“අපට උගන්වන්න හදන්න එපා” මෙය දරුවකු තම මතය ඉදිරිපත් කළ සැනින් බොහෝ දෙමව්පියන් දෙන පිළිතුරයි. ඒත් පොඩ්ඩක් සිතන්න. ඔබට වැරදිය හැකිය. එසේම දරුවකුගේ සිත තුළට ඔබට නැවත යා නොහැකිය. දරුවාගේ මොළය වර්ධනය වෙමින් පවතී. දරුවාගේ අනාගතය තීරණය වන්නේ ඔබේ හැසිරීම මතය.
සෑම ක්‍රියාවක්ම අධික ලෙස වර්ණනා නොකළ යුතුයි
දිරිගැන්වීම දරුවාට අත්‍යාවශ්‍යයි. එහෙත් නිරන්තර ප්‍රශංසාව නිසා දරුවා වලංගු කිරීම මත යැපෙන තත්ත්වයකට පත්වී අනාගතයේදී ප්‍රශංසාව සහතික නොකරන කාර්යයන් මග හැරීමට උත්සාහ කරනු ඇත. ඒ වෙනුවට ඔහු කොතරම් මහන්සි වී වැඩ කළාද යන්න පෙනෙන බව ප්‍රකාශ කරන්න. එයින් අභ්‍යන්තර අභිප්‍රේරණය (internal motivation) වර්ධනය වී ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය වේ.
සංකීර්ණ සාකච්ඡා මගහරින්න එපා
සංකීර්ණ විෂයයන් පිළිබඳ සාකච්ඡා වලින් මගහැරීම දරුවාගේ මානසික වර්ධනය සීමා කරයි. එමගින් දරුවාගේ විචාරාත්මක චින්තනය (critical thinking) ගැටළු විසඳීමේ කුසලතා සහ ලෝකය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබාගැනීම වර්ධනය කරගැනීම වැනි අවස්ථා දුර්වල කරයි. කලබලවෙන්න එපා. පිළිතුර සරලය…
දුෂ්කර මාතෘකා සාකච්ඡා කිරීමට සරල, වයසට ගැලපෙන භාෂාව තෝරාගන්න. එවිට ප්‍රශ්න ඇසීම ආරක්ෂිතය යන හැඟීම ඔවුන් සිත් තුළ වර්ධනය වෙන අතර, පසුකාලීනව අභියෝගවලට සාර්ථකව මුහුණදීමේ විශ්වාසය ගොඩනැගෙනු ඇත.
සීමා පැනවීමේදී කල්පනාකාරී වෙන්න
ඔබ යහපත් චේතනාවෙන් සිදුකළත් දරුවන්ට ආත්ම විශ්වාසය ගොඩනගා ගැනීමට සහ තීරණ ගැනීමේ කුසලතා වර්ධනය කරගැනීම සඳහා යම් ස්වාධීනත්වයක් අවශ්‍ය බව අවබෝධ කරගන්න. ස්ථාවර වීම අවශ්‍යය. සීමා මායිම් අඛණ්ඩව යොදන බවට සහතික වූවත් සීමාවන් පැහැදිලිව දරුවාට සන්නිවේදනය කරන්න. නොපැහැදිලි නීති වැරදි වැටහීම් වලට හේතු වෙයි.
තර්කය පැහැදිලි කරන්න. බලහත්කාරයෙන් නීති පැනවීමට වඩා දරුවාට නීතියට හේතුව තේරුම් ගැනීමට එය ආධාර වෙයි. සීමාමායිම් වල අරමුණ තේරුම් ගන්නා දරුවා තුළ ගරුත්වය පෝෂණය වන අතර දරුවාගේ විචාරාත්මක චින්තනය සහ තීරණ ගැනීමේ කුසලතා වර්ධනය වෙයි.
සංසන්දනයන් එපා!
දරුවකු සහෝදර සහෝදරියන් හෝ වෙනත් දරුවකු හා සංසන්දනය කිරීමන් වළකින්න. තමුන් ඇත්ත ප්‍රකාශ කරන බව සිතා සමහරවිට ඔබට එය සුලුවට සැළකූවත්, එමගින් දරුවාගේ ආත්මාභිමානය හානි වෙයි. ඒ වෙනුවට වෙනත් දරුවකුගේ අද්විතීය ගුණාංග සහ ජයග්‍රහණ සමරන්න. පුද්ගල වර්ධනය සහ ශක්තීන් දිරීගන්නව භාෂාව භාවිතයෙන් දරුවා තුළ ඊර්ෂ්‍යාව වර්ධනය වීම වළකයි.
ස්වයං රැකවරණය සලකන්න…
ඔබ තමුන් ගැන නොසලකා කටයුතු කිරීම මුළු පවුලටම අයහපත් ප්‍රතිඵල ගෙන දෙයි. ශාරීරික හා මානසික සෞඛ්‍ය සතුට සහ ආතතියෙන් මිදීමට උපකාරී වෙයි. එමගින් ඔබ දරුවා ඉදිරියේ ආත්ම ගෞරවය ආදර්ශවත් කරන අතරම මානසික සහ චිත්තවේගී සීමාවරන් වර්ධනය කරගැනීමට දරුවා දිරිමත කරනු ඇත. ආත්ම පරිත්‍යාගය නිසා සියල්ල අත්හැරීම සම්මත පුරුද්දක් ලෙස සැලකීමට දරුවා පුහුණුවීම ඉන් වැළකී කායික හා මානසික සුවතාව පවත්වාගැනීම පිළිබඳ ආදර්ශය ඉන් දරුවාට ලැබෙයි.
https://medium.com/ ඇසුරිනි
සුනිල් අල්ගම ✍️