අපි කුඩාකාලේ චිත්‍රපට බලන්න ගියේ සිනෙමා ශාලාවලට. කාලයත් යද්දි සිනමාව ආලින්දයට ආවා. චිත්‍රපට බලන එක මිනිස්සුන්ගේ පුරුද්දක් විදියට තිබිලා ඒක නැති වෙන්න ගත්තා. ඒක සිද්ධ වුණු හැටි කියන්න හේතු තියෙනවා. අවුරුදු 30 ක යුද්ධයක් තිබුණු රටක සහ රෑ 9 පැන්නාම ගෙදර යන්න කෝච්චි-බස් නැති රටක සිනමාව කොහේ දියුණු වෙන්නද? වවුල්ලු පියාඹන සිනෙමා ශාලාවල ඉඳන් අයිමැක්ස් සිනමාශාලා වෙනකං අද තිබුණත් මිනිස්සුන්ට චිත්‍රපට බලන්න තියෙන විවේකය හා ආර්ථික සමෘද්ධිය ඉතා අඩුයි.
අද කතාකරන්නේ හරියට චිත්‍රපටයක් බලන්නේ කියවන්නෙ කොහොමද කියන්න ගන්නා උත්සාහයක්. මොකද හරියටම එහෙම ක්‍රමයක් නැතත් අත්හදා බලල රස විඳින්න පුළුවන් දෙයක් මේක. ලෝකයේ සිනමාශාලා වගේම රටවල් අනුව සිනමාව බෙදිලා තියෙනවා. අපේ රටේ සිනමාව ගැන අපි කතාකරන්න යන්නෑ, හේතුව ඒක දියුණු සිනමාවක් අහලකටවත් යන පාටක් තවම නොපෙනෙන හන්දා. ඇමරිකානු, උතුරු ඉන්දීය, දකුණු ඉන්දීය, කොරියානු, බ්‍රිතාන්‍ය, තුර්කි, ඉරාන, ස්පාඤ්ඤ, ජපන් සහ චීන වගේ ලොකු සිනමාවල් ලෝකෙ තියෙනවා.
අද අන්තර්ජාලය ඉතා දියුණු නිසා චිත්‍රපටයක් නිකුත් වෙච්චි ගමන් අපිට තොරතුරු ලැබෙනවා. අන්න ඒ වෙලාවට අපි චිත්‍රපටය ගැන යම් අදහසක් ගන්න එහි ට්‍රේලරය නරඹනවා. චිත්‍රපටයක් බලන්න ප්‍රිය වෙන්න එහි උද්වේගකර හෝ ජනප්‍රිය වියහැකි කොටස් එකතුකරල කෙටියෙන් හදන වීඩියෝවක් තමයි ට්‍රේලරය කියන්නේ. ඇතැම් චිත්‍රපට නිකුත්වෙන්න කාලයකට පෙර හදන එවැනි ප්රචාරක වීඩියෝවලට ටීසර් කියල කියනවා. හින්දි සිනමාවේ තරු රඟන චිත්‍රපටවල ටීසර් එක බොහොම කලින් එනවා.
ට්‍රේලර් එක හදන්නේ චිත්‍රපටය නිකුත් වන්න ආසන්න වුණාම. මෙන්න මේවා බලල අදහසක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන්න ඕනි IMDB,ROTTEN TOMATO වගේ චිත්‍රපට දර්ශකවල මෙම චිත්‍රපටයේ ජනප්‍රියතාවය උපයාගෙන ඇති ලකුණු ප්‍රමාණය අනුව බලං ඉන්න පුළුවන් හොඳ එකක්ද නැද්ද කියල අදහසක් ගතහැකි. ඒ වගේම Google කරල ගත්තාම අපිට පුළුවන් චිත්‍රපටයක කතාවස්තුව ගැන අදහසක් දැනගන්න. ඒකට ප්ලොට් එක කියල කියනවා. සමහර තැන්වල ස්ටෝරිලයින් කියලත් කියනවා.
ඉතින් එහෙම අදහස්, ප්‍රේක්ෂක ප්‍රතිචාර අනුව අපිට පුළුවන් ඒක බාගත කරල හෝ මුදල් ගෙවල හෝ නරඹන්න. YTS.MX වගේ වෙබ් අඩවියකින් ලෝකෙ ජනප්‍රිය ඉංග්‍රිරිසි චිත්‍රපට විශාල ප්‍රමාණයක් නොමිලයේ බාගත කරගන්න පුළුවන්. https://movies2watch.tv/ හරහා අලුත්ම චිත්‍රපට අපිට නොමිලයේ නරඹන්න පුළුවන්. ඒ වගේම ඉංගිරිසි නොතේරෙන අයට පුළුවන් https://www.baiscope.lk/ සහ www.cineru.lk වැනි වෙබ් අඩවියකින් සිංහල උපසිරැසි ලබාගන්න.
ඉතින් මේ කිව්වේ දැන් අන්තර්ජාලය ඉතා ලාබෙට තියෙන නිසා චිත්‍රපට නරඹන්න ආසා අයට පොඩි ඔත්තුවක්. ඉතින් චිත්‍රපට ගැන විචාර සහ තොරතුරු තියෙන යූටියුබ් නාලිකා නම් සිය දාස් ගාණක් තියෙනවා. ඒවායේ චිත්‍රපටවල ගුණ අගුණ කතා කෙරනවා. ඉතින් බලන්න කලින් චිත්‍රපටය ගැන කියවෙන දේවල් දැනගෙන බලද්දි ඒක ගොඩක්විට ප්‍රයෝජනවත්.
වෙනත් රටවල තරුණ නිර්මාණකරුවන්ට සිනමාව කියවන්න උගන්වන්න යම් වැඩමුළු තියෙනවා. ඒවායෙදි චිත්‍රපටයේ සංකේත, දෙබස්, රූප, පිටපත, යටිපෙළ ගැන
ප්‍රේක්ෂකයට කියල දෙනවා. ඊට පස්සෙ ඒ චිත්‍රපටය බලද්දි අපිට නිකං බලනවාට වඩා දෙයක් දැනෙනවා.
ඉතිං ඒකයි කිව්වේ චිත්‍රපට හායි හූයි ගාලා කිව්ව පළියට නැතුව හොඳට හොයල බලල බැලුවොත් ඔබේ කාලය අපතේ යන්නෙත් නෑ… මූඩ් අප්සෙට් යන්නෙත් නෑ!
මනෝරම වීරසිංහ ✍️