ඊසාන සහ නිරිත වාස්තු ශාස්ත්‍රය යනු අපගේ ආර්ථික දියුණුවටද, සාර්ථකත්වය ළගා කර ගැනීමටත්, නිරෝගිකම ඇතිකර ගැනිමටත් මහඟු පිටිවහලක් ලබා දෙන ප්‍රායෝගික කරුණකි. මෙලෙස සඳහන් කරන ලද ආර්ථිකය, සාර්ථකත්වය සහ නිරෝගිකම යන කරුණු ළගා කර ගැනීම සඳහා වාස්තු ශාස්ත්‍රය තුළ හඳුන්වා දී ඇති දිශාවන් පිළිබඳව එම දිශාවන් තුල පවත්නා කාරකත්වය පිළිබඳව අවදානය යොමු කළ යුතුය. මෙහිදීි ප්‍රධාන දිශා පිළිබඳ පමණක් නොව අතුරු දිශා තුළ පවත්නා ප්‍රබල කාරකත්වයන් පිළිබදව අවදානය යොමු කළ යුතුය. සාමාන්‍යයෙන් නිවසකට සුබ ශක්තින් පැමිණෙන දිශාව ඊසාන වන අතර එම ශක්තීන් ගබඩා වීම නිරිත දිශාවෙන් සිදු වේ. එමෙන්ම වස්තු පුරුෂ සංකල්පයට අනුවද ඊසාන දිශාව යනු ඉතාම පිරිසිදුව තබා ගත යුතු දිශාවකි.
නිරිත දිශාවෙන් බල ගැන්වෙන ආර්ථිකය, සාර්ථකත්වය සහ නිරෝගිකම :-
නිරිත දිශාව යනු වාස්තු ශාස්ත්‍රය තුළ ඉතාම ප්‍රභල දිශාවක් වශයෙන් සැලකේ. මන්ද යත් පෙර සඳහන් කරන ලද සුබ ශක්තින් ගබඩාවන දිශාව මෙම දිශාව බැවින්ය.එමෙන්ම නිරත දිශාව නිවසක ගෘහ මුලිකයා සමඟ බැඳී පවතින දිශාවද වන අතර ගෘහ මුලිකයාගේ සහ සියළු නිවැසියන්ගේ ආර්ථිකය, සාර්ථකත්වය සහ නිරෝගිකමට ප්රබලවම බලපානු ලබන දිශාවකි. නිවසේ ආර්ථික තත්ත්වයේදී මුදල් ඉතිරිවීම හෝ නිකරුණේ අනවශ්‍ය ලෙස මුදල් වියදම් වීම සඳහා බලපානු ලබන දිශාවකි. එමෙන්ම නිරෝගිකම සදහාද ප්‍රභලවම නිරිත දිශාව බලපානු ලබයි.
ඊසාන දිශාවෙන් ගලනය වන සුබ ශක්තීන් තැන්පත් වන දිශාව නිරිත වන බැවින් මෙම දිශාව නොමැතිව නිවසක් සැලසුම් කිරීම හෝ ඉදිකිරීම නොකළ යුතුය. එනම් මෙම දිශාව අංග හීන දෝෂය නොමැතිව ඉදිකළ යුතුය. සාමාන්‍යයෙන් ශක්තීන් තැන්පත් වන දිශාව බැවින් මෙම දිශාවේ සිටින පුද්ගලයින් සාපේක්ෂව නිවසේ සිටින අනෙක් අයට වඩා තරමක් ප්‍රබල පුද්ගලයකු වේ. මෙම හේතුව මත පෙර සදහන් කළ පරිදි මෙම දිශාව ගෘහ මුලිකයා සමග බැඳි පවතී. එම නිසා නිවසක් සැලසුම් කිරීමේදී හා ඉදිකිරිමේදීි ප්‍රධාන නිදන කාමරය නිරිත දිශාවේ සැලසුම් කිරීම ඉතාම සුදුසුය.
එමෙන්ම මෙම දිශාව තුළ නිවසක මුළුතැන්ගෙය, වැසිකිළිය, ගරාජය, වැසිකිළි වල ආදිය ඉදිකිරීම මත එම නිවැසියන්ට ගැටළුකාරි තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වේ. එමෙන්ම නිවසක විදුලි මීටරය, ආදියද මෙම දිශාවේ ස්ථානගත නොකිරීමද ඉතාම සුදුසුය. තවද නිවසේ එදිනෙදා වැඩකටයුතු සඳහා යොදා ගෙන ඉවත් කරනු ලබන අපිරිසිදු ජලය ද මෙම දිශාවට ඉවත් නොකළ යුතුයි. කුණු කසල එකතු වන ස්ථාන ආදිය තිබීම ද තවත් ගැටළුවකි.
එම නිසා මෙම නිරිත දිශාව නිවස තුළ මෙන්ම ඉන් පිටතත් පිරිසිදුව මෙන්ම ක්‍රමවත්ව තිබිය යුතුයි.තවද මෙම දිශාව නිවස තුළ මෙන්ම ඉන් පිටත ද භූමියේ අනෙක් දිශාවන්වලට සාපේක්ෂව වැඩි උසකින් යුක්ත වීමද සුදුසු ය, එමෙන්ම මෙම දිශාව තුළ ප්‍රධාන නිදන කාමරය, බරින් වැඩි ගෘහ භාණ්ඩ, වටිනා භාණ්ඩ ආදිය තැබීමට සැලසුම් කරගත හැකිය. ඉහළට එසවූ ජල ටැංකිය ද මෙම දිශාවට සුදුසු වන අතර නිවසක බිත්ති මඟින් වැඩි වශයෙන් ආවරණය වූ දිශාවක් වීමද සුදුසුය. එමඟින් සුබ ශක්තිය නිවස තුළ තැන්පත්වීම පහසු කරයි.
මෙම නිරිත දිශාව නොගැළපෙන අංගයන්ගෙන් දුබල වීම මත අනවශ්‍ය ලෙස මුදල් වැයවීමත්, පවුල තුළ විවිධ ආකාරයේ ගැටළු ප්‍රශ්න ආදියට මුහුණ පෑමටත් නිවැසියන්ගේ ශරීර සෞඛ්‍ය ආදිය පිරිහීමටත් හේතුවක් විය හැක. එම නිසා නිවස තුළ සහ ඉඩමේ ඇති ඉඩ හොඳින් කළමණාකරණය කරගෙන නිවසක් ඉදිකළ යුතුය. නමුත් එසේ ප්‍රායෝගිකව කළ නොහැකි අවස්ථාවල මෙවැනි ගැටළු විසඳා ගැනීම සඳහා ප්‍රතිකර්ම ඇති බැවින් ඒ සඳහා ගැටළුකාරී මනසක් ඇති නොකර ගත යුතුය.
ඊසාන දිශාවෙන් බලගැන්වෙන නීරෝගිකම සහ ආර්ථිකය :-
ඊසාන දිශාව යනු වාස්තු ශාස්ත්‍රය තුල තවත් එක් ප්‍රබල දිශාවකි. විශේෂයෙන්ම නිවැසියන්ගේ නීරෝගිකමට බලපානු ලබන දිශාව මෙයයි. නිවැසියන් නිතර රෝගිවීම මත ආර්ථික ගැටලුද එම නිවසට බලපානු ලබන වක්රාකාර ගැටළුවකි. මෙම හේතූන් මත මෙම දිශාව තුළද නිවසක වැසිකිළිය, වැසිකිළි වල, මුළුතැන් ගෙය, ගරාජය ආදිය සැලසුම් නොකිරීම ඉතාම සුදුසුය.
සාමාන්‍යයෙන් නිවසකට ආලෝකය සහ වාතාශ්‍රය ලබාගැනීමට වඩාත්ම සුදුසුම දිශාව වශයෙන් ඊශාන දිශාව හඳුන්වා දිය හැකිය. එම නිසා මෙම දිශාවට යොදනු ලබන ජනෙල් ආදිය තරමක් සාපේක්ෂව විශාල වීමත් ඉතාම සුදුසු වන අතර එම ජනෙල් ආදිය නිතර විවෘතව තබා ගැනීමද ඉතාම සුදුසුය. එමඟින් මෙම දිශාවෙන් නිවසට ලැබෙන සුභ ශක්තීන් නිවසට ලබා ගැනීම පහසුය.
තවද රෝගී තත්ත්වයන්ට ලබා ගන්නා ඖෂධ ආදිය නිවස තුළ තබා ගැනීමේදී මෙම ඖෂධ වර්ග ඊශාන දිශාවේ තබා ගැනීම ඉතාම සුදුසුය. තවද එම ඖෂධ වර්ග කිසිවිටෙකත් මුළුතැන්ගෙයි නොතැබිය යුතුය. නිවසින් පිටත ඉඩම තුළද ඊසාන දිශාවේ සුදුසු පරිදි ඖෂධ පැළ වගා කිරීම ඉතාම සුදුසු කාර්යයක් බව පෙන්වා දිය හැකිය.
නිරිත දිශාව මෙන්ම මෙම ඊසාන දිශාවද නිවසක සහ ඉඩමේ අපිරිසිදු ගෘහ අංග නොතිබිය යුතු අතර ඉතාම පිරිසිදු හා ක්‍රමවත් විය යුතුය. නිවසක පූජාසනය, වැඩිහිටි හෝ ළමා කාමර, අධ්‍යාපන කාමර ආදියද මෙම දිශාවට වඩාත් සුදුසු වේ.නිවසක ආර්ථිකය, සාර්ථකත්වය සහ නිරෝගීකමට මඟ පාදන මෙම දිශා යුගලය මේ නිසා පිරිසිදුව සහ ක්‍රමවත්ව තබා ගැනීම ඉතාම සුදුසු වන අතර ඉඩකඩ කුඩා වීම හෝ වෙනත් ප්‍රායෝගික ගැටළු මත එසේ කිරීමට නොහැකි අවස්ථා වල ඒ වෙනුවෙන් යොදා ගත හැකි සුදුසු ප්‍රතිකර්ම සහ යෝජනාවන් පිළිබඳව සලකා බැලිය යුතුය. එයට උදාහරණ වශයෙන් වාස්තු බැම්ම, සුභ සංකේත සහ මෙවලම් භාවිත කළ හැකිය.මෙම කරුණු මත නිවසක ආර්ථිකය, සාර්ථකත්වය සහ නිරෝගීකම වර්ධනය කරගැනීම සඳහා මෙම දිශාවන්ගේ ශක්තීන් ප්‍රයෝජනයට ගෙන සුභදාය. ආලෝකමත් නිවසක් ඉදිකර ගනිමු.
වාස්තුවිද්‍යා විශාරද නිවාස සැලසුම් ශිල්පී
සමස්ත ලංකා ශාස්ත්‍රානුකූල වාස්තු වේදීන්ගේ සංගමයේ
මාධ්‍ය ලේකම්
අරෝෂ ජයවර්ධන
ආලෝකා Homes, මිනුවන්ගොඩ
(Aloka Homes vasthu FB Page)
අර්චිත ඉඳුවර ✍️