ගෙවැසි සුරතලුන් ලෙස බල්ලන් සහ බළලුන් ඇතිකිරිමෙන් මිනිසුන්ගේ වෙහෙසකර බව දුරස්ථ වන බැව් නවතම අධ්‍යනයයක් මගින් පෙන්වා දී තිබෙන අතර එම සුරතල් සතුන් ඇතිකිරිම මගින් මිනිසුන්ගේ ආතතියද දුරස්ථ වෙන බව මොනා විශ්වවිද්‍යාලයේ මියා කොබ් සඳහන් කරනවා.
මිනිස් වාසයේ සිටින සුරතල් සතුන් අලලා අධ්‍යයනයක් කැරොල් විශ්වවිද්‍යාලය මගින් ද සිදුකරනු ලැබුවා. එහිදි පෙන්වා දුන්නේ බල්ලන් ඇති කරන පුද්ගලයන්ට වඩා බළලුන් ඇති කරන උදවිය අතර වෙනස් පෞරුෂ ලක්ෂණ ප්‍රදර්ශනය වන බවයි. මෙම අධ්‍යනයයට ශිෂ්‍යයන් හයසිය දෙනෙක් තෝරාගෙන ඔවුන්ට තමා ඇසුරු කරන සුරතල් සතුන් පිළිබඳ තොරතුරු ඇතුළත් කිරිමට දත්ත පත්‍රිකාවක් ලබාදුන්නා.
එම තොරතුරු විශ්ලේෂණය කිරිමෙන් ලබාගත් තොරතුරු අනුව පෙනී ගියේ බල්ලන්ට වඩා බළලුන් ඇතිකරන පුද්ගලයන් ඉතා සංවේදි වන අතර විවෘත මනසකින් කටයුතු කරනා බවයි. මෙම තොරතුරු චිකාගෝ නුවර පවත්වන ලද මනෝවිද්‍යාව පිළිබඳ වාර්ෂික සම්මේලනයේදි මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ඩෙන්සි ගුවාස්ටෙලෝ Denise Guastello විසින් ද ප්‍රකාශයට පත්කරනු ලැබුවා.
අපේ වෙහෙසකර තත්ත්වයෙන් 74% ක් තරම් ප්‍රතිශතයකින් අඩුකර ගැනීමට සුරතල් සතුන්ගේ ආශ්‍රය හේතුකාරක වි ඇති බව ඔස්ට්‍රේලියාවේ සිදුකරන ලද සමීක්ෂණයකට අනුව පෙන්වා දෙනවා. සතුන් ඇසුර කිරිම නිසා ‘ඔක්සිටොක්සින්’ සතුටුදායක හෝර්මෝනය නිදහස් කිරිම සිදුවන බැව් පර්යේෂකයන් සඳහන් කරනවා. මෙම සතුන් ඇසුර නිසා හිතේ මානසික හුදෙකලාව දුරස් වෙනවා. ඒ වගේම සතුන්ගේ ප්‍රතිචාර නිසා ඇතිවන සතුට පුද්ගලයන්ගේ මානසික වෙහෙස දුරස්ථ වීමට ප්‍රබල ලෙසින් බලපෑමක් ඇතිකරනු ලබන බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.
වියෝවීම් වෙනුවෙන් තැවෙන බළළා
ගෙවැසි බළලුන් තමන්ගේ සමීපතයන් සමග දැඩි සම්බන්ධතාවක් දක්වනවා. ඒ වගේම තමන්ට ආදරය කරන සහ තමන් ආදරය කරන හාම්පුතාගේ වියෝව බළලුන්ට
දරාගැනීම අපහසු බැව් පර්යේෂකයන් විසින් පෙන්වා දෙනවා.
සාමාන්‍ය ජීවිතයේදී වුණත් අපට මේ බැව් පැහැදිළිව පෙනෙන දෙයක්. එහෙත් මිනිසුන් සේම වියෝවීම් වැනි දේ පිළිබඳව සත්ව ලෝකයට එතරම් හැඟීමක් හෝ දැනීමක් නොමැති බැව් අපි සිතුවත් දැන් ඒ තත්ත්වය වෙනස් බැව් පර්යේෂකයන් පෙන්වා දෙනවා. ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් බළලුන්, තමන් ඇසුරු කරන පුද්ගලයන්ගේ වියෝවීම් දරාගන්නා අන්දම මුල් කරගෙන අධ්‍යනයක් සිදුකරනු ලැබුවා. මේ වෙනුවෙන් ඔවුන් බළලුන් 450 ක් සම්බන්ධ කරගත්තා. තමන් ආදරය කරන ලද පුද්ගලයකුගේ අහිමි වීමකදී බළලුන් දක්වන ප්‍රතිචාර අධ්‍යයනය කිරීමේදී දක්නට ලැබුණ විශේෂ ලක්ෂණ එහිදී හඳුනාගත්තා.
- තමා ආදරය කළ පුද්ගලයා සෙවීම.
- බළලා සැඟවී සිටීම, ආහාර නොගැනීම
- තනි වී කල් ගෙවීම
reddit.com ඇසුරෙන්
පුන්‍යා චාන්දනි ද සිල්වා ✍️