ලිංගික ශ්‍රමික ව්‍යාපාරයට ලෝකයේ දිගු ඉතිහාසයක් ඇති අතර ඇතැම් අවස්ථාවලදී ජීවිතයට පවා ඇති විය හැකි අවදානමත් මෙම වෘත්තියටම බද්ධව තිබෙනවා. බර්නඩෙත් බෙටී සාගෝ හංගේරියානු ජාතික කාන්තාවක්. ඇය ඇම්ස්ටර්ඩෑම් නගරයට සංක්‍රමණය වනවිට වයස අවුරුදු 19 ක්. ඉතා කටුක ජීවිතයක් ගත කළ බෙටී ඇම්ස්ටර්ඩෑම් නගරයට පැමිණි පසු ගැබ් ගත්තා.
දරු ප්‍රසුතියෙන් පසු ඇය නැවත රැකියාවට සම්බන්ධ වුණා. මේ අතර එක් දිනක් දාමරිකයන් පිරිසක් පැමිණ බෙටී ඇම්ස්ටර්ඩෑම් නගරයේ ශාංගාර කලාපයට රැගෙන යෑමට උත්සාහ දරා ඇති අතර එයට බෙටී එකගතාවය පළ නොකළ නිසා සාහසික ලෙසින් ඇය ඝාතනය කළා.
2009 වසරේ පෙබරවාරි 19 වැනි දින ඇගේ තවත් සේවා දායකයන් දෙදෙනෙකු පැමිණ බෙටීට ආමන්ත්‍රණය කළත් ඇයගෙන් පිළිතුරක් නොලද කළ ඔවුන් අනවසරයෙන්ම එම නිවසට ඇතුලු වුණා. එහිදී ඇගේ මියගිය සිරුර ඔවුන්ට හමු වුණා.
මෙම සිදුවීමට දැන් වසර 15 ක් ගෙවී ඇතැත් තවමත් අපරාධකරුවන් නිදැල්ලේ හැසිරෙන බැව් ඇම්ස්ටර්ඩෑම් පොලිසිය සඳහන් කරනවා. නමුත් බෙටීගේ ඝාතතයා සොයා ගැනීමට හැකියාවක් ලැබී නැහැ. CCTV දර්ශන පරීක්ෂා කරමින් මේ ගැන විමර්ශනය කළත් එය නිෂ්ඵල වුණා. ඇගේ දරුවා තවමත් භාරකාර රැකවරණයේ තබා තිබෙනවා. මෙම සැකකරු විදේශයක සිට පැමිණි අයෙකු බව සැක කරන අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් තොරතුරක් ලබා දෙන අයෙකුට යූරෝ 30, 000 ක ත්‍යාගයක් පිරි නැමීමටද යෝජනා කර තිබෙනවා.
ඒ වගේම ලිංගික ශ්‍රමිකයන් ලෙසින් කටයුතු කරන තවත් කාන්තාවන් හෙට දවසේ මේ තත්ත්වයට පත් විය හැකි නිසා ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දැන් “ හෙලෝග්‍රෑම් ” අකෘතියක් නිර්මාණය කර තිබෙනවා. මෙම ආකෘතිය ඩෙනිම් කොට කලිසමකින් සැරසී සිටින අතර ඇගේ තන පටයේ කොටින්ගේ රූප සහිතයි. උදර ප්‍රදේශයේ සර්පයෙකුගේ පච්චයක් කොටා තිබෙනවා. මෙම රොබෝ ආකෘතිය නෙදර්ලන්තයේ ගණිකා කලාපවල සැරිසරමින් ගණිකා නිවාසයේ ජනේලයේ ‘Help’ යන වචනය ලියනවා.
මෙම හෙලෝග්‍රෑම් ආකෘතිය මීට වසර 15 කට ඝාතනයට පත් බේගේ සිදුවීම මතක් කරමින් එම ඝාතකයා හඳුනා ගැනීම සඳහා වූ තොරතුරක් සොයමින් ගණිකා නිවාසයන්හි සැරි සරන්නට පටන්ගෙන තිබෙනවා. බෙටීගේ ඝාතනය තවමත් විසඳුන නැති අභිරහසක් බැව් මෙම “හෙලෝග්‍රෑම් ” මගින් ලිංගික ශ්‍රමිකයන්ට සිහිපත් කරනවා.
බී.බී.සී පුවත් ඇසුරිනි
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️