දැනගෙන වැඩ කිරීමට අඳුරේ අතපත ගෑම හෝ අනුන්ට චෝදනා එල්ල කිරීමට වඩා වටනේය. පිරිමියකු වේවා ගැහැණියක වේවා මේ දෙපාර්ශවයම ශාරීරික හා මානසික කරුණු සම්බන්ධව අන්‍යෝන්‍ය අවබෝධයක් ඇතිකරගත යුතුය. අද සාකච්ඡා කෙරෙන්නේ ආර්තවහරණය, හෝමෝන වෙනස්වීම් සහ ගැබ් ගැනීමේ සංඥා වෙන්කර හඳුනාගැනීම්දී කුතුහලයට තුඩු දෙන කරුණු පිළිබඳවය.
ආර්තවහරණයෙන් පසු ගැබ් ගැනීමට ඇති ඉඩප්රස්ථා
ආර්තවහරණය එළඹෙන්නේ කාන්තාවකගේ ඔසප් චක්‍රය නතරවී මාස 12 ක් සම්පූර්ණ වූ විටය. මාසික ඩිම්බකෝෂයේ අවසානය සහ ස්වභාවිකව ගැබ් ගැනීමේ හැකියාව නිර්ණය කරන සන්ධිස්ථානය මෙයයි. එහෙත් ඩිම්බ කෝෂ ක්‍රියාකාරීත්වය නොමැති වුවද සාමාන්‍ය ගර්භාෂයක් තිබේ නම් සංසේචනය කළ ඩිම්බයක් මගින් ගැබ් ගැනීමේ අවස්ථාව හිමිවේ.
නව තාක්ෂණය
තාක්ෂණ දියුණුවත් සමගම හෝමෝන ප්‍රතිකාර මගින් පසුකාලීන ගැබ් ගැනීමක් සඳහා සූදානම් කළ හැකිය.
සංක්‍රාන්ති කාලය
ආර්ථවහරණයට පෙර වසර 8-10 දක්වා වූ සංක්‍රාන්ති කාලයකි. සාමාන්‍යයෙන් වයස අවු 40 දී ආර්ථවරණය සිදුවූවත් වයස 30 දී පමණ සංක්‍රාන්ති කාලය ඇරඹිය හැකිය. එහිදී ඩිම්බ කෝෂ අඩු ඊස්ට්‍රජන් හෝමෝන ප්‍රමාණයක් නිපදවයි. එවිට වයස අවු 20 ගණන්වලදී මෙන් නාව ගැබ් ගැනීමේ සම්භාවිතාව අඩුවේ.
වැදගත්
එමනිසා ගැබ් ගැනීම අපේක්ෂා නොකරන කාන්තාවන් මාස 12 කට පසු ඔවුන්ගේ ආර්තවාහරණය තහවුරු වන තෙක් අඛණ්ඩව උපත්පාලන ක්‍රම අනුගමනය කළ යුතුය.
අවදානම් හඳුනාගන්න
වයස අවුරුදු 40-44 අතර කාන්තාවන්ට නිරෝගී ගැබ් ගැනීම් හැකි නමුත් සංකූලතා පිළිබඳ අවදානම වැඩිය. අධි රුධිර පීිඩනය, හිසරදය, පෙනීම වෙනස්වීම, මුහුණ ඉදිමීම, හදිසි බර වැඩිවීම ඇතිවිය හැකිය. පිපාසය වැඩිවීම, නිතර මුත්‍රා පිටකිරීම, තෙහෙට්ටුව සහ පෙනීම බොඳවීම යන රෝග ලක්ෂණ පෙන්නුම් කරන ගර්භණී දියවැඩියා රෝග තත්ත්වය හා උපත් දෝෂද, යෝනි මාර්ගයෙන් ලේ ගැලීම, කැක්කුම සහිත ගබ්සා වීමේ අවදානමද, බොහෝ විට අල්ට්රා සවුන්ඩ් මගින් හෝ උපතෙන් පසුව අනාවරණය වන අඩු බර උපත් ලැබීමද මෙකී අවදානම් අතර වේ.
වෙනස හඳුනාගන්න
ඔබ ආර්තවහරණයට ලක්වී සිටීද නැතිනම් ගර්භණීව ඇතිදැයි හඳුනාගැනීම අභියෝගයකි. බොහෝ විට සමානකම් ඇති නිසා කල්පනාකාරී විය යුතුය. සැකයක් ඇත්නම් ගර්භණී පරීක්ෂාව සිදුකර ගන්න.
මනෝභාවය වෙනස් වේ
ගර්භණී සමයේදී සහ ආර්තවහරණයේදී හෝමෝන වෙනස්කම් නිසා ඇතිවන මනෝභාවයන් එකිනෙකින් වෙනස්ය. ගර්භණීව ඇතිනම් එක මොහොතක හැඬීම එක මොහොතක සිනාසීම වැනි චිත්තවේගීය කඩාවැටීම් ඇතිවිය හැකිය. පූර්ව ආර්තවහරණයේදී නුරුස්නා බව, කාංසාව සහ මානසික අවපීඩනය සුලබ වේ.
තෙහෙට්ටුව සහ නිදි රටාවේ වෙනස්කම්
නින්දේ පුරුදුවල වෙනස්කම් හෝමෝනවල වෙනස්කම් ප්‍රකාශ කරයි. එවිට වෛද්‍ය උපදෙස් පැතීම යෝග්‍යය.
බර වැඩිවීම
ඔබේ බර වැඩිවීම ගැන අවධානයෙන් සිටින්න. බර වැඩිවීමේ සහ රාත්‍රී දහඩිය දැමීම, ඔසප් නැවතීම, ඔක්කාරය දැනීම ආදීය ඇතිවන දින වකවානු සටහන්කර තැබීම වෛද්‍ය උපදෙස් සඳහා ප්රයෝජනවත්ය.
පියයුරු මොළොක් වීම
ආර්තවහරණයේදී සිදුවන හෝමෝන අසමතුලිතතාවයේදී කාන්තාවනට පියයුරු වේදනාව අත්විඳීමට සිදුවේ. පියයුරු මොළොක් වීම ඇතුළු වෙනස් කම් දුටුවහොත් වෛද්‍යවරයා හමුවෙන්න.
www.womenshealthnetwork.com ඇසුරින්
සුනිල් අල්ගම ✍️