ඔබේ හිතේ යම් වරදකාරී බවක් තිබෙනවා නම් එය අනිත් අය ගෙන් සඟවා ගන්නට ඔබ උත්සාහ කරනු ඇති. නමුත් එය පහසු කාර්යක් නොවෙයි. මනෝවිද්‍යාවට අනුව අපේ ශරීර භාෂාව (Body Language) මගින් මේ බැව් පහසුවෙන් හඳුනා ගැනීමට පුළුවනි.
ඇස් අතර සාජු සම්බන්ධතාවයක් (Eye contact) තබා ගැනීම
ඔබ බොරුවක් කියන අවස්ථාවකදී ඇස්වලින්ම එය කියන්න පුළුවන්. ඔබට ඇස් දිහා බලා ගෙන කතා කිරීමේ අපහසුතාවයක් තිබෙනවා. මුහුණ දිහා බලා ගෙන ඇස්වලින් සම්බන්ධතාවයක් නොමැති නම් එයින් අදහස් වන්නේ ඔබ ප්‍රකාශ කරන දෙය බොරුවක් බවයි.
පමණට වඩා හැගීම් පෙන්වන්න උත්සාහ කිරීම…
ඔබ බොරුවක් කියන විට එය සත්‍යක් සේ පෙන්වීමට උත්සහ කරනු ඇත. ඔබ සමග කතා කරන පුද්ගලයාට තමා කියන්නේ ඇත්තක් බව පෙන්වීමට අනවශ්‍ය විදිහට මුහුණෙන් හැඟීම් ප්‍රදර්ශනය කිරීමට උත්සාහ කිරීමත් බොරු කියන පුද්ගලයාගේ ලක්ෂණයක්.
ඇත්ත පිට වුණොත්…
සාමාන්‍යයෙන් එක බොරුවක් වසා ගැනීමට තවත් බොරු එකතු කිරීමට සිදු වෙනවා. මේ අතර හදිසියේ හෝ ඇත්තක් කියැවුණොත් ඉතා ඉක්මනින් එය වෙනස් කිරීමට උත්සහ කරනවා.
හේතු නැතුව බිය…
බොරු කියන පුද්ගලයාගේ වචන සහ හැගීම් අතර සමානකමක් නැහැ. ඔහු කතා කරන්නේ හිතට විරුද්ධව නිසා හැගීම් සහ පිටවෙන වචන අතර සමානකමක් නැහැ. ඒ වගේම බොරfැ කියන පුද්ගලයා හේතුවක් නැතුවම වුණත් බියකින් පසු වෙන ඉරියව්වක් පෙන්වනවා.
අත් කකුල්…
බොරු කියන පුද්ගලයා තමාගේ වරදකාරී බව මග හැර ගැනීමට විවිධ හැසිරීම් ගොඩ නගා ගන්නවා. කකුල් පටලවා ගැනීම සහ අතේ ඇඟිලි එකිනෙකට පටලවා ගන්නා ස්වරූපයක් දැක ගත හැකියි…
සංවාදය අතරතුර.
බොරු කියන පුද්ගලයන් කතා බහ සිදු කරන අතරවාරයේ විවිධ ශරීර ඉරියව් ප්‍රදර්ශනය කරනවා. ඇස් දෙක වසා ගැනීම, කට වසා ගැනීම වැනි ඉරියව් ප්‍රදර්ශනය කරනවා. තමා කියන දෙය බොරු බව ඔහු දන්නා නිසා තවත් අයෙකු තුළ විශ්වාසය ගොඩ නගා ගැනීමට මේ වගේ ඉරියව් අනුගමනය කරනවා.
නම්‍යශීලී නැහැ…
බොරුවක් කියන විට ඔවුන්ගේ ශරීරයේ ඉරියව් බොහොම දැඩියි. කිසිම නම්යහීලිත්වයක් නැහැ. දරදඬු විදිහට සිට ගෙන සිටින ඉරියව් දකින්න ලැබෙනවා.
නොඉවසිලිමත්…
බොරු කියන පුද්ගලයා බොහොම නොඉවසිලිමත්. ඒ වගේම දාඩිය දාන ස්වරූපයක් දකින්න පුළුවනි.
ස්වරය…
උස් හඬකින් කතා කිරී බොරු කියන පුද්ගලයාගේ ලක්ෂණයක්. තමන් කියන දේ ගැන විශ්වාසයක් නැති වුණාම ඒ අඩුව වසා ගැනීමට උස් ස්වරයකින් කතා කිරීමට පටන් ගන්නවා.
India Times
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️