මෙවර 2024 පාර්ලිමේන්තු මැතිවරණය වෙන කවරදාකටත් වඩා සුවිශේෂි වූ මැතිවරණයක් ඉතිහාසයේවත් නොතිබුණා කිව්වොත් නිවරදියි. මොකද කාන්තාවන් එක මිටකට පැමිණියාක් වගෙයි මේ මැතිවරණයේදී ප්‍රතිඵල දැක්කම. ශ්‍රී ලංකාවේ බහුතරයක් සිටින්නේ කාන්තාවන්. නමුත් මෙතෙක් දේශපාලනය තුළ කාන්තාවන්ට ලැබුනේ ඉතාම සීමිත අවස්ථාවන් යග නමුත් මෙවර මැතිවරණයේදී සෑම දේශපාලන පක්ෂයක්ම පාහේ කාන්තා නියෝජනය පිළිබඳව අවධානය යොමුකළා. ඒ අතරේ අපේක්ෂකත්වය ලබානොදීමෙන් ඇතැම් කාන්තාවන් සමාජයේ පුවත් මැවූ අවස්ථාද දක්නට ලැබුණි. ඒ අතරේ වාර්ථාගත මනාප ලබාගන්නටත් කාන්තාව මුල් වුණා.
මෙවර පාර්ලිමේන්තුව කාන්තාවන් 22 ක නියෝජනක් සහිතයි. එය ප්‍රතිශතයක් වශයෙන් 10% කි. ජාතික ජනබලවේගයෙන් කාන්තා අපේක්ෂකයින් 36 ක් ඉදිරිපත් වූ අතරණි එය පක්ෂයක් විසින් ඉදිරිපත් කළ වැඩිම කාන්තා අපේක්ෂකත්වය විය. ඉන් 19 ක් ජනතා ඡන්දයෙන් තේරී පත්වුණා. ජාතික ලැයිස්තුවෙන්ද එක් කාන්තා නියෝජනයක් සමඟ එය 20 ක් බවට පත් විය. අනෙක් කාන්තාවන් දෙදෙනා සමඟි ජනබලවේගයෙන් පාර්ලිමේන්තුවට පැමිණ තිබේ. “කාන්තාවන් එක මිටට, යන සංකල්පය ඉතාම ඉහළින් ශ්‍රී ලංකික ජන සමාජය වැලදගත් බවට තව උපහැරණ අවශ්‍ය නැත.
1931 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් වූ මොලමුරේ ආර්යාවගෙන් ආරම්භ වූ කාන්තා නියෝජනයණි 1960 දී සිරිමාවෝ අගමැතිනිය වීම ලෝක වාර්ථවක් ද විය. ඉන් පසු චන්ද්‍රිකාගේ ජනාධිපති ධූරය තවත් පෙරලිකාර යුග පරිච්ඡේදයකි. මෙවර අගමැතිනිය වූ ආචාර්ය හරිණි ලක්ෂ හය ඉක්ම වූ මනාප ලබාගනිමින් පෙන්නුම් කළේ කාන්තාව දේශපාලනික වශයෙන් කිසිවකුගේ අතකොලුවක් නොවන බවය.
මෙම මැතිවරණයෙන් තේරීපත් වූ සියලු කාන්තාවනි. ඔබට මේ ලැබුනේ නිකරුනේ බලන් සිටීමට අවස්ථාවක් නොවණි ශක්තිමත් නීති හදන්නටණි නීති ක්‍රියාත්මක කරන්නට නොබියව පෙරට පැමිණෙන්නට අවස්ථාවකි. සුවහසක් දුක් අදෝනාවන් මැද පවුල් පසුබිමේ අරගල කරනණි වතුකරයේ දුක්විදිනණි පුරුෂයින්ගේ තාඩන පීඩන මැද කල්ගෙවන කාන්තා අයිතින් මෙන්ම රටේ සමස්ථ ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් පෙරට පැමිණ ජනතා සේවාවක් කරන්නට ලැබුණු ජනවරමක් බව සිහිතබා ගත යුතුය.
කේ.බී.සී. මධුෂාන්
ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය