2024 වසරේ ළමයින් වෙනුවෙන් ප්රදානය කරනු ලබන සාම ත්‍යාගය ඇෆ්ගන් ජාතික නිලා ඉබ්රාහිම් ( Nila Ibrahimi ) දැරිය වෙනුවෙන් පිරි නැමීමට තීරණය වුණා. ඇය වයස 17 ක දැරියක්. ඇෆ්ගනිස්ථානයේ බලය තලේබාන්වරුන් විසින් ලබාගත් විට ඔවුන්ගේ පවුල 2021 වසරේදී පකිස්ථානයට සංක්‍රමනය වුණා.
කැනඩාවේ 30 Birds Foundation පදනම ඔවුන්ට මේ සඳහා උදව් වුණා. තලේබාන්වරුන් විසින් ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගත් පසුව වයස අවුරුදු 12 ට වැඩි ගැහැණු දරුවන්ට අධ්‍යාපනය ලැබීම සහ කාන්තාවන්ට රැකියාවන්හි නිරත වීම තහනම් වුණා. එපමණක් නොව ගැහැණු දරුවන්ට උද්‍යාන, ජිම් සැසිවලට සහභාගී වීමත් තහනම්.
මෙවැනි සීමා බන්ධන නිසාම පකිස්ථානයට ගිය තැන පටන් ඇය මේ දැඩි සීමා බන්ධනවලට එරෙහිව නිහඬ අරගලයක යෙදුනා.
ඇය එතැන් පටන් ගැහැණු දරුවන්ගේ අධ්‍යාපනය බලගැන්වීමේ නිහඬ අරගලයක යෙදුනා. අන්තර්ජාලය ඔස්සේ ලබා ගත් ගීතයක් ඇය මුදා හැරියා. මුලින්ම ඇගේ සහෝදරයා මේ වෙනුවෙන් නිලාට උදව් වුණා.
තලේබාන්වරුන් විසින් ගැහැණු දරුවන්ගේ අධ්‍යාපනයට තබා ඇති තහංචි වෙනුවෙන් වූ හඬක් අවදි කිරීම ඇගේ අරමුණ වුණා. ඇගේ විසින් මුදා හරින ලද ගීතයට ප්‍රතිචාර ගලා එන්නට වුණා. එතැන් පටන් ඇය මෙවැනි විරෝධාකල්ප ගීත එකතුවක් වෙනුවෙන් වූ “IAmMySong” ව්‍යාපෘතිය පිහිටුවා ගත්තා. මෙම ගීත බෙහෙවින් ජනප්‍රිය වූ අතර ඇගේ අරමුදලට මිලියන හතරක් මුදලක් ලැබුනා.
දැන් මේ මුදලෙන් විදේශගතව අධ්‍යාපනය ලබන ඇෆ්ගන් කාන්තා දරුවන්ගේ වෙනුවෙන් යොදවා තිබෙනවා.මීට පෙරාතුව කාන්තා අධ්‍යාපනය වෙනුවෙන් කතා කළ මලලා Yousafzai සහ දේශගුණ විපර්යාසය වෙනුවෙන් යම් මෙහෙයක් කළ ග්‍රේටා තන්බර්ග් මෙම සාම ත්‍යාගය ලබා ගැනීමට සුදුස්සක් වුණා. මේ අන්දමට දරුවන් වෙනුවෙන් සාම ත්‍යාගය පිරි නැමීම 2005 වසරේ ආරම්භ වුණා.
ඇය විසින් ඉටු කරන ලද මෙහෙවර වෙනුවෙන් 2024 වසරේ ළමා සාම ත්‍යාගය පිරිනැමීම පසුගිය දා ඇම්ස්ටර්ඩෑම් නුවරදී යේමනයේ වච්කෝල් කර්වානි විසින් සිදු කරනු ලැබුවා.
CNN News ඇසුරෙන්
පුන්‍යා චාන්දනී ද සිල්වා