මේ නත්තල් සමයයි. ජේසු උපත සිහිකෙරෙන නත්තලේ සැබෑ අරුත සාමය හා ප්‍රේමයයි. සාමය සඳහා මූලික වන්නේ සමාව දීමයි.
එල්ලී සිටින්න එපා!
සෑම කෙනෙකුම එක් වතාවක් හෝ අසාධාරණයකට ලක්වීමට ඉඩ ඇත. සමහරවිට ඥාතියකු හෝ පවුලේ කෙනෙකු එසේ කළා විය හැකිය. එහෙත් ඒ පිළිබඳ නිෂේධාත්මක හැඟීම්වල එල්ලී සිටීමෙන් හානිය සිදුවන්නේ ඔබ සෞඛ්යටයි.
අත්හැරීම අපහසු තමයි
ඔබට වරද කළවුනට සමාවදීම අපහසු වූවත් එසේ නොකළහෙත් සිදුවන්නේ ඔබ නිෂේධාත්මක සිතිවිලිවලින් සහ යටපත් කළ කෝපයෙන් මනස පුරවා ගැනීමය. මේවායින් මිදීම යනු මානසික නිදහස ලැබීමය.
නිකම් ඉඳලා බැහැ ඉගෙන ගන්නත් ඕනෑ සමාවදීම තීරණාත්මක සහ චිත්තවේගීය ලෙස දෙයාකාරය. තීරණාත්මක කැමැත්ත යනු තවදුරටත් එම පුද්ගලයාට නරක දේ සිදුවනවා දැකීමට අකමැතිවීමය. එහෙත් චිත්තවේගීය සමාව වඩා දුෂ්කර වන අතර දිගු කාලයක් ඒ සඳහා වැයවේ. ඔබ නිෂේධාත්මක හැඟීම්වලින් සම්පූර්ණයෙන්ම ඉවත්වීමක සිදුවන අතර තවදුරටත් ඒ ගැන මතකයට පැමිණීමේ පීඩාවෙන් ඔබ සම්පූර්ණයෙන්ම අත්මිදේ.
මානසික ප්රතිලාභ
කෙතරම් අපහසු වූවත්, සමාවදීම තුළින් කාංසාව, මානසික අවපීඩනය සහ අවශේෂ දුසිරිත්වලින් වැළකී, ඉහළ ආත්මාභිමානය සහ ජීවිත තෘප්තිය ළඟා වෙයි. තමුන්ට මහා වරදක් සිදුවීය යන පසුතැවිල්ල සමග ත අරගල කිරීම මේ අපහසුතාවට හේතුවයි.
REACH ක්‍රමය අනුගමනය කරන්න
ඉංගිරිසි කැපිටල් අකුරුවලින් අදහස් වන්න් මෙයයි. Recall, Emphasize, Altruistic gift, Commit, and Hold.
Recall -මෙනෙහි කරන්න
පුද්ගලයා ගැන ආත්ම අනුකම්පාවක් හෝ නිෂේධාත්මක හැඟීමකින් තොරව එම අවස්ථාව, පුද්ගලයා සහ දැනුණු හැඟීම් ආදි සියල්ල ගැන පැහැදිලි චිත්‍රයක් මනසෙහි මවාගන්න. ඔබ අසතුටට පත්කරන දෙයක් වූවත් කිසිවක් ඉවත නොදමන්න.
Emphasize – සංවේදනය කරන්න…
තමුන්ට රිදවන පුද්ගලයා තමුන්ට රිදවන්නේ ඇයිද යන්න ඔබ දෘෂ්ටිකෝණයන් නොව අදාළ පුද්ගලයා එසේ කිරීමට හේතුවූ එම තැනැත්තාගේ දෘෂ්ටි කෝණයෙන් සිතන්න. තමුන්ට පහර දෙන අය සමහරවිට වෛරයකින් තොරව එසේ කරති. ඔවූහු සමහර විට බියෙන්, කනස්සල්ලෙන් හෝ තවකෙකු රිදවීමේ මානසික තත්ත්වයකින් පසුවෙති. එවිට විමසීමකින් තොරව අන් අයට පහර දෙති.
Altruistic Gift – පරහිතකාමී තෑග්ගක්
මෙම පියවරෙහිදී කෙරෙන්නේ ඔබේම අඩුපාඩු සකස්කර ගැනීමයි. ඔබ කළ වරදක් ගැන ඔබ සමාව ලැබූ අවස්ථාවක් ගැන සිතන්න. එහිදී ඔබට දැනුනේ කුමක්ද? එසේ නම් තමුන්ට වරද කළ අයට සමාවදීම පරහිතකාමී ත්‍යාගයක් ලෙස සිතන්නට පටන්ගන්න.
Commit- සමාව දීමේ සිතිවිල්ල කෙරෙහි කැපවන්න…
සමාව දීම ගැන ලියන්න. මෙය ඔබ සමාව දීමේ චින්තනය කෙරෙහි නැඹුරු කරවන්නකි.
Hold – සමාව අල්ලාගෙන සිටින්න
රිදවීම පිළිබඳ මතකයන් නිතර මතු වෙන නිසා මෙම උත්සාහය තරමක් අසීරුය. කෝප සිතිවිල්ලක් පැමිණි විගස ඔබ දැනටමත් වැරදිකරුට සමාවදී ඇති බව මතක් කරගන්න. තවද තමාට අවශ්‍ය වන්නේ වරදකරුට හානියක් නොව යහපතක් කිරීමට බව තරයේ සිතන්න. ඔබ සමාව දීම ගැන ලියූ ලිපි හෝ මිතුරකු සමග බෙදාගත් අදහස් සිහිපත් කරන්න.
www.health.harvard.edu ඇසුරෙන්
සුනිල් අල්ගම ✍️