දියුණු වර්තමානයේ පවා ඇතැම් පිරිමින් කාන්තා දායකත්වය කුස්සියට සීමා කරමින් ඔවුන්ගේ බුද්ධිය හැඳි මිටට සමාන කිරීමේ නිරර්ථක උත්සාහයක නිරතවී සිටීම පුදුමය දනවන්නකි. එහෙත් ප්‍රායෝගිකව එය එසේ නොවේ. ශරීර ශක්තියෙන් පුරුෂයින් කාන්තාවන් අභිභවා ගියත් මොළය මෙහෙයවා කරන කටයුතුවලදී කාන්තාවන් සිය ආධිපත්‍ය පතුරවමින් සිටිති. ඒ ඔවුන්ට සුවිශේෂී වූ සහජ ඥානයේ අනුහසිනි.
ස්වයං දැනුවත්භාවය වැඩිදියුණු කිරීම
සහජ ඥානය මගින් කාන්තාවන්ගේ ස්වයං දැනුවත්භාවය දියුණු කරයි. ඔවුන්ගේ ආශාවන් සහ ශක්තීන් පැහැදිලිව වටහා ගැනීමට උපකාර කරයි. තමුන්ගේ අභ්‍යන්තර හඬ විශ්වාස කිරීම මගින් කාන්තාවන්ට තම හෘද සාක්ෂියට අනුකූලව තීරණ ගැනීමේ හැකියාව ලැබෙන අතර එමගින් තෘප්තිමත් ජීවිතයකට මාවත සලසනු ලබයි.
නායකත්වය බබළවන සහජ ඥානය
කාන්තාවන් තමුන්ගේ ජයග්‍රහණ කරා යෑමේදී සිට සහජ ඥානය අගය කරයි. විශ්වාස කරයි. මේ හැකියාව අභියෝග සිසාරා යෑමට, නවෝත්පාදන සිතිවිලි ඇතිකර ගැනීමට, සහ අන් අයව දිරි ගැන්වීම ප්‍රකට කරමින් ඔවුන් නායකත්ව භාර ගැනීමෙ අභියස සාර්ථක චරිත බවට පමුණුවයි.
තීරණ ගැනීම
තීරණ ගැනීමේ හැකියාවේදී තාර්කික විශ්ලේෂණය කරා ඔවුන් මෙහෙයවන්නේ සහජ ඥානයයි. සංකීර්ණ ගැටලු විශ්වාසයෙන් යුතුව විසඳීමේ හැකියාව ලබාදෙයි. තර්කනයේ සහ සහජ ඥානයේ ඵලදායී තේරීම් කරා ඔවුන් මෙහෙයවයි. සහජ ඥානයෙන් ලැබෙන සංඥා දැඩිව විශ්වාස කිරීම තුළින් ඔවුන්ට නිතරම තම වටිනාකම්වලට ගැළපෙන තේරීම් සිදුකළ හැකිය.
සහජ ඥානය සහ චිත්තවේගී ඥානය
සහජ සහ චිත්තවේගී බුද්ධියේ සමීප සම්බන්ධය නිසා කාන්තාවන්ට හැඟීම් තේරුම් ගනිමින් ඵලදායී ලෙස ඒවා කළමනාකරණය කරගත හැකිය. මෙම තත්වය අන්තර් පුද්ගල සබඳතා තර කරගනිමින් සාර්ථක නායකත්වයක් කරා යෑමට උපකාරී වෙයි.
සහජ ඥානය සහ වෘත්තීය සංවර්ධනය
සහජ ඥානය තුළින් බාධක ජය ගනිමින් විශ්වාසයෙන් යුතුව අවදානම් සහ ආශාවන් සමපාත වන අයුරින් මෙහෙයවමින් වෘත්තීය අවස්ථා හඳුනා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබේ.
සහජ ඥානය සහ පෞද්ගලික වර්ධනය
සහජ ඥානය තුළින් කාන්තාවනට සිය අව්‍යාජ අධ්‍යාත්මය හා සුසංයෝගී වන දේ හඹා යෑමේ හැකියාව ලැබේ. එමගින් තෘප්තිය සහ සතුට ළඟා වේ.
ස්වයං රැකවරණය
සහජ ඥානය තුළින් කාන්තාවකට ලැබෙන තවත් වාසියකි ස්වයං රැකවරණය අභ්‍යන්තර ප්‍රඥාව. විවේක ගත යුතු අවස්ථා හෝ වෙනස්විය යුතු අවස්ථා තම අභ්‍යන්තර හඬට සවන්දීම තුළින් ඔවූහු අවබෝධ කර ගනිති.
නිර්මාණශීලීත්වය
කාන්තාවන් ඔවුන්ගේ බුද්ධිමය තීක්ෂ්ණ බුද්ධිය විශ්වාස කරන විට නිර්මාණශීලිත්වය වැඩි දියුණු වේ. ඇසට පෙනෙන රාමුවෙන් ඔබ්බට ගොස් සුවිශේෂී කෝණයකින් වැඩ සහ කලාව දෙස බැලීමට එමගින් ඔවුන්ට හැකියාව ලැබේ.
healthcentre.nz ඇසුරින්
සුනිල් අල්ගම ✍️