මේ ලිපිය කියවන කවුරුත් බර්මියුඩා ත්‍රිකෝණය ගැන අහල තියෙනවට සැකයක් නෑ. ඔය බර්මියුඩා ත්‍රිකෝණය ගාවින් යන නැව්, ගුවන් යානා එහෙමත් අතුරුදන් වෙනවා කියලනෙ කියන්නේ. ඔය කියපු ත්‍රිකෝණය වගේම අපිට ආවේණික පොල් ත්‍රිකෝණය එහෙමත් නුහුරු ත්‍රිකෝණ නෙවෙයි. නමුත් අද කතා කරන්න යන්නේ මේ කියපු එක ත්‍රිකෝණයක් ගැනවත් නෙවෙයි. මම කතා කරන්න යන්නේ සාර්ථකත්වයේ රන් ත්‍රිකෝණය ගැන.
සාර්ථකත්වයේ රන් ත්‍රිකෝණයට සංකල්ප 3ක් තියෙනවා. ඔබ ඉන්න ක්ෂේත්රය තුළ යම් කිසි විදිහකින් සාර්ථකත්වයට පත්වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් මෙන්න මේ සංකල්ප තුනේ සංකලනය වෙන්නෙ කොහොමද කියලා අවබෝධ කරගෙන සිටීම ඉතා වැදගත්. මේ රන් ත්‍රිකෝණයේ තියෙන සංකල්ප තුනෙන් පළවෙනි එක තමයි දැනුම.
ඔබ වැඩ කරන ක්ෂේත්රයට අදාළව දැනුම හදාගන්න එක හරිම වැදගත්. දැනුම කියපු ගමන් ඔබේ මතකයට එන්නේ පොතේ පතේ දැනුම නේද? නමුත් මේ කතා කරන්නේ ඒ දැනුම ගැන නොවේ. පොතේ පතේ දැනුමත් අවශ්‍යයි. නමුත් ජීවිත සාර්ථකත්වයේදී පොතේ දැනුම විතරක් ප්‍රමාණවත් වෙන්නේ නෑ. ඔබ ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ව්‍යාපාරය පිළිබඳ දැනුමක් හදාගන්න ඕනේ. ඔබ අලෙවිකරුවෙක් නම් අලෙවිකරණයට අදාළ දැනුම හදාගන්න ඕනේ. මේ දේවල් පාසලේ දී ලැබුණ දැනුමෙන් විතරක් කරන්න බෑ.
දෙවන සංකල්පය තමයි කුසලතා. දැනුම වගේම ඔබේ වැඩ කරන ක්ෂේත්රය පිළිබඳව කුසලතාත් හදාගන්න එක අත්‍යවශ්‍යයි. උදාහරණයක් විදිහට අපි හිතමු ඔබ පාරිභෝගිකයන් එක්ක වැඩ කරන කෙනෙක් නම් පාරිභෝගිකයන් එක්ක ගනුදෙනු කරන විදිහ, ඔවුන්ට සැලකිය යුතු විදිහ ඔප්නංවා ගන්නට ඕනේ ඔබ සන්නිවේදකයෙක් නම් සන්නිවේදන කුසලතා වැඩිදියුණු කර ගන්නට ඕනේ.
තුන්වැනි සංකල්පය ආකල්ප. ආකල්ප කියන්නේ අපි දෙයක් දිහා බලන විදිහ, එය අර්ථකථනය කරන විදිහ. පුද්ගලයෙක් සාර්ථකත්වයට යන ගමනේදි මෙන්න මේ සංකල්ප 3 සාර්ථකත්වයේ රන් ත්‍රිකෝණය කියලා සාර්ථකත්වයේ විiාවන් ගැන කතා කරන ප්‍රවීණයන් කියනවා. මේ තුනෙනුත් වැඩියෙන්ම වැදගත් වෙනනෙ ආකල්ප ලෝකයේ ඉතා ප්‍රභල ආයතන 500ක් සම්බන්ධයෙන් පර්යේෂණයක් කරලා තියෙනවා.
මේ පර්යේෂණයේදී ඔවුන් හොයා ගන්නවා මේ ආයතන සියල්ල සාර්ථකත්වයට රැගෙන යන ගමනේදී මේ ආයතන විසින් ආයතන තුළට සේවකයන් ගනිද්දි ඔවුන් සේවකයන්ගෙන් වැඩියෙන්ම බලලා තියෙන්නේ දැනුමවත්, කුසලතාවත් නෙවෙයි ආකල්ප කියලා. පුද්ගලයකුගේ සිතුවිලි තමයි ප්‍රබලම ඇතැම් විට මේ මොහොතේදී සාර්ථකත්වය කරා යන ඔබේ ගමන අතරමග නතර වෙලා ඇති. එහි ගැටලුව ඇත්තේ දැනුමේ වත්
කුසලතාවලවත් නොවෙන්න පුළුවන්. බොහෝ විට ගැටලුව ඇත්තේ ඔබේ ආකල්ප තුළ වෙන්න පුළුවන්. මෙයින් අදහස් කරන්නේ ඔබ තුළ ඇති ආකල්ප නරක බව නොවේ. ඔබේ ජීවිතේ මට්ටම තීරණය වෙද්දි ඔබේ සිතුවිලිවල මට්ටමට තීරණාත්මක බලපෑමක් එල්ල කරනවා. ‘සීමාව අහස නොව ඔබේ සිතයි’ කියලා වාක්‍යක් ඔබ අහලා ඇති. බුදු දහමෙත් දේශනා කරලා තියෙනවා ‘මනෝ පුබ්බංගමා ධම්මා’ කියලා දෙයක්.
එහි තේරුම සියලු දෙයටම මුල් වෙන්නේ මනස යන්නයි. ඔබ මොන වගේ ආකල්ප දරන කෙනෙක්ද කියන දේ මත ඔබේසාර්ථකත්වය තීරණය වෙනවා. කුසලතා කියන්නෙත් වැදගත්ම සාධකයක්. දැනුම ප්‍රායෝගිකව භාවිත කිරීම තුළින් අපිට කුසලතා වර්ධනය කරගන්න පුළුවන්. අපි හිතමු ඔබ පිහිනීම සම්බන්ධව පාඨමාලාවකට සම්බන්ධ වුණා කියලා.
ඔබ පන්ති කාමරයේ ඉඳගෙන පිහිනීමේ ක්‍රම ශිල්ප ඉගෙනගන්නවා. දැනුම රැස්කරගන්නවා. ඊට පස්සේ ඔබ ජලාශයකට ගිහින් වතුරට බැහැලා පීනන්න පටන් ගත්තොත් තමයි ඔබට අර ඉගෙනගත්ත දේවල් ප්‍රායෝගිකව අත්හදා බලන්න පුළුවන් වෙන්නේ. එවිට ඔබට කුසලතා වර්ධනය කරගන්න පුළුවන්. ඔබ පිහිනන ක්‍රමය දන්නවා. හැකියාව තියෙනවා. නමුත් ඔබට වතුරට බැහැලා පිහිනීමේ උවමනාවක් නැත්නම් අන්න එතැනදි ඔබේ ඍණාත්මක ආකල්ප ඉස්මතු වෙනවා.
මේ නිසා තමයි දෙයක් ක්‍රියාවට නංවන්න ආකල්පත් වැදගත් වෙන්නේ. කැමැත්තක් තියෙන කෙනා දියුණු වෙන්නේ නැත්නම් එතැන ප්‍රශ්නෙ තියෙන්නේ දැනුමෙයි කුසලතාවෙයි වෙන්න පුළුවන්. දැනුමයි කුසලතායි තිබිලා දියුණු වෙන්නෙ නැත්නම් ප්‍රශ්නෙ තියෙන්නේ ආකල්පවල වෙන්න පුළුවන්.
ප්‍රවීණ දේශක හා මනෝවිද්‍යා පුහුණු උපදේශක,
මොහාන් පල්ලියගුරු
එරංදි කෞශල්‍යා ✍️