බොහෝ විට කෙටි කාලීනව හෝ දිගුකාලීනව මරණය ළඟා කරවන පිළිකා රෝග ලක්ෂණ ගැන මුල් අවධියේදීම දැනුවත් වීම සහ ඉන් වැළකීම සඳහා සෞඛ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිළිකාවෙන් මිදීමට ඇති පහසුම මාර්ගයයි.බර අඩුවීම, නිරන්තර වෙහෙස, උණ සහ වේදනාව, හේතුවක් නොමැතිව බර අඩුවීම අග්න්‍යාශ, පෙනහැලි හෝ ආමාශගත පිළිකා රෝග ලක්ෂණයක් විය හැකියි.
ප්‍රමාණවත් විවේකයක් ලබා තිබියදී පවා අධික ලෙස වෙහෙස දැනීමද බොහෝ විට මහා බඩවැල් පිළිකා හෝ ලියුකීමියා ආශ්රිත රෝග ලක්ෂණයක් විය හැකියි. එසේම පැහැදිලි කළ නොහැකි කල් පවත්නා උණද පිළිකා රෝග ලක්ෂණයකි. ඒ සමග රාත්‍රී කාලය් දහඩිය ඇතිවීම ලියුකේමියා හෝ ලිම්පෝනියාවේදී ඇතිවේ. තවද ප්රතිකාරවලින් සමනය කිරීමට අපොහොසත් කල් පවතින හිසේ කැක්කුම, හිස පිටුපස වේදනාවද පිළිකා වර්ග ගණනාවක රෝග ලක්ෂණ විය හැකියි.
සමේ වෙනස්කම්, ගිලීමේ අපහසුව, මලපහ පුරුදුවල වෙනස්කම්, නොනවතින කැස්ස, සමේ වර්ණය වෙනස්වීම, අඳුරුවීම සහ කැසීම, සම සහ ඇස් කහ ගැන්වීම, අධික හිසකෙස් වර්ධනය, අභ්‍යන්තර පිළිකා හෝ සමේ පිළිකා පෙන්වයි. දිගුකාලින මලපහ කිරීමේ අසාමාන්‍යතා සහ මලබද්ධය, වියළි මලපහ මහා බඩවැලේ පිළිකා රෝග ලක්ෂණ විය හැකියි. උගුරේ යමක් සිරවී ඇති බවක් දැනීම, පපුවේ බර ගතිය සහ ගිලීමේ අපහසුතාව Esophageal Cancer නම් වූ උගුරේ පිළිකාවේදී ද ඇතිවේ. පහව නොයන කැස්ස සහ කටහඬේ ගොරෝසු භාවය පෙනහැලි, උගුර සහ තයිරොයිඩ් පිළිකාවලට හේතුවිය හැකියි.
අසාමාන්‍ය ලේ ගැලීම, වසා ගැටිතිවල වෙනස්කම්, අනපේක්ෂිත දෘෂ්ටි වෙනස්කම්, අපැහැදිලි ඉදිමීම්, අඛණ්ඩ අජීර්ණ, හුස්ම ගැනීම් අපහසුතා, මුත්‍රා, මලපහ, යෝනි මාර්ගය ආදියේ අසාමාන්‍ය රුධිර වහනය, වකුගඩු, මුත්‍රාශ, ගර්භාෂ පිළිකාවල රෝග ලක්ෂණ විය හැකියි. විශාලව පෙනුණත් වේදනාවෙන් තොර ඉදිමුණු වසාගැටිති (Lymph nodes), Lymphoma පිළිකාවකටද, අනපේක්ෂිත දෘෂ්ටි වෙනස්කම් මොළයේ පිළිකාවකට හේතුවිය හැකියි. සිරුරේ වර්ධනය වෙන අලුත් ගැටිත්තක්, ඉදිමුමක් පිළිකාවක මුල් ලකුණක් විය හැකියි. ආහාර ගැනීමෙන් පසු වේදනා සහ අඛණ්ඩ අජීර්ණ ආමාශ, Esophageal හෝ උගුරේ පිළිකා පිළිබඳවද, හුස්ම ගැනීමේ අපහසුව පෙනහැලි පිළිකා ගැනද අනතුරු හඟවයි.
මුත්‍රා පුරුදුවල වෙනස්කම්, සුව නොවන වණ, සුදු ලප, බඩ පිරුණු ස්වභාවය, මුත්‍රා කිරීමේ වාර ගණන වැඩිවීම හා වේදනා දැනීම, මුත්රාවල වර්ණය වෙනස්වීම, මුත්‍රාශයේ හෝ පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාවක අනතුරු හඟවයි. මුඛයේ, සමෙහි හෝ ලිංගේන්ද්‍රියන් ආශ්රිත සුව නොවන වණද පිළිකා රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. මුඛයේ හෝ දිවේ සුදු ලප ලියුකොප්ලකියාවට සහ අවසානයේදී මුඛ පිළිකාවලට හේතු වෙයි. ඩිම්බකෝෂ හෝ උදරීය පිළිකාවලදී ආහාර ගත නොහැකි, කුස පිරුණු ස්වභාවය ඇතිවේ
වෛද්‍ය උපදෙස් පතන්න
වෙනත් හේතූන් මතද ඉහත රෝග ලක්ෂණ පෙන්නුම් කළ හැකි නිසා වෛද්‍ය උපදෙස් පැතීම සුදුසුයි. එහෙත් පිළිකාවක් නම් කල් ඇතිව ප්‍රතිකාර ගතයුතු බව මතක තබාගන්න. ව්‍යායාම, නිසි ආහාර සහ වෛද්‍ය පරීක්ෂණද පිළිකා රෝගවලින් වැළකීම සඳහා උපකාරී වේ.
https://nhcancerclinics.com/ ඇසුරෙන්
සුනිල් අල්ගම ✍️