නිවාසයක් සැලසුම් කිරීම යනු අලංකාරය, තාක්ෂණය සහ වාස්තු ශාස්ත්‍රය යන මේ සියල්ලම තුලනාත්මකව සංකලනය වූ ක්‍රියාවලියකි.
මෙහිදී හිසට වහලක් යන නමින් ව්‍යවහාරයේ භාවිත වන නිවස යන ස්ථානය ඕනෑම පුද්ගලයකුට තම ජීවිතයේ ඇති සුන්දරම ස්ථානය විය යුතුය. එමෙන්ම අව් වැසි ආදී ස්වභාවික උවදුරුවලින් මෙන්ම අනෙකුත් උවදුරුවලින් ආරක්ෂා වීමටත් තම නිවස සුදුසුම ස්ථානය වනවා සේම එය සුන්දර ආකාරයට ඉදිකර ගැනීම අනිවාර්යෙන්ම කළ යුතුය.
මේ සඳහා නිවැරදිව වාස්තු ශාස්ත්‍රානුකූලව සැලසුම් කළ නිවාස සැලසුමක් තිබීම වැදගත්ම සාධකය වේ. මන්දයත් පඨවි, ආපෝ, තේජෝ, වායෝ සහ ආකාශ යන පංච මහා භූත යන සිද්ධාන්තයන්ට ගැළපෙන පරිදි එම නිවාස සැලසුම නිර්මාණය කළ යුතුය. එමෙන්ම අනෙකුත් වාස්තු ශාස්ත්‍රීය සිද්ධාන්ත හා සංකල්ප මෙම නිවාස සැලසුම් නිර්මාණය කිරීම සඳහා යොදා ගත යුතුය.
තවද නිවසේ අලංකාරත්වය පිළිබඳව ද අවධානය යොමු කළ යුතු අතර එම නිවාස සැලසුමට අනුව භූමිය මත නිවස ඉදිකිරීමේදී ප්‍රායෝගිකව ඇතිවන ගැටලුකාරී තත්ත්වයන් නැතිව හෝ ඉතාම අවම වන පරිදි එම නිවාස සැලසුම නිර්මාණය කරගත යුතුය. මෙය නිවාස සැලසුමක ඇති අනෙක් වැදගත් කරුණ වශයෙන් පෙන්වා දිය හැකිය.
මෙවැනි සැලසුම් අතීත රාජධානි ගොඩනැගිලි ඉදිකිරීම සඳහාද යොදාගෙන ඇත. මෙයට හොඳම උදාහරණයක් වශයෙන් ලෝවාමහාපාය ඉඳිකිරීම පෙන්වා දිය හැකිය.
එකළ දුටුගැමුණු රජු “නුඹ වහන්සේලාට දිව්‍ය මන්දිරයක් හා සමාන ප්‍රාසාදයක් කරවන්නෙමි” පවසා භරණි නැමැති දෙවඟනට අයිති රත්නප්රාසාදයේ සැලැස්මට සමාන වන පරිදි නව මහල් ප්‍රාසාදයක් වූ ලෝවාමහාපාය කරවූ බව මහාවංශය තුළ සඳහන්ය.
ඒ අනුව අතීත රාජධානි ගොඩනැගිලි පවා නිවැරදි සැලසුමක අනුව ඉදිකර ඇති බවට ඉතිහාසය ද සාක්ෂි දරයි.
මේ අනුව වාස්තු විද්‍යානුකූල නිවාස සැලසුම් පිළිබඳව සලකා බැලීමේදී එහි එක් ප්‍රධාන කරුණක් වශයෙන් සැලසුම් කරනු ලබන නිවසේ දිග සහ පළල පිළිබඳව අවධානය යොමු කළ යුතුය. සාමාන්‍ය නේවාසික නිවසක දිග හා පළල සමාන නොවන පරිදි සැලසුම් කළ යුතුය.
සාමාන්‍යයෙන් දිග සහ පළල සමාන වන පරිදි ඉදිකරනු ලබන ගොඩනැගිලි ආරාමික ගොඩනැගිලි වේ. මෙවැනි දිග පළල සමාන වූ නිවාසවල ජීවත්වන පුද්ගලයින් එම නිවස තුළ රැඳීම අඩුය. බොහෝ අවස්ථාවල නිවසින් බැහැරව සිටීමට සිත් ඇති කරවයි.
මෙවැනි හේතූන් මත නිවාස සැලසුමක් නිර්මාණය කිරීමේදී එහි දිග සහ පළල සමාන නොවන ලෙස ගත යුතුය. අවම වශයෙන් අඩි කිහිපයක් හෝ එහි සුදුසු පරිදි එක් පැත්තක ප්‍රමාණය වැඩිවන ලෙස නිවාස සැලසුම නිර්මාණය කළ යුතුය.
තවද නිවසේ පළල මෙන් දෙගුණයකට වඩා වන වැඩි පරිදි එම නිවසේ දිග ගැනීමද එනම් දණ්ඩාකාර හැඩ එන පරිදි නිවාස සැලසුම් කිරීමද නොකළ යුතුය. එමෙන්ම නිවසක් වාස්තු ශාස්ත්‍රානුකූලව සැලසුම් කිරීමේ දී ප්‍රධානතම කරුණක්වනුයේ ඒ ඒ දිශාවට ගැලපෙන පරිදි නිවසේ ගෘහ අංග සැලසුම් කිරීමය.
මෙහිදී ප්‍රධාන වශයෙන්ම නිවසක් සක්‍රීය වීමට බලපානු ලබන මුළුතැන්ගෙය සැලසුම් කිරීම මෙන්ම නාන කාමර, වැසිකිළි ආදිය සහ ප්‍රධාන නිදන කාමරය, තරප්පු පෙළ ආදී ගෘහ අංග නිවැරදි දිශාවන්වලට සැලසුම් කරගත යුතුය.
තේජෝ හෙවත් උණුසුමට මූලික වන ගිනිකොන දිශාවේ මුළුතැන්ගෙය සැලසුම් කිරීම ඉතාම සුදුසු වන අතර එසේ කිරීමට නොහැකිවන අවස්ථාවන්වල වයඹ දිශාව මේ සඳහා විකල්පයක් වශයෙන් සුදුසුය.
නිරිත දිශාව තුළ ප්‍රධාන නිදන කාමරය සඳහා සුදුසුම දිශාව ලෙස හැඳින්විය හැකි අතර නිවසේ වැසිකිළි ආදිය වයඹ හෝ බටහිර දිශාව තුළ සැලසුම් කර ගැනීම ඉතාම සුදුසුය.අන්තරීක්ෂ ශක්තිය ගලනය වන ඊසාන දිශාව පූජාසනය හෝ ළමා කාමර, වැඩිහිටි කාමර ආදිය සැලසුම් කිරීම ඉතාම සුදුසුය.
තරප්පුපෙළ බටහිර හෝ දකුණ යන දිශාවන්වලට සැලසුම් කර ගැනීම එම නිවස නිවැරදි දිශාවන්වලට ගැලපෙන පරිදි නිවැරදි සැලසුම් කර ගැනීමකට උදාහරණ කීපයක් වශයෙන් පෙන්වා දිය හැකිය.
එපමණක් නොව ශෝඩශ ගෘහ ප්‍රභේද වශයෙන් හඳුන්වනු ලබන නිවසක ඇතුළුවීමේ සහ පිටවීමේ දොරටු තැබීම ක්‍රම 16 අතරින් නිවසට සුබ ඵල ලබාදෙන දිශාවන්වලට යෙදෙන ලෙස නිවසක මෙම දොරටු සැලසුම් කළ යුතුය.
මෙයට උදාහරණයක් වශයෙන් උතුර, නැගෙනහිර සහ දකුණ යන දිශාවලට නිවසට ඇතුළුවීමේ සහ පිටවීමේ දොරටු තැබූ නිවසක් “ධනද” වශයෙන් හදුන්වන අතර එම නිවස ධනය, සෞභාග්‍ය මනාවට ලැබෙන නිවසකි. මේ අනුව මෙම දොරටු තැබීමේ ක්‍රමවේද 16 න් නිවසට සුදුසු ක්‍රමවේද යටතේ නිවසක දොරටු තැබීම සැලසුම් කළ යුතුය.
මෙවැනි නිවාස සැලසුම් කිරීමකදී තවත් වැදගත් කාරණාවක් වශයෙන් නිවසක වර්ග කිරීම වශයෙන් හඳුන්වනු ලබන අය, වැය, ආයුෂ ආදී සහ අනෙක් කරුණු සුභ අගයක් ගන්නා පරිදි එම නිවස සැලසුම් කරගත යුතුය. මෙය නිවසේ අත්තිවාරමේ පිටින් පිට ගණිතමය ක්‍රමවේදයක් ඔස්සේ සැලසුම් කරනු ලබන ක්‍රමයක් වන ආතර නිවසක් සැලසුම් කිරීමේ වැදගත් ක්‍රමවේදයක් වශයෙන් පෙන්වා දිය හැකිය.
තවද නිවසක හරි මැද ගැටළු හෝ පීඩාකාරී නොවන පරිදි බිත්ති, යටලී, බාල්ක, දොරටු ආදිය නොයෙදෙන ලෙස මෙන්ම අනෙකුත් මහාමර්ම, සන්ධිමර්ම උප මර්ග යන මරමස්ථානද හඳුනාගෙන එවැනි ස්ථානද පීඩාවට පත්නොවන ලෙස නිවාස ඉදිකිරීමද අනිවාර්යෙන්ම කළ යුතුය.
මෙවැනි කරුණ මත නිවාස සැලසුමකට අනුව නිවසක් ඉදිකිරීම ඉතාම සුදුසු බව පැහැදිලියි. මෙවැනි සැලසුමක් නොමැතිව ඉදිකරනු ලබන නිවාස වල ඇතිවන වාස්තුමය ගැටළු සහ ප්‍රායෝගික ගැටළුද අති මහත්ය. තවද කිසිදු සැලසුමක් නැතිව තම සිතැඟි පරිදි නිවාස ඉදිකිරීම ද තවත් ගැටළු රැසකට මුහුණපාන සිදුවීමකි.
එමෙන්ම නිවසක අභ්‍යන්තර සැලසුම් කිරීමද තවත් වැදගත් කාරණයක් වශයෙන් පෙන්වා දිය හැකිය. විශේෂයෙන්ම නිදන කාමරයක් තුළ නිදන ඇඳ ස්ථානගත කිරීම මු`ඵතැන්ගෙය තුළ ලිප, අධ්‍යාපන කාමරයක් තුළ මේසය හා පුටුව ආදිය නිවැරදි දිශා ගතව අභ්‍යන්තර සැලසුම් කර ගැනීම වැදගත්ය. මෙහිදී උදාහරණයක් වශයෙන් නිදා ගැනීමේදී කිසිවිටකත් උතුරු දිශාවට හිස හරවා සිටින ලෙස නිදන ඇඳ ස්ථානගත කිරීම නොකළ යුතුය.
මේ අයුරින් බලන විට නිවාසය පමණක් නොව එම නිවසේ අභ්‍යන්තරය ද නිවැරදි ආකාරයට නිර්මාණය කර ගැනීම සහ කළමනාකරණය කරගැනීම සහ එය පවත්වාගෙනයාම සැලසුමක ඇති ප්‍රධානතම වැදගත්කම වශයෙන් පෙන්වා දිය හැකිය.
වාස්තුවිද්‍යා විශාරද
නිවාස සැළසුම් ශිල්පී
හා ස්මස්ත ලංකා ශාස්ත්‍රානුකූල වාස්තු
වේදීන්ගේ සංගමයේ
මාධ්‍ය ලේකම්
අරෝෂ ජයවර්ධන
ආලෝකා Homes, මිනුවන්ගොඩ
(Aloka Homes vasthu FB Page)
අර්චිත ඉඳුවර ✍️