වැඩිම ඔලිම්පික් රන්පදක්කම් ලාභිනිය ලෝකයේ වයස්ගතම ඔලිම්පික් පදක්කම්ලාභිනිය ලෙසින් වාර්තා ලබා සිටි ඇග්නස් කෙල්ටි පසුගිය දෙසැම්බර් මස 25 වැනි දින දින අභාවප්රාප්ත වූවාය. නිව්මෝනියා රෝග තත්ත්වය ඇගේ මරණයට හේතු විය.
යුදෙව් ජාතික සම්භවයක් ඇති ඇග්නස් 1921 වසරේ බුධාපෙස්ට් නගරයේ උපත ලැබුවාය. ඇය ලබා ගත් ඔලිම්පික් පදක්කම් දහය අතරට රන් පදක්කම් 5 ක් ඇතුළත් වේ.
ඇය පස් වතාවක්ම ජිම්නාස්ටික් ඉසව්ව වෙනුවෙන් ඔලිම්පික් රන් පදක්කම් ලබා ගැනීමට සමත් වූවාය.
ඇගේ මුල්ම රන් පදක්කම 1952 වසරේ හෙල්සින්කි නගරයේ පවත්වන ලද ඔලිම්පික් තරගයේදී ලබා ගත් අතර ඒ වනවිට ඇගේ වයස අවුරුදු 31 කි.
1956 වසරේ මෙල්බර්න් නගරයේ පැවැති ඔලිම්පික් උළෙලේදී ඇය තවත් රන් පදක්කම් හතරක් ලබා ගැනීමට සමත් විය.
ඒ අනුව ඇය වැඩිම රන් පදක්කම් දිනා ඇති කාන්තාව ලෙසින්ද වාර්තාවක් එක් කරන ලදී. මිය යන විට ඇගේ වයස අවුරුදු 103 කි.
NPR newsletter ඇසුරෙන්
පුන්යා චාන්දනී ද සිල්වා ✍️