නත්තල සමග උතුරු අර්ධගෝලයට ශීත සෘතුව උදා වෙනවා. මේ සීතලත් සමග නත්තල් උත්සවය පිළිබඳව වූ පණිවිඩය ලෝකයටම කියැවෙනවා. මේ නිසාම දෙසැම්බර් මාසය නත්තල සමග වූ අනන්‍යතාවයක් ගොඩනගා ගෙන සිටියත් ලෝකය පුරා මිලියන ගණනක ජනතාව අනාදිමත් කාලයක පටන් දෙසැම්බර් මාසයේදී විවිධ උත්සව පවත්වනු ලබනවා.
ඩොන්ෂි චීන උත්සවය
හැන් රාජවංශය දක්වා වූ දීර්ඝ ඉතිහාසයක් ඇති ඩොන්ෂි උත්සවය දින 15 ක් පුරා පැවැත්වෙනවා. ඔවුන් මේ ශීත කාලයේදී සිරුර උණුසුම් කිරීම වෙනුවෙන් වූ විවිධ ආහාර අනුභව කරනවා. එය සීතලට එරෙහිව තමන්ගේ සිරුරේ උණුසුම රඳවා ගැනීමක් ලෙසට ඔවුන් සලකනවා. මේ කාලයේදී ග්ලුටිනස් රයිස් බෝල, මස් ඩම්ප්ලිං, බෝංචි සුප් සහ එළුමස් ස්ටු වැනි ආහාර විශේෂයෙන් සකස් කරනවා.
හකා උත්සවය…
දකුණු අප්‍රිකාවේ අස්වැන්න නෙලීම දෙසැම්බර් මාසයේදී සිදු වෙනවා. පළමු අස්වැන්න ගෘහමුලිකයා විසින් රස බලනවා. සත්ත්ව බිළි පූජාවන් පවත්වන අතර යටත් වැසියන්ට අස්වනු ඵල දැන් බුත්ති විඳීමට අවසරය ඇති බව සංකේතමක් කිරීමක් ලෙසින් පාලකයා විසින් වල් කරවිල කඩා දැමීම සිදු කරනවා.
1879 වසරේ බ්‍රිතාන්‍යයන් විසින් මෙම ප්‍රදේශය අත්පත් කර ගැනීමෙන් පසුව සුලු ජනතාව අතර මෙම උත්සවය පැවැත්වීම තහනම් කර ඇත. පසුකාලයක ගුඩ්විල් විසින් මෙම උත්සවයට පුනර්ජීවනයක් ලබා දුන් අතර මෙම උත්සවය දකුණු අප්‍රිකාවේ නොන්ගෝමාහි එන්යොකේනි රාජකීය මාළිගාවේ පවත්වනු ලැබේ.
මටුන්ඩා යා ක්වාන්සා.
මෙම උත්සවය කැලිෆෝනියානු ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ අප්‍රිකානු අධ්‍යන පිළිබඳ මහාචාර්යවරයෙකු වන මවුලානා රොන් කරෙන්ගා විසින් 1966 වසරේදී හඳුන්වා දී ඇති උත්සවයකි. මෙය දෙසැම්බර් 26 වැනි දින සිට ජනවාරි පළමු වැනි දින දක්වා පැවැත්වේ. මෙම උත්සවයේ අරමුණ කෙනෙකුගේ ආත්මය පිරිසිදු කර ගැනීම සහ අලුත් කර ගැනීමයි. මෙම මටුන්ඩා යා ක්වාන්සා උත්සවය අප්‍රිකානු ඇමරිකානුවන් සඳහා වූ නවීන උත්සවයකි. මෙම උත්සවයේ අරමුණ සම්ප්‍රදායික අප්‍රිකානු පවුල සහ සමාජ වටිනාකම් ප්‍රවර්ධනය කිරීම බව මහචාර්ය මවුලානා සඳහන් කරනවා.
බිග් ඉන්ක්වාලා…
එස්වාටිනි රාජ්‍යයේ ප්‍රධාන සංස්කෘතික උත්සවය ලෙස මෙය සැලකෙනවා. මෙම උත්සවය දින හතක් පුරා පැැවත්වෙනවා. එස්වාටිනි රාජාණ්ඩුවෙ සැමරීම මෙම උත්සවයේ ප්‍රධාන අරමුණයි. එය දින හයක් පුරා පවත්වනු ලබනවා. රජතුමාට උපහාරයක් ලෙසින් රණශූරයා ඔවුන්ගේ කෙත්වතුවල අස්වැන්න නෙලා ගැනීම මෙම උත්සවයේ විශේෂ ලක්ෂණයයි.
යාල්ඩා උත්සවය
මෙය පූර්ව ඉස්ලාමීය පර්සියාවේ වැදගත් උත්සවයක් වන අතර ඉරානයේ සහ ලොව පුරා සිටින සොරොස්ට්රියානුවන් විසින් මේ උත්සවය අද දක්වාම පවත්වනු ලබනවා. අතීතයේදී යාල්ඩා උත්සවය සැමරීම වෙනුවෙන් හරිත වර්ණයෙන් නිවෙස් අලංකාර කිරීම, සේවකයන්ට එක් දිනකට තම ස්වාමියා පාලනය කිරීමට අවසර දීම වැනි සම්ප්‍රදායන් පැවැතුනා.
කැපැක් රේමි
පේරු සහ ඉක්වදෝරයේ තවමත් මෙම කැපැක් රේමි පුරාණ උත්සවය සමරනු ලබනවා. ඉන්කාවරුන් විසින් නිර්මාණය කරන ලද මෙම උත්සවයේදී හිරු දෙවියන් වන “ ඉන්ටිට ” ගෞරව කිරීම සිදු වෙනවා. මෙහිදී සත්ත්ව බිලි පූජා කිරීම, සහ ඉරිඟු බියර් හපමින් මිනිසුන් නර්තනයේ යෙදෙනවා. පේරු, ඉක්වදෝරයේ සමහර ප්‍රදේශවල අදටත් ගම්පිටින් පෙළපාලියේ ගමන් ගනිති. පිරිමි ළමයි ඔවුන්ගේ පළමු දිග කළිසම ඇඳීම සහ ගැහැණු ළමයින් පළමුව හිසේ පැළඳීම වෙනුවෙන් රිබන් ලබා දීම මෙහිදි සිදු වෙනවා.මේ අන්දමින් දෙසැම්බර් මාසය මුළු ලෝකයම විවිධ උත්සව සිරියෙන් බබලන කාලයක් බවට පත්ව තිබෙනවා.
බී.බී.සී පුවත් ඇසුරිනි
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️