සතුටින් සිටීමට උත්සාහ කළත් වියපත් වීමේදී සතුට ගිලිහෙන බව පොදු නිගමනයයි. එහෙත් 2024 වසරේදී කෙරුණු සමීක්ෂණ වාර්තාවකට අනුව මෙම තත්ත්වය කනපිට පෙරළී ඇති බවක් කියැවේ. ඊට හේතුව සතුටින් සිටින තරුණ වයසේ අයගෙන් සතුට ගිලිහීමේ ප්රවණතාවයි.
ජාත්‍යන්තර සන්තෝෂයේ දින (International Day of Happiness) වාර්තාව 2024 මාර්තු 20
මෙම සමීක්ෂණ වාර්තාවට අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ, කැනඩාවේ සහ බටහිර යුරෝපා රටවල මෑත කාලීන තරුණ පරපුර වැඩිහිහිටියන්ට වඩා අඩු සතුටක් භුක්ති විඳින බව හෙළිවී ඇත. මෙමගින් රටවල් 137ක ජනගහනය අතර යහපැවැත්ම පිළිබඳ හැඟීම සමාලෝචනය කරයි.
2019 සිට 15 – 24 වයස් කාණ්ඩයේ පසුබෑමක්
උතුරු ඇමෙරිකාව, බටහිර යුරෝපය, දකුණු ආසියාව, මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාව යන රටවල 15 – 24 වයස් කාණ්ඩයේ අයගේ සතුටේ පසුබෑමක් 2019 සිට පෙන්නුම් කර ඇත.
වයස 60 ට වැඩි අය සතුටින් පෙරමුණේ
60 ට වැඩි වයස් කාණ්ඩයෙන් කැනඩාව ලොව 8 වන ස්ථානයට පත්වී ඇති අතර 30 ට අඩු අයගේ සතුට පිළිබඳ සංජානනය 58 වැනි ස්ථානය ගෙන ඇත. ඇමෙරිකාවේ සිදුවී ඇත්තේද ඒ හා සමානම සංසිද්ධියකි. එහිදී වැඩිහිටි පරපුර ලොව 10 වන තැනට පත්වෙද්දී තරුණ පරම්පරාව 62 වන ස්ථානයට පත්ව ඇත. ප්රංශ්රයේ 60 ට වැඩි වැඩිහිටියන් 25 වන තැන ගනිද්දී තරුණයින් පත්ව ඇත්තේ 48 වන ස්ථානයටයි. අදාළ කළාප තුළ 1965 ට පෙර උපන් පුද්ගලයින් අතර සතුටු හැඟීම 1980න් පසු උපත ලැබූවන්ට වඩා වැඩිය.
ප්‍රතිවිරුද්ධ නිරීක්ෂණයක්
එහෙත් දකුණුදිග රටවල් දෙකක් වන පෘතුගාලයේ සහ ග්‍රීසියේ සමීක්ෂණ ප්‍රතිඵල මීට ප්රතිවිරුද්ධය. ඒවායේ වයස 30 ට අඩු තරුණයෝ වැඩිහිටි පරපුරට වඩා සතුටින් වෙසෙති. එසේම සියලු වයස් කාණ්ඩ එක්ව ගත් කළ සතුට අඩුම රටවල් 20 පරම්පරා අනුව සතුට ගණනය කිරීමේදී සුළු වෙනස්කම් පෙන්වයි.
නෝර්ඩික් රටවල්- සතුටේ ශූරයින්
Denmark, Finland, Iceland, Norway, Sweden යන නෝර්ඩික් රටවල වැඩිහිටියන් ඇතුළු සමස්ථ ජනතාව සතුටින් සිටීම අතින් මෙවරත් පෙරමුණේය. ෆින්ලන්තය හත්වන වරටත් ගෝලීය වශයෙන් ප්‍රීතිමත්ම රට බවට ප්රකාශිතය. එහෙත් මෙම රටවල්වලද, විශේෂයෙන් ස්වීනයේ, තරුණ සතුට විඳීම අතින් වැඩිහිටියන් තරුණ පරපුර අභිභවයි.
සතුට විඳීමේ ප්‍රමුඛයෝ
සතුට විඳීමේ මුල් අංක 10 අතරේ නෙදර්ලන්තය, ස්විට්සර්ලන්තය සහ ලක්සෙම්බර්ගයද වේ. වෙනත් බටහිර යුරෝපා රටවල් වන අයර්ලන්තය (14), ජර්මනිය (16), බෙල්ජියම (17), එක්සත් රාජධානිය(19) සහ ප්‍රංශය(21) වශයෙන් ස්ථාන ලබමින් පසුපසින් සිටී. 2023 ශ්‍රේණිගත කිරීමේදී ඊශ්‍රායලය තරුණ සතුට අතින් පස්වන ස්ථානය ලබා ඇත.
පසුගාමී රටවල් 05
පලස්තීනය ලබා ඇත්තේ 99 වන ස්ථානය වන අතර යුක්රේනය ලබා ඇත්තේ 92 වැනි ස්ථානයයි. ඇෆ්ගනිස්ථානය පහළම ස්ථානයේ සිටින අතර ඒ හා සමගාමීම කොන්ගෝ, සිම්බාබ්ව්, සියෙරා ලියොන්, ලෙබනනය යන රටවල් සිටී.
https://unric.org/ ඇසුරෙන්
සුනිල් අල්ගම ✍️