අපේ ජීවිතයේ යම් යම් අරමුණු තිබෙනවා. ඒ වගේම ඇගේ ජීවිතයටත් අරමුණක් තිබුණා. ඒ ටිකක් වෙනස් අරමුණක්. අනාගතයේදී භික්ෂුණියක ලෙසින් සසුන්ගත වීම ඇගේ අරමුණ වුණා. පියුමි නිසංසලා ගැන සමාජයට කතාකරන්න නිමිති දුන් ඒ සිදුවීම කුමක්ද?
“මම කොළඹ. පවුලේ ඉන්නේ මමයි මල්ලියි. ඉගෙන ගත්තේ නුගේගොඩ මහමායා බාලිකාවෙන්. පාසල් අධ්‍යාපනය අවසන් කරලා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධිය සහ වරලත් ගණකාධිකරණ ආයතනයේ දෙවන අදියරත් මම සමත් වුණා. දැන් මම විවාහකයි.”
වසර 28 ක් ම නිසංසලා රැකියාවක නිරත වුණෙත් නැහැ. නමුත් ඇගේ ජීවිතයේ ගමන් මග වෙනස් කරන දෛවෝපගත සිදුවීමක් වුණා.“මම රැකියාවට සම්බන්ධ වෙලා මාස දෙකක් යද්දී පශ්චාත් උපාධියක් හදාරන්න අවශ්‍ය වුණා.
එහිදි මට ඒ ආයතනය සති අන්තයේ අධ්‍යාපන නිවාඩු ලබාදෙන්න කැමැති වුණේ නැහැ. ඒ නිසා මම ඒ රැකියාවෙන් ඉවත් වුණා. රැකියාව සහ අධ්‍යාපනය එකට කරගෙන යන්න අපහසු බව මට තේරුණා. ඊට පසුව මම හෝටල් පාසලට ඇතුළත් වෙලා පාඨමාලාවක් හැදෑරුවා.
මගේ තාත්තා සිවිල් ඉංජිනේරුවරයෙක්. පවුලේ කිසිම කෙනෙක් ව්‍යාපාරවලට සම්බන්ධත් නැහැ. නමුත් මිනිස්සු ඉල්ලන දෙයක් ලබා දෙන්න ඕන කියල හිතුණා. ඒ නිසා මම අතුරුපස විදිහට ‘Miss Bakers’’ සන්නාමයෙන් වටලප්පන් හදන්න පටන් ගත්තා.”
ඇය පවසන්නේ ආරම්භයේ පටන් ඇතිවුණ ගැටලු එකින් එක විසඳාගෙන ඉදිරියට ඇය මේ ගමන ආ බවයි
‘මම මුලින්ම වටලප්පන් කැපුවේ කොටු හැඩයට. වටලප්පන් හදන යන්ත්‍ර තිබුණත් හෝටල් පාසලේදී අපට ඉගැන්වුයේ අවන් එකක. ඉතින් මගේ ගණුදෙණුකරුවන් වැඩිවෙද්දී මම තවත් අවන් මිලට ගත්තා. ඒ අතරේ මට බොහෝ දෙනෙක් කිව්වා අවන් එකට වඩා වටලප්පන් හදන යන්ත්‍ර තිබෙනවා ඒ එකකට මාරු වෙන්න කියලා. අවන් එකකින් ඒවා නිෂ්පාදනය කරන්න අමාරුයි. ඒ නිසා මම තිබුණ මැෂින් විකුණලා අලුත් මැෂින් ගත්තා.
ත්‍රිවීල්වල තමයි මගේ නිෂ්පාදන අරගෙන ගියේ. මම අසාර්ථක වුණ හේතු තිබුණා. සමහර විට නිෂ්පාදන කල් ඉකුත් වීමේ දිනයටත් කලින් නරක් වුණා. මුලින්ම මම වටලප්පන්වලට වෙනම පැණි එකක් හැදුවා. මට අම්මා තමයි මේක කියල දුන්නේ..
ඇත්තටම කිව්වොත් ඇය මගේ වටලප්පන් රෙසිපියේ අයිතිකාරිය. මගේ පුංචි අම්මත් මේ පැණි එක හදාගන්න උදව් වුණා. මම මුලින්ම මගේ පැත්තෙන් හිතලා අතුරුපස වෙනුවෙන් වැයකරන මුදල අපට දරන්න පුළුවන් වෙන්න ඕන විදිහට මගේ වටලප්පන්වල මිල තීරණය කළා. මුල් කාලයේදී මම දවසකට වටලප්පන් දෙසීයක් වගේ කඩවල්වලට දැම්මා.’
ඇගේ වටලප්පන්වලට පාරිභෝගිකයන්ගේ ඉල්ලුම වැඩිවීමත් සමග වැඩි වූ ආදායම නිසා ඇයව රෝද හතරක හිමිකාරිනියක් බවට පත් කරලා.
‘මම කීප වතාවක්ම වාහන අනතුරුවලට ලක්වුණා. මාස ගණනක් වාහනය ගරාජ්වල තිබුණත් මගේ ගණුදෙණුකරුවන් මගේම නිෂ්පාදන වෙනුවෙන් රැඳී සිටියා. කවදා හෝ මගේ වටලප්පන් වෙළෙඳපොළට එන තෙක් ඔවුන් නොඉවසිල්ලෙන් සිටියා.
මට උවමනාව තියෙන්නේ මගේ ලාභය උපරිම කරගැනීම නොවෙයි, නිෂ්පාදනය සහ සන්නාමය සමාජගත කරන්නයි. කොවිඩ් කාලයේදීත් මට මාර්ගගත ක්‍රමයට ඉල්ලුම් ලැබුණා. නිෂ්පාදනවලින් වැඩි ලාභයක් ලැබෙන නිසා අලෙවි නියෝජිතයන් අතරත් උනන්දුවක් ඇතිවුණා.’
මිලිලීටර් 500 Family cup, කැරමල් පුඩිං, Glass පුඩිං, කස්ටඩ් පුඩිං වැනි අතුරුපස වර්ග නිසන්සලා නිෂ්පාදනය කරනවා. ගැස්ට්‍රයිටිස් රෝගීන් වෙනුවෙන් ජෙලි පුඩිං වර්ගයකුත් ඇය ළඟ තියෙනවා.
ජෙලි වර්ග තුනකින්ම මෙය නිෂ්පාදනය කරන නිසා දියවැඩියා රෝගීන්ටත් මේ නිෂ්පාදනය අගුණයක් නැහැ.
‘මටත් සේවකයන්ගේ ප්‍රශ්න තිබෙනවා. අද තරුණ දරුවන් මහන්සි වෙන්න කැමති නැහැ. ඒක අද රටාවක් වෙලා. අමුද්‍රව්‍ය සහ වෙළෙඳපොළ මට කිසිම අභියෝගයක් නැහැ. ඒත් මේ ශ්‍රමය මට ගැටලුවක් වෙලා.
අපේ නිෂ්පාදන විශ්වාසයෙන් පාරිභෝගිකයන්ට ලබාදෙන නිසා මම බිත්තරයේ බර පවා කිරනවා. බිත්තර පහක් කිව්වාට බැහැ. එහි බර අනුව සංයෝග කරන්න ඕන. බිත්තර මිල අඩු, වැඩි වුණත් වටලප්පන්වල මිල වෙනස් කළේ නැහැ.
තවමත් මට ඉල්ලුමට සැපයුම දෙන්න විදිහක් නැහැ. දැනට දවසකට 1200 ක පමණ ධාරිතාවක් මම නිෂ්පාදනය කරනවා.
දිවයිනේ විවිධ ප්‍රදේශවල කෑගල්ල, කැලණිය, මතුගම, මාතලේ, හොරණ වැනි ප්‍රදේශවල අලෙවි නියෝජිතයන් ඉන්නවා. ඒ ඔස්සේ ඇණවුම් ලබාදෙන්න පුළුවන්. අන්තර්ජාලයේ ‘Miss bakers,’ ෆේස් බුක් පිටුවෙන් ඉල්ලුම් කරන්න පුළුවන්. ඊට අමතරව ‘යූ ටියුබ් “Cooking chanel”එකක් පවත්වාගෙන යනවා.’
දානමය පිංකම්වලට ඉල්ලුම් කරන වටලප්පන්වලට සහන මිල ගණන් යටතේ වටලප්පන් ලබාදෙන ඇය එසේ කිරීමට හේතුව ලෙස පවසන්නේ හිත තුළ පවතින ආගමික නැඹුරුවයි.මම සසුන්ගත වෙන්න කැමති වුණේ බුදුහමට තිබුණ ලැදියාවයි. මම අවුරුදු 12 ක පමණ සිට භාවනා කරනවා.
මේ වෙනුවෙන් ආයතනයටත් නිවාඩු ලබාදෙනවා. මගේ සැමියා කතෝලික භක්තිකයෙක් වුණත් ඔහුත් මා සමග භාවනා කරනවා. ඒ වගේම සමාජ සත්කාරයක් විදිහට අසරණ වීදි සුනඛයින්ට පිහිට වෙනවා.
කාන්තාවක් ලෙස ව්‍යවසායකත්වය දකින්නේ?
ව්‍යවසායිකාවක් වීම අපහසුයි. නමුත් අපි එය සොයාගත යුතුයි. මගේ සැමියාට මාව ශක්තියක්. අම්මා ආර්ථිකයට උරදෙන විට දරුවන්ට පහසුවක්. අද මං ගැන හැම දෙනාම ආඩම්බරයි.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️