සමහර අයට මදුරුවන්ගෙන් සිදු වෙන දෂ්ට කිරීම වැඩියි. ඒ වගේම තවත් අයට මදුරුවන්ගේ දෂ්ටනය ඒ ස්ථානයේම සිටින මදුරුවන්ගෙන් හිරිහැර වෙන පුද්ගලයෙකුට සාපේක්ෂව අඩුයි. ඇත්තටම මේ විදිහට මදුරුවන් පංගු පේරුවට දෂ්ට කරන්නේ ඇයි?
මදුරුවන් ආකර්ශනය වෙන සාධක මොනවාද…?
මදුරුවන් දෂ්ට කිරීමට බලපාන හේතු කීපයක් මේ වෙන විටත් විද්‍යාඥයන් විසින් හඳුනා ගෙන තිබෙනවා. මේ වෙන විටත් ඒ ගැන ඔබ දන්නවා ඇති…
ඔබේ ශ්වසන වායුව දහඩිය සමේ උෂ්ණත්වය නමුත් ඇමරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් 2022 වසරේදී මදුරුවන් ආකර්ශනය වන වර්ණ හඳුනා ගැනීම පිළිබඳ අධ්‍යනයක් සිදු කරනු ලැබුවා.
මෙම අධ්‍යනය සඳහා වොෂිංටන් විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා අංශයේ ජෙෆ්රි රයිෆල් ඇතුලු පර්යේෂකයන් පිරිසක් සහභාගී වුණා. මේ සඳහා වූ නියැඳිය වශයෙන් ඩෙංගු, කහ උණ සහ චිකන් ගුන්යා වැනි මාරාන්තික රෝග බෝ කරන ඊඩිස් ඊජිප්ටයි වර්ගයේ ගැහැණු මදුරුවන්ගේ චර්යාවන් ගැන අධ්‍යනය කළා. මෙම මදුරුවන්ගේ ගැහැණු සතුන් බිත්තර දමන කාලයට ලේ උරා බොන විශේෂයක්.
මේ පර්යේෂකයන් විසින් පරීක්ෂණ කුටිරයක විවිධ සුවඳ, වර්ණ සහිත තිත්, විවිධ රූප රටා, විවිධ වර්ණ සහ මිනිස් අත් ඉදිරිපත් කළා. ඒ අතර පර්යේෂකයන් විසින් කුටිරයේ අඩියේ තිබුණ තිතක් වෙතට කාබන්ඩයොක්සයිඩ් වායුව මිශ්‍ර කළා.
ඒ සමග මදුරුවන් රතු, තැඹිලි, කළු සහ මොනර නිල් (cyan) පැහැති වර්ණ තිත් වෙතට පියඹා ගියා. නමුත් ඔවුන් නිල් කොළ, සුදු සහ දම් වර්ණ තිත් වෙතට පියඹා ගියේ නැහැ. අපි යම් සුවඳක් හඳුනා ගන්නා සේම අපේ කාබන්ඩයොක්සයිඩ් හෙවත් ප්‍රශ්වාස වායුව සමග දෘශ්‍ය වර්ණාවලියේ තරංග ආයාමයන් ඔවුන්ගේ ඇස විසින් හඳුනා ගන්නවා.
රතු පාටට ආකර්ශනය වෙන්නේ ඇයි?
ඒ වගේම අපේ සමේ වර්ණය කුමක් වුණත් හැම දෙනාගේම සමෙන් රතු සංඥා නිකුත් වෙනවා. මදුරුවන් මේ රතු වර්ණයට ආකර්ශනය වෙනවා වගේම අපි රතු ඇඳුමක් ඇඳගත් විට මදුරුවන්ගේ ආකර්ශනය වැඩි වෙන්නත් පුළුවනි.
ඒ විතරක් නොවෙයි, රතු, තැඹිලි සහ කළු සහ මොනර නිල් පැහැති වර්ණ ඇඳුම් ඇඳීම ඇඳීම අත්හැරියොත් මදුරු ගහණය වැඩි කාලවලදී දෂ්ටනයෙන් බේරෙන්නත් පුළුවන් බව මෙම අධ්‍යන වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.
pestcontrol. com ඇසුරෙන්
පුන්‍යා චාන්දනී ද සිල්වා