ලුණු ගැන කී විටම අපේ සිතට ඇති වෙන්නේ එතරම් ප්‍රියමනාප අදහසක් නොවේ. අපව ලෙඩ කරන ලුණු ආහාරයේදී සීමා කිරීම ගැන අපි කතා කළත් එක්සත් ජනපදයේ පෝෂණ විද්‍යාව පිළිබඳ මහාචාර්ය පෝල් බ්‍රෙස්ලින් සඳහන් කරන අන්දමට ලුණු අපේ ජීවිතයට අවශ්‍යයි.
අපි ලුණු ආහාරයට ගන්නා විට අපේ දිවේ රස අංකුර සහ උගුරේ මෘදු තල්ල මගින් එය හඳුනා ගන්නවා. ලුණු මගින් අපේ ශරීරය සහ මනස විද්‍යුත්කරණයට ලක් කරනවා. ලුණුවල ඇති සෝඩියම් ස්ඵටික අයන අපේ කෙළ සමග දිය වී රස අංකුරවලට ඇතුලුවන අතර එවිට සෘජුවම සෛල සක්‍රිය කරනවා. එවිට අපේ ශරීරය සහ මනස ප්‍රබෝධමත් වෙනවා.
ලුණු අවශ්‍ය ඇයි…?
මහාචාර්යවරයා එහෙම කිව්වත් ඇත්තටම ලුණු අපට අවශ්‍ය ඇයි…? අපේ සියළුම නියුරෝනවල, මොළයේ, කොඳු ඇට පෙළ සහ සියළුම මාංශ පේශිවල සෛලවල විද්‍යුත් ක්‍රියාකාරීත්වය සහ සම සහ අස්ථි සඳහාත් සඳහා ලුණු අවශ්‍ය වෙනවා. ඉතාම සරලව කිව්වොත් ප්‍රමාණවත් තරම් සෝඩියම් නැති වුණොත් අපි මිය යන්නත් ඉඩ තිබෙන බැව් බ්‍රෙස්ලින් විසින් සඳහන් කරනවා.
ලුණු අඩු වුණොත් මොකද වෙන්නේ…?
සෝඩියම් ඌනතාවයක් ඇති වුණොත් එය අපට විවිධ විදිහට බලපාන්න පුළුවන්.
- මානසික ව්‍යාකුලබව
- නුරුස්නා බව
- දුර්වල ප්‍රතිචාර
- වමනය
- වෙව්ලීම
- සිහිසුන් බව හෙවත් කෝමා තත්වය
ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන අන්දමට අපට දෛනිකව ලුණු ග්‍රෑම් පහක් අවශ්‍ය වෙනවා. දළ වශයෙන් එය තේ හැන්දක ප්‍රමාණයක්. නමුත් අප විසින් මේ මාත්‍රාව ඉක්මවා පරිහරණය කරන නිසා විවිධ රෝගාබාධ තත්වයන් ඇති වෙනවා.
- හදවත් ආශ්රිත රෝග
- ආමාශ පිළිකා
- තරබාරුව
- ඔස්ටියෝපොරෝසිස්
- වකුගඩු ආශ්රිත රෝග
ඒ අනුව අද වනවිට අතිරික්ත මාත්‍රාවෙන් ලුනු පරිභෝජනය නිසා සෑම වසරකම මිලියන 1.89 ක් මරණයට පත් වෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඇස්තමේන්තු කර තිබෙනවා.මේ අතර ලෝකයේ වැඩියෙන්ම ලුණු පරිභෝජනය කරන රට කසකස්ථානය වන අතර එය දිනකට ලුණු ග්‍රෑම් 17 ක් පමණ අගයක් ගන්නවා. එක්සත් රාජධානියේ ඒක පුද්ගල ලුණු පරිභෝජනය ග්‍රෑම් අටක් පමණ වෙනවා. ඒ නිසා හැම දෙයක් වගේම ලුණුත් පමණ දැන ගෙන පරිභෝංනය කිරීම වැදගත් බැව් අමතක කරන්න එපා.
බී.බී.සී පුවත් ඇසුරිනි
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️