අද තාක්ෂණය හරිම දියුණුයි.හැම දෙයක්ම අප්ඩේට් වෙනවා.ඉගෙනගන්න ඕන තරම් ෆ්ලැට්ෆෝර්ම්ස් තියෙනවා. ඒ නිසා අතේ සල්ලි නෑ, අර පාඨමාලාව කරන්න, මට ඉගෙනගන්න විදියක් නෑ කියල වදවෙන්න ඕන නැහැ. උත්සාහය, කැපවීම තියෙනවා නම් ෆෝන් එකෙන් ජීවිතේ දිනන්නත් පුළුවන්. මෙහෙම කියන්නේ අරුණි කල්හාරි. ඇය පෞද්ගලික අංශයේ රැකියාවක් කරන ගමන් ෆ්‍රී ටයිම් එකේ විනෝදාංශයක් විදිහට මැක්රම් ආට් කරන්න පටන් අරන්. ආසාව නිසා පටන් ගත්තත් ඇය අද අලුත් ලෝකයකට පියමං කරන ව්‍යවසායිකාවක්.
ඉතින් අරුණි කොහොමද මේ මැක්රම් ආර්ට් ගැන දැනගත්තේ?
ඇත්තටම මේ මැක්රම් ආට් ලංකාවට අලුත් දෙයක්. ඒත් පිටරට නම් මේක ප්‍රසිද්දයි. ලොකු ඉල්ලුමක් තියෙනවා. මගේ අක්කයි නංගියි මේ ගැන තියෙන වීඩියෝස් යූටියුබ් එකේ දැකල මට කිව්වා. ඊට පස්සෙ තමයි මේ මැක්රම් ආර්ට්ස් ගැන ආසාවක් ඇති වුනේ. ඉගෙනගන්න ඕන කියල හිතුනේ..
අරුණි කොහොමද ඉගෙනගත්තේ ?
මම කිසිම පාඨමාලාවක් කරලා නැහැ. මම යූටියුබ් එකේ මේ ගැන සර්ච් කළා. ලංකාවේ මේ කලාව එච්චර ප්‍රසිද්ධ නැතිවුණත් පිටරට අය කරපු වීඩීයෝස් ඕන තරම් තිබුනා. මේක වූල් කලාව වගේ නෙමෙයි. ගොඩක් ගැට වර්ග එක්ක තමයි මැක්රම් ආර්ට් කරන්න ඕන. ඒ දේවල් ගැන මම වීඩියෝස්වලින් දැනුම එකතු කරගත්තා. පොඩ්ඩ පොඩ්ඩ ගොතන්න ඉගෙන ගත්තා. මම මුලදි විනෝදාංශයක් විදියට නිදහස් වෙලාවට මේක කරන්න ගත්තා. ඒ විදියට ආපු ගමන තමයි මගේම කියල බිස්නස් එකක් දක්වා එන්න පුළුවන් වුනේ.
අරුණි මොනවද කරන නිර්මාණ?
මගේ නිර්මාණවලින් ගොඩක්ම ප්‍රතිචාර ලැබෙන්නේ බකමූණු මැක්රම් ආර්ට් එකට. ඊට අමතරව මැක්රම්වලින් මල් වාස්, මල් බොකි, කර්ට්න් රඳවන, කර්ට්න් ටයි බැක්ස්, වෝල් හැගින් වගේ ගොඩක් නිර්මාණ කරනවා. තව මම මේ දවස්වල පයිප්ක්ලීනර්ස් ආර්ට් කරනවා. මල් වර්ග, වාස් වගේ නිර්මාණත් පයිප්ක්ලීනර්ස්වලින් කරනවා.
කොහොමද අමුද්‍රව්‍ය හොයාගත්තේ?
මුලදි පටන් ගද්දී නම් අමුද්‍රව්‍ය හොයන්න අමාරු වුණා. ඒත් පස්සේ Fb Pageවලින් කොටුවේ කඩවල්වලින් හොයාගන්න පුළුවන් වුණා. මැක්රම් නූල් මේ නිර්මාණ කරන්න අනිවාරෙන්ම ඕන.
අනිත් වෝල් ආර්ට් රඳවන හදද්දී අවශ්‍ය ලී මමම හදාගන්නවා. කෝපි, රඹුටන්, කුරුඳු වගේ ලී අරගෙන පොත්ත අයින් කරලා ඒ ලී වේලනවා. ඊට පස්සෙ වැලි කඩදාසිවලින් මැදලා කෘමි සත්තුන්ගෙන් හානි නොවන විදියට වාර්නිශ් ආලේප කරලා තමයි අවශ්‍ය විදියට රඳවන හදාගන්නේ.
සාමාන්‍යයෙන් නිර්මාණයක් කරන්න කොයිතරම් කාලයක් යනවද?
මැක්රම් ආර්ට්වලදි ගැට වර්ගවලින් රටා හදන්නේ. ඒ නිසා ඉවසීමෙන් කරන්න ඕන. කලබල වෙලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒක. ඒ නිසා එක නිර්මාණයක් කරන්න දවස් පහක් වගේ යනවා. කරන නිර්මාණය අනුව ඒක අඩු වැඩි වෙන්න පුළුවන්.
ලංකාවේ විතරද ඉල්ලුම තියෙන්නේ?
නැහැ. මම පිටරටවල ඉන්න අයටත් ඕඩර් යවනවා. මේක ගොඩක් ප්‍රසිද්දයි පිටරටවල්වල. ඒ නිසා ඒ රටවල්වලිනුත් ඕඩර් ලැබෙනවා. ඊට අමතරව ලංකාවේ මාකට් එකටත් දානවා.
අරුණිට ලැබුණ සහයෝගය ගැන කිව්වොත්?
මගේ පවුලේ අයගෙන් ලොකු සපෝර්ට් එකක් හම්බවෙනවා. අක්කයි නංගියි ගොඩක් උදව් කරනවා. ඒ වගේම යාළුවන්ගෙනුත් ලොකු මෝටිවේෂන් එකක් ලැබෙනවා.
මොනවද ආපු අභියෝග?
මේක ලංකාවට ටිකක් අලුත් නිසා මුලදී මැක්රම් නූල් හොයන්න අමාරු වුණා. ඒ වගේම ඒවා ටිකක් මිලත් වැඩියි. ඒත් මට ඒ දේවල් මැනේජ් කරගන්න පුළුවන් වුණා. මුල්ම කාලෙ ගොතන්න ඉගෙනගනිද්දී වැරදි වැරදි තමයි කළේ. ඒ වෙලාවට ආපහු මුල ඉදන් ගොතන්නත් වෙනවා. ඒත් ඉවසීමෙන් කරගෙන ආපු නිසා අභියෝග ජයගන්න පුළුවන් වුණා.
මේ වගේ අලුත් දේවල් කරන්න ඉන්න අයට, අරුණිට දෙන්න තියන පණිවිඩය මොකක්ද?
ඇත්තටම ඕනම දේකට උත්සාහය, කැපවීම තියෙන්න ඕන. මේ වගේ මැහුම් සම්බන්ධ කලාවක් කරනවා නම් අනිවාර්යයෙන්ම ඉවසීම ඕන. ඒ වගේම නිතරම අප්ඩේට් වෙන්න ඕන. අලුත් දේවල් හොයාගෙන ගිහින් ඒ දේවල් ට්‍රයි කරල බලන්න ඕන. කෝස් කරන්නම ඕන නැහැ. ඉගෙනගන්න ඔන්ලයින් එඩියුකේෂන් ෆ්ලැට්ෆෝර්ම්ස් තියෙනවා.
පවනි දිලේකා ✍️