මිනිස්සුන්ගෙ තියෙනවා තමන්ට උපතින්ම උරුම තමන්ගෙකමක්. ඒක තමන්ට ආසන්නම පරිමාවෙන් පටන්ගෙන ටික ටික පරිමාව ලොකු වෙන්නේ කාලයට වගේම සිදුවීමට අදාළව.
ගෙදර මොනව හරි අවුලක් ආවොත් මිනිස්සු හිටගන්නෙ තමන් කේන්ද්‍ර කරගෙන. එහා ගෙදර එක්ක වලියක් ආවොත් මිනිස්සු හිටගන්නෙ තමන්ගෙ ගෙදර කේන්ද්‍ර කරගෙන. එහා ගම එක්ක වලියක් ආවොත් මිනිස්සු හිටගන්නෙ තමන්ගෙ ගම කේන්ද්‍ර කරගෙන. ඉස්කෝල ගැන අවුලක් ආවොත් මිනිස්සු හිටගන්නෙ තමන්ගෙ ඉස්කෝලෙ කේන්ද්‍ර කරගෙන. බිග් මැච් කාලෙට බුකියෙ නටන්නෙ වගේම රට ඉන්න උන් පවා බිග් මැච් එකට ඒ රටේ ඉදගෙන නටන්නෙ මේ නිසා. මේ විදියට ගෙදර, පාසල, ගම, නගරය, දිස්ත්‍රික්කය, පළාත වගේම රට කේන්ද්‍ර කරගෙන මිනිස්සු හිටගන්නවා. මේ ළඟදි අපේ ටවුමෙ කෙල්ලෙක්ගේ කවි පොතක් එළියට දාන දවසෙ මටත් කතාවක් කරන්න ලැබුණා. මමත් උඩ පැනගෙන කතාකළේ අපේ නගරෙ එකී පොතක් ලිව්වම මට තියෙන ආතල් එක ගැන. අපේ නගරෙ උපන් මිනිස්සු ලියපු කවි ගැන, පොත් ගැන, නිර්මාණ ගැන පවා මම උජාරුවෙන් කතාකළා. අපි මාර නොස්ටැල්ජියානු ආතල් එකක් ගත්තා.සමහර වෙලාවට රටෙනුත් එහාට ගිහින් තමන්ගෙ රට තියෙන මහද්වීපය ලොකු වෙනවා.
පාර්ලිමේන්තු ජන්දෙ කරමුලට ඇවිත් තියෙන වෙලාවක හැම අපේක්ෂකයෙක්ම විකුණන්නෙ මේ තමන්ගෙ කම කියල හොදටම පේනවා. අපේ මිනිහ, අපේ එකා, ගෙදර ආව එකා, රස්සාව දුන්න මිනිහ විදියටයි ජන්දෙ වෙලාවට අපේකම ගෙතෙන්නේ. මම කියන්නෙ ගම, රට ලොකුවෙන කතාව නෙවෙයි.
රිෂී සුනොක් එංගලන්තෙ අගමැති වුණ වෙලාවෙ අපේ මිනිස්සු මාර ආතල් එකක් ගත්තෙ රිශිට ආසියානු සම්භවයක් තියෙනව කියලා. හින්දු ආගමික සුනොක්, කොවිඩ් වෙලාවෙ එංගලන්තෙ පාරවල්වල පහන් පත්තුකළ වැඩේ අපේ බෞද්ධ මිනිස්සු පවා උජාරුවෙන් කියෙව්වා. අපේ අයට ආසියාව ලොකුවුණා.
මේ පාර ඇමරිකානු ජන්දෙ වෙලාවෙත් අපේ සමහර අය කට මැදගෙන ඉන්නෙ කමලා දිනයි කියලා. ඒකට හේතුව කමලාට තියෙන ඉන්දියානු නෑකම. කමලා කවුද මොනවාද කරන්න පුළුවන් මොනවාද එයාගෙ ප්‍රතිපත්ති එයා දිනුවොත් අපට මොනවාද වෙන්නෙ කියන මුකුත්ම නොදැන සමහර අපේ අය මග බලන් ඉන්නෙ කමලා දිනනතුරු.
කමලා දිනනතුරු බලා ඉන්නව කියන්නෙ අපේ මිනිස්සුන්ට උපතින්ම උරුම අපේකම දිනනතුරු බලාසිටීමේ අපේක්ෂාව. අපේක්ෂා කියන්නෙ කෙටිකාලීන ආතල් එකක්.අපේක්ෂා ඉෂ්ඨ වෙනව කියන්නෙත් කිසියම් කාලයකට ආතල් එකක්.
බලන් ඉමු…
නුවන් ගම්මම්පිල