ලොව පුරා පැතිරුණු කොවිඩ් උවදුර සමඟ නිවසේ සිට රැකියා කිරිමේ අවස්ථාවන් බොහොමයක් මේ වනවිට නිර්මාණ වී තිබෙනවා. ඒ නිසා වැඩ කිරිමට සුදුසු වටපිටාවක් නිවසේ නිර්මාණ කරගැනීට ඔබට උපකාරී වන කරුණු කිපයක් ගැන අපි මේ ලිපිනය මගින් විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා.
01 පිහිටිම…
මෙහිදි බිම් මහලේ, කාමරක් බොහෝ විට තොරාගන්න අපි සාම්ප්‍රදායිකව පුරුදු වෙලා තියෙනවා. නමුත් අපි කරන කාර්යයේ ස්වභාවය මත අපට සුදුසුම ස්ථානය තොරගන්න පුළුවන්. සමහර විට එය උඩු මහලක් විමද වඩාත් උචිත විය හැක. ඔබගේ කාර්යාල කාමරයට, ඔබ හමුවීම සඳහා කාර්යාල කටයුතු කටයුතුවලට පිටතින් පුද්ගලයන් පැමිණෙන්නේ නම්, කාර්යාල කාමරය නිවසේ ඉදිරිපස බිම් මහලේ නිර්මාණය කරගන්න ඔබට පුළුවන්. එහිදී ප්‍රධාන දොරට අමතරව කාර්යාල කාමරයට පිවිසීම සඳහා වෙනත් පිවිසුම දොරක් තබාගන්න අමතක නොකරන්න.
නිවසට පැමිණෙන අමුත්තන් හා නිවසියන්ගේ පෞද්ගලිකත්වයට බාධාවක් නොවෙන පරිදි කාර්යාල කටයුතු සඳහා පැමිණෙන පුද්ගලයන් කාර්යාලයට පැමිණිය හැකි පරිදි නිර්මාණය කිරීම වඩා වැදගත්. පැමිණෙන පුද්ගලයන් සදහා කාර්යාලයට පිවිසෙන තෙක් රැඳී සිටීමට වැරැණ්ඩා හී යම් නිශ්චිත ස්ථානයත් තැබීමද වඩාත් ප්‍රායෝගික වේ. එසේ නොවුණහොත් කාර්යාලයට පිවිසෙන තෙක් ඔබේ නිවසේ යාලින්දය භාවිත කිරීමට සිදුවීම නිවැසියන්ගේ නිදහසට යම්තාක් දුරකට බාධාවක් වෙයි. කාර්යාල කටයුතුවලදී ඔබට නිවස සමඟ සම්බන්ධතාවය පවත්වා ගැනීමට කාර්යාල කාමරය තුළින් නිවසට ඇතුල් විය හැකි පරිදි දොරක් තබාගන්න.
ඔබගේ කාර්යාල කාමරය තුළ ඔබට කාර්යාල කටයුතු සඳහා සහායකයෙකු සිටී නම් හෝ ඔබ හමුවීමට එන පුද්ගලයින් වැඩි කාලයක් කාර්යාලය තුර ගත කරන්නේ නම් කාර්යාල කාමරයටම සම්බන්ධ වන පරිදි සින්ක් එකක් හා කොමඩ් එකක් යෙදූ Powder room එකක් තිබීමද වඩාත් ප්‍රායෝගික වේ.
මේ සඳහා බිම් මාලය අවකාශය අඩුනම් පිටතින් පඩි පෙළක් යොදාගනිමින් පළමු මහලේ වුවද, ඔබට මේ අයුරින් කාර්යාල කාමරයක් නිර්මාණය කර ගැනීමට හැකියාව ඇත.පිටතින් කිසිදු පාර්ශ්වයක් ඔබගේ කාර්යාලය සඳහා සහභාගී නොවන්නේ නම්, ඔබගේ කාර්යාල කාමරය හෝ එම අවකාශය ඔබට රිසි පරිදි නිවස තුළ උඩුමහලක වුවද නිර්මාණය කර ගැනීමට හැකියාව ඇත. නිවාස සැලසුම නිර්මාණ කරගැනිමේදිම ඒ සදහා ඉඩ කඩක් වෙන්කරගන්න ඔබට පුළුවන් නම් එය වඩාත්ම සාර්ථකව ක්‍රියාවක් වේ.
02. කාර්යාල කාමරයේ ප්‍රමාණය…
මෙයට තීරණය වෙන්නේ ඉහත කී පරිදි කාර්යාලය සඳහා පැමිණෙන්නන්ගේ ප්‍රමාණය මත වේ. ඔබගේ කාර්යාල මේසය හා පුටුවට අමතරව පැමිණෙන්නන් සඳහාද අමතර පුටු යෙදීමට ඔබට සිදුවේ. ඔබගේ කාර්යාල කටයුතුවලදී ලිපිගනු බහුලව පවතින්නේ නම් ඒවා ගබඩා කර ගැනීම සඳහා File Cupboards හෝ File Rack යොදා ගන්න ඔබට පුළුවන්. ඒ අනුව අවශ්‍ය ඉඩ ප්‍රමාණය වැඩි කරන්න සිදු වෙනවා.
නමුත් ඔබ පමණක් Online Job වැනි කටයුත්තක යෙදේ නම් ඉතාමත් අඩු සීමිත ප්‍රමාණයක යොදා ගනිමින් ඔබගේ කාර්යාල කටයුතු කර ගැනීමට ඔබට පුළුවනි. ඒ සඳහා බිත්තිවලින් වටවූ, කාමරයක්ම අවශ්‍ය නොවන බැවින් ඒ සඳහා විවෘත අවකාශයක් භාවිත කරා ගන්න ඔබට හැකියාව ඇත. ඔබගේ කාර්යයට අනුව Online Meeting වලට සහභාගී වීමට නිතර සිදුවන්නේ නම් නිවසයන්ගේ ඇතිවන ශබ්ද්ද එයට බාධාවක් නොවෙන පරිදි ස්ථානයක් තෝරා ගැනීමට ඔබ වගබලා ගත යුතු වේ.
03. කාර්යාල කාමරය සඳහා ගෘහභාණ්ඩ තෝරාගැනීම්…
කාර්යාල මේසයක සම්මත උස අඟල් 30 ක් වන අතර පළල අඩි 2 ක් විය යුතුවේ. ඔබ තනිව භාවිත කරන මේසයක් නම් දිග අඩි 3 ක් වත් අවම පවතිනය යුතු වේ. නමුත් එය අඩි 4 ක් පමණ වේ නම් වඩාත් උචිත වේ. නමුත් ඔබ ඉදිරි පස, ඔබ හමුවීමට එන සේවා දායකයන් සිටි නම් ඔබේ මේසයක මීට වඩා පළළින් හා දිගින් වැඩිවීම සුදුසුවේ. ඒ සඳහා ‘L‘ හැඩයේ මේසයක් වුවද, භාවිත කරන්න ඔබට පුළුවන්.
කාර්යාලයේ දී වාඩිවී සිටිම සදහා ඔබ වඩාත් සුවපහසු පුටුවක් භාවිතා කළ යුතුවේ’ එමෙන්ම අත් ආධාරක ඇති පුටුවක් භාවිතා කරන්න. වැඩි කාලයක් එහි රැඳී සිටින නිසා, නිරෝගී සෞඛ්‍යයක් පවත්වා ගැනීමට එය වඩාත් වැදගත් වේ.පරිගණකය හෝ ඔබගේ Laptop එක නිවැරදිව ස්ථානගත කිරීමද ඉතා වැදගත් කරුණකි. මෙහිදී පරිගණක තිරය හෝ Laptop තිරයේ උඩු කෙලවර ඔබගේ ඇස් මට්ටමට පොඩි ප්‍රමාණයක් උඩින් පැවතිය යුතු වේ. බෙල්ල උස්සා හෝ පහත් කර පරිගණක තිරය බැලිමට සිදුවුවහොත්, ඉතා කෙටි කාලයක් තුළදී ඔබ රෝගීවීම අනිවාර්යෙන සිදුවේ. එම නිසා නිවැරදි ඉරියව් භාවිත කිරීමට පුරුදුවන්න.
04. ආලෝකය හා වාතාශ්‍රය…
දවල් කාලයේදී හොඳ වාතාශ්‍රය හා ස්වාභාවික ආලෝකයක් ලැබෙන පරිදි කාර්යාලයේ වටපිටාව පැවතීම වඩාත් වැදගත් වේ. ඒ සඳහා විශාල ජනෙල් භාවිත කරන්න ඔබට පුළුවනි. සෘජුව හිරු එළිය පතිතවීම මගින් ඇතිවන විඩාව හා අපහසුව මැඩගැනීම සඳහා හොඳින් විනිවිද පෙනෙන තිර රෙදි භාවිත කරන්න ඔබට පුළුවන්. ඒ සඳහා Window blind වර්ග වුවද ඔබට භාවිත කරන්න පුළුවන්. කාර්යාලය තුළ අධික උෂ්ණත්වයක් පවතින්නේ නම් දැනෙන අපහසුව මඟවා අරවා ගැනීමට, වායු සමීකරණයක් භාවිතා කිරීම මගින් ඔබගේ කාර්යය කාර්යක්ෂම කර ගැනීමට ඔබට පුළුවනි.
05. වර්ණ…
කාර්යාලයට වර්ණ භාවිත කිරීමේදී උද්යෝගිමත් වර්ණ භාවිත කිරීම මගින් ඔබට දැනෙන විඩාබර හැඟීම නැති කරගන්න පුළුවනි. ඒ සදහා සුදු, කහ, ලා තැබිලි, පැහැදිලි ගුරැ පාට වැනි වර්ණ ආලේප කරන්න පුළුවන්. එමෙන්ම කුඩා අවකාශයක් නම් සුදු පාවට භාවිත කර කරගනිමින් වැඩි විශාලත්වයක් මවා පාන්න ඔබට පුළුවන්.
එමෙන්ම ඔබගේ කාර්යාලය සිතේ නිදහසේ කටයුතු කළ වටපිටාවක් නිර්මාණය කරගත යුතුයි. ඒ සදහා මැද මිදුල් අවකාශයක් වුවද යොදා ගන්න ඔබට පුළුවනි. එසේ නොවේනම්, ස්වභාවික පරිසරය හොඳින් දිස්වන පරිදි ජනෙල් ඇති ස්ථානයක් හෝ නිවසේ උඩුමහලේ සඳළුතලය සහිත ස්ථානයක් වැනි නිදහස් තෝරා ගැනීම වඩාත් සුදුසුවේ.
ගොඩනැගිලි සැලසුම් තාක්ෂණවේදී
අභ්‍යන්තර ගෘහ
නිර්මාණ ශිල්පිණී
කවිෂා පෙරේරා
Viharaa HomeDesign
අර්චිත ඉඳුවර ✍️