදී මිය ගිය අතර නිව්යෝක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුගේ ශුක්‍රණු සාම්පලය දෙමව්පියන්ට ලබාදෙන ලදී. 19 හැවිරිදි සොල්දාදුවෙක් ගාසා තීරයේදී මරණයට පත් වුණ අතර 2002 වසරේදී ඔහුගේ ශූක්රාණු සාම්පලය මව්පියන්ට ලබා දී තිබේ.
ප්රතික්ෂෙපවීමට හේතුව…
මියගිය අයෙකුගේ ශුක්‍රාණු යොදා ගෙන දරුවෙකු බිහි කිරීමේ අයිතියක් ඇත්නම් සහ මීට පෙරාතුව එවැනි සිදුවීම් වාර්තා වෙනවා නම් ඉන්දීර්ගේ මව්පියන්ට තම පුතුගේ ශුක්‍රාණු සාම්පලය ලබා දීම ප්රතික්ෂෙප වුයේ ඇයි…? සුරුචි අග්‍රවාල් මේ පිළිබඳව මෙසේ අදහස් දක්වා ඇත. එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, චෙක් ජනරජය සහ තවත් රටවල් විසින් ලිකිත අනුමැතියක් සහිතව යම් පුද්ගලයෙකුගේ මරණයෙන් පසුව ප්‍රජනනයට අයිතිය ලබා දී තිබේ.
නමුත් ඕස්ට්‍රේලියාව විසින් පුද්ගලයෙකුගේ මරණයෙන් පසුව ඔහුගේ ශුක්‍රාණු යොදා ගෙන ප්‍රජනන කටයුතු කිරීමට නම් වසරක කාලයක් ගත විය යුතු බවට නීතියක් පනවා ඇත. ශ්‍රි ලංකාව, නේපාලය, භුතානය, බංගලාදේශය, ඉන්දියාව වැනි දකුණු ආසියානු රටවල මේ සඳහා මාර්ගෝපදේශ නොමැති අතර ඉතාලිය, ස්විඩනය, ස්විස්ටර්ලන්තය, ප්‍රංශය, මැලේසියාව, පකිස්ථානය, හහංගේරියාව සහ ස්ලෝවේනියාව වැනි රටවල් විසින් මරණයෙන් පසුව ප්‍රජනනය තහනම් කර තිබේ.
නීති තිබුණත් නඩු මාර්ගයට පිවිසීම…
මරණයෙන් පසුව ප්‍රජනනයට නීති ඇති රටවල් පවා මේ වෙනුවෙන් නීති මාර්ගයට පිවිසි ඇති බවටත් වාර්තාවන් තිබේ. ඊශ්‍රායලයේ බොහෝ මව්පියන් මියගිය පිරිමි දරුවන්ගේ ශුක්‍රාණු සොයන අතර රුසියාව හා යුක්ක්‍රේන ගැටුම නිසා යුක්රේනයේ සොල්දාදුවන්ට තමන්ගේ ශුක්‍රාණු සංරක්ෂණයට නොමිලයේ අවස්ථාව ලබාදී තිබේ.
ඉන්දියාවේ ගංගාරාම් රෝහල සඳහන් කරන්නේ පිරිමියෙකුගේ සංරක්ෂණය කරන ලද ශුක්‍රාණු ඔහුගේ බිරිඳට පමණක් ලබා දීමට අවසරය ඇති බවයි. මව්පියන්ට හෝ ඔහුගේ නීතයානුකුල උරුමක්කරුවන්ට මියගිය පුද්ගලයාගේ ශුක්‍රාණු නිකුත් කිරීම ගැන පැහැදිලි නීති හෝ මාර්ගෝපදේශ නොමැති බවට ඉන්දීය අධිකරණය පෙන්වා ඇත.
ඉන්දියාවේ ආදේශක දරු උපත් නීතිය අනුව මියගිය පුද්ගලයෙකුගේ ශුක්‍රාණු ලබා දෙන්නේ දරුවන් නොමැති අඹු සැමියන්ට හෝ කාන්තාවකට පමණි. ඒ හැර මෙම ශුක්‍රාණු යොදා ගෙන මුණුපුරන් ලබාදීමේ ප්‍රතිපාදන නීතිය මගින් ලබා දී නැත. 2021 වසරේදී ඉන්දීයාවේ ප්‍රජනන සහය පනත මගින් තනි පුද්ගලයෙකුට ආදේශන ක්‍රම මගින් දරුවන් ලැබීම තහනම් කර තිබේ. ඉන්දීර් අවිවාහකය. තමාගේ ශුක්‍රාණු භාවිත කිරීමට ලිඛිත හෝ වාචික අවසරයක් ලබාදී නොමැති අතර ඔහුගේ ආකෘති පත්‍රයේ සඳහන්ව ඇති පරිදි මෙම ශුක්‍රාණු භාවිත කිරීම අභ්‍යන්තර සංසේචන කටයුතු සඳහා පමණක් බව එම ආකෘති පත්‍රයේ සඳහන් වී ඇත.
එහෙත් මානුෂීය හේතූන් අනුව බලන විට ඉන්දීර් අවිවාහකව මිය ගිය බව ඇත්ත. නමුත් දරුවෙකු බිහි කිරීමේ සිහිනයක් ඔහුට තිබුණි. ඒ වෙනුවෙන් තමාගේ ශුක්‍රාණු සාම්පලය සංරක්ෂණය කරන ලදී. ශුක්‍රාණුවක් යනු ජානමය සහ සංස්ථාපිත දේපලක්. ඒ නිසා මව්පියන්ටත් එහි අවසරයක් ඇති බවට තර්ක ඉදිරිපත් වී ඇත. ඉන්දිර්ගේ මව මේ ගැන අදහස් දක්වමින් කියා සිටින්නේ… අපේ පුතා නැවත අප අතරට රැගෙන එන්න පුළුවන් දිනයක් අපට ලැබේවි. එය බලාපොරොත්තුවේ ආලෝකයක්. මගේ පුතුට ඉෂ්ට කර ගත නොහැකි ආශාවන් දැන් මට ඉෂ්ට කරන්න පුළුවන්… මම හැමදාම යාඥා කරනවා.
බී.බී.සී පුවත් ඇසුරිනි
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️