ඩෙංගු වසංගත රෝග තත්ත්වයක් වුණත් පරිසරය පිරිසිදුව තබා ගැනීමෙන් මදුරුවන් බෝවන තැන් අපට වළක්වා ගන්න පුළුවන්. අපේ ඇස ගැටෙන තැනක වතුර පිරුන තැනක් දැක්කොත් සහ එවැනි තැන් ඇති නොවන විදිහට කටයුතු කරන්න අපට පුළුවන්. නමුත් වහලක වැහි පිහිල්ලක වතුර රැඳෙන තැන් ඒ විදිහට පිරිසිදු කරන්න පහසු නැහැ. බොහෝවිට වැහි පිහිල්ලක වතුර රැඳුන තැන් අපට පෙනෙන්නේ නැහැ. ඒ වගේම වහලකට නැගලා ඒවා පිරිසිදු කිරීමත් අපහසුයි. මේ ප්‍රශ්නවලට විසඳුමක් විදිහට සාර්ථක නිර්මාණයක් ඉදිරිපත් කළ තරුණ පුතෙක් ගැනයි මේ විස්තරය.
කවුද ඔයා?
මම ඔෂාන් රශ්මිත වික්‍රමසූරිය.
බණ්ඩාරගම මධ්‍ය මහ විද්‍යාලයෙන් අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත් වුණා. මට වයස අවුරුදු 17 යි. දැනට පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධිය හදාරනවා.
ඩෙංගු බෝවීම වළක්වන්න මේ වගේ උපාංගයක් නිර්මාණය කිරීමේ අදහසක් ඔබට ඇති වුණේ කොහොමද…?
මම පුංචි කාලයේ ඉඳලාම වෙනස් දෙයක් කරන්න කැමැති කෙනෙක්. සෙල්ලම් බඩුවක් ලැබුණාමත් ඒක ගලවලා බලනවා. ඒ ඇතුළත යාන්ත්‍රණය හොයනවා. හැබැයි කඩා බිඳ දමලා නිකම් ඉන්නේ නැහැ. නැවත තිබුණ විදිහටමත් හදනවා. ඔන්න ඔය හැකියාව මට පොඩි කාලේ ඉඳලම තිබුණා.
වැහි පිහිළි පිරිසිදු කරන උපාංගයක් ගැන අදහසක් ඇති වුණේ…?
අපේ තාත්තාට ඩෙංගු උණ හැදුණා. එතැනදී මදුරුවන් බෝවන තැන් ගැන බැලුවාම වැහි පිහිළිවල මදුරුවෝ ඇති වුණාම පිරිසිදු කරන්න අපහසුයි. මදුරුවන් මරණවාට මම විරුද්ධයි. ගොඩක් අය වැහිපිහිලි නිසා ගස් කපනවා. ඒ නිසා ගස් අසල තිබෙන වැහි පිහිලි වෙනුවෙන් රොබෝ අකෘතියක් නිර්මාණය කරන්න මම හිතුවා.
මේ රොබෝගේ ක්‍රියාකාරිත්වය ගැන කිව්වොත්…?
මේ රොබෝ බැටරියක් ආධාරයෙන් ක්‍රියාත්මක වෙනවා. වැහි පිහිල්ලේ කොනක බැටරි ආරෝපණය සවි කර තිබෙනවා. වැස්සට වගේම පායන කාලයටත් උපාංගය වැහි පිහිල්ල කොනක සවි කරන තිබෙනවා. ඉතින් කොළ වැටුණාම ස්වයංක්‍රියව ඒ සියල්ල පිරිසිදු කරලා ඩවුන් පයිප්පය ඔස්සේ බිමට වැටෙනවා.
කිසිම මිනිස් බලයක් අවශ්‍ය නැහැ. ඒ වගේම ඕනෑම වැහි පිහිල්ලක යාන්ත්රණයට ගැළපෙන විදිහට මේ ආකෘතිය නිර්මාණය වෙනවා. දැනට මේ උපාංගය බැටරියක ආධාරයෙන් ආරෝපණය වුණත් මෙය සූර්ය බල ශක්තියෙන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.
මේ වගේ සාර්ථක උපාංගයක් සමාජගත කරන්න ඔබේ අදහසක් නැතිද…?
දැනටමත් ප්‍රසිද්ධ සමාගමක් විසින් මේ උපාංගය සමාජයට හඳුන්වා දෙන්න පරීක්ෂණ සිදු කරමින් පවතිනවා. ඉදිරියේදී මෙය හැම සමාජයට හඳුනාගන්න ලැබේවි.
ඔබේ තවත් මෘදුකාංග නිර්මාණ ගැනත් කිව්වොත්…
එකක් නොවෙයි, නව නිපැයුම් කීපයක් තිබෙනවා. අපි ආයතනයකට ගියාම එතැන ආරක්ෂක කුටියක් තිබෙනවා. එතැන සිටින නිළධාරී මහතාට අපේ නම, ලිපිනය, දුරකථන අංකය, හැදුනුම්පත් අංකය වගේ විස්තර ලබා දෙන්න ඕන. ඔහු ඒවා සටහන් කර ගන්නවා. අපි මිනිස්සු නිසා වැරදීම් වෙන්න තිබෙන අවස්ථා වැඩියි. සටහන් කරන විට වැරදෙන්න පුළුවන්.
ඒ වගේම අතපසු වීමකින් හැදුනුම්පත නැතිව එන්න පුළුවන්. නමුත් මම හඳුන්වා දෙන මෘදුකංග පද්ධතියේ දත්ත ගබඩා වෙනවා. එක් වතාවක් පැමිණි කෙනෙක් නැවත වතාවක් පැමිණියහොත් තොරතුරු ඇතුළත් කරන්න අවශ්‍ය නැහැ. ඒ වගේම ආයතනය විසින් කැඳවන පිරිසක් සිටියොත් අදාල අයගේ තොරතුරු මුර කුටියට ලබා දෙනවා. එවිට ආරක්ෂක නිළධාරී මහතාට මේ අය හඳුනා ගැනීමට මෘදුකාංග පද්ධතියෙන් සහය ලැබෙනවා.
මෙයින් ලැබෙන වාසිය…
විශාල ආයතනයකට පැමිණෙන පිරිස් පිළිබඳව සටහන් කිරීමේදී වැරදි සිදු වෙන්න පුළුවන්. කාලය ඉතිරි වෙනවා. ඒ විතරක් නොවෙයි ඉතිහාසයක් තිබෙනවා.
ගණන් කිරීම පහසු කරන්න
මේ මෘදුකාංගයේදී අපට යම් යම් දේවල් ගණන් කිරීමේ පහසුව තිබෙනවා. මම මේ මෘදුකාංගය දැනටමත් පයිප්ප සමාගමක් වෙනුවෙන් හඳුන්වා දී තිබෙනවා. පයිප්ප බට දහස් ගණනක් තිබෙන විට මිනිස් බලයෙන් ඒවා එකින් එක ගණන් කිරීම සිදු කරනවා. එතැනත් කාලය ගත වෙනවා. වැරදි විදිහට ගණනය වෙනවා.
ඔබේ මෘදුකාංගයෙන් ලැබෙන පිටුවහල…
මෙතැනදී එකින් එක ගණන් කිරීම අවශ්‍ය නැහැ. ජංගම දුරකථනයකින් ඡායාරූපයක් ලබාගත් විට එතැන තිබෙන පයිප්ප බට ගණන එහෙම නැත්නම් ගල් සංඛ්‍යාව, පත්තර සංඛ්‍යාව ඡායාරූපයේ සටහන් වෙනවා. එහි නිරවද්‍යතාවයත් තිබෙනවා. ඒ වගේම දත්ත ගබඩා වෙනවා. ගිණුම් කටයුතුවලටත් පහසුවක් සිදු වෙනවා.
තවත් මෘදුකාංග ගැන ඔබ සඳහන් කළා…
ඔව්… උත්සවශාලා වෙනුවෙන් මේ මෘදුකාංගය මම සංවර්ධනය කළා. හෝටලයක උත්සවයක් පවත්වනවිට අපට ආරාධනා පත්‍රයක් ලැබෙනවා. තරු සහිත හෝටල්වල ආරාධිතයාට ලැබෙන මේසය එහි සටහන් වෙනවා. මේ කාර්ය සිදු කරන්නේ අපි ලිඛිතව. එතැනදීත් වැරදි සිදු වෙන්න තිබෙන අවස්ථාව වැඩියි. සමහරවිට ආරාධිතයෙකුට හිමි ආසානය නැති වෙන්න පුළුවන්. එකම ආසනය දෙදෙනෙකු වෙනුවෙන් නම් වෙන්න පුළුවන්. අදාල ආසන සංඛ්‍යාවට වඩා ආරාධිතයන්ට ඇරයුම් කරන තිබෙන්න පුළුවන්. ආසන සැලසුම් කිරීමේදී මෙවැනි වැරදි සිදු වෙන්න පුළුවන්.
ඔබේ මෘදුකාංගයෙන් මෙවැනි වැරදි වීමට ඉඩක් නැතිද…?
නැහැ. අදාල උත්සවය සංවිධානය කරන අය විසින් අදාල ආරාධිතයන්ගේ සංඛ්‍යාව, ආසන ලබා දිය යුතු ආකාරය, අසුන්ගත යුතු වෙලාව ආදි දත්ත මෘදුකාංගයට ලබාදුන් විට සියල්ල නිවැරදි විදිහට ගැළපෙනවා. මේ ගැන ඉහළ පෙලේ සමාගම් බොහෝ ප්‍රශංසා කළා.
ජංගම දුරකථන ක්‍රීඩා වෙනුවෙන්…
අපි හැම වෙලාවේම දරුවන් ජංගම දුරකථනය ඔස්සේ ක්‍රිඩාවලට ඇබ්බැහිවිම ගැන චෝදනා කරනවා. ඔවුන් තමන්ට නොගැළපෙන ක්‍රිඩාවලට යොමු වීම ගැන අද කතා කරනවා. එය ඇත්ත. blue -end යනුවෙන් ක්‍රිඩාවක් තිබෙනවා. එය සිය දිවි නසා ගැනීමට උත්තේජනයක් ලබා දෙන තරමටම අහිතකර ක්‍රිඩාවක්. මේ නිසා මම තමන්ට තමන් සොයා ගත හැකි ජංගම දුරකථන ක්‍රිඩාවක් සංවර්ධනය කරමින් පවතිනවා.
තමන්ගේ ආරක්ෂාව තමන් විසින් සලසා ගැනීම…
විශේෂයෙන් ඉදිකිරීමේ කර්මාන්තවල යෙදෙන විට තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගත යුතු බවට වූ ආදර්ශ පාඨයක් තිබෙනවා. නමුත් බොහෝදෙනක් ඒ ගැන නොසලකා කටයුතු කරන නිසා අනතුරු සිදු කර ගන්නවා. මගේ මෘදුකාංගයෙන් වැඩ බිමක හෙල්මට් එකක් නැතුව යම් කෙනෙක් වැඩ කරනවා නම් ඒ අයව පෙන්වනවා. එතකොට ඒ පුද්ගලයාට හෙල්මට් එක පැළඳ ගැනීමට විධාන කිරීමක් සිදු වෙනවා.
ඔබේ මෘදුකාංගවල විශේෂත්වය…
මේවා පහසුවෙන් පරිහරණය කරන්න හැකියාව තිබෙන බව ඉහළ සමාගම් සඳහන් කරනවා. Setup කිරීමක් අවශ්‍ය නැහැ. නිදන කාමරයේ වුණත් ගැටළුවක් නැහැ.
ඔබ ලැබූ ජයග්‍රහණ ගැනත්…
2021 වසරේ ව්‍යවසායකයින් 5000 ක් අයදුම් කල දෙරන “ස්ටාර්ට් අප් “තරගයෙන් මම අවසන් වටයට තේරුණා. එවිට මගේ වයස අවුරුදු 15 යි. එතැන හිටිය ලාබාලම අයදුම්කරු මමයි.සිරස අබිමන් තරගයට අයදුම් පත් 10, 000 ක් ලැබුණා. මේ තරගකරුවන් අතරටත් මම තේරුණා. නවෝත්පාදන කණ්ඩායමේ අවසන් 10 දෙනා අතරට මම තේරුණා.
මේ වගේ ගමනක් වෙනුවෙන් ඔබට උදව් ලබා දුන් අය ගැනත්…
මගේ දෙමව්පියෝ මට විශාල ශක්තියක් වුණා. ඒ අතරේ මේ වගේ නිර්මාණ ඉදිරිපත් කරද්දී ආචාර්ය කිෂු ගෝමස් මහතා මට ඒ හැකියාව ඉදිරියට ගෙන යන්න මගේ ව්‍යවසායක උපදේශක ලෙස කටයුතු කරනවා. එතුමා නැත්නම් අදටත් මගේ නිෂ්පාදන ගෙදර…
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️