උදේ පාන්දර කෝපි එකක් බිව්වම මුළු දවසම හරි ප්‍රබෝධමත්. රෑට නින්ද යන්නෙ නැතිව ඉන්න කෝපි එකක් හදල බොන්න ඕන බව අපේ වැඩිහිටියෝ කිව්වේ ඒ විදියට. බාල මහළු භේදයක් නැහැ කෝපි බොන්න. කෝපි කියන තරම් අපේ ශරීරයට ගුණදායකද? කෝපි බොන්න ඇත්තටම හොඳද අද කතාව ඒ ගැන.
කොපිවල බහුල වශයෙන් b1 b3 b5 ෆෝලේට් වගේ විටමින් වර්ග තියෙනවා. ඒ වගේම මැග්නීසියම්, කැල්සියම්, මැංගනීස්, පොටෑසියම් වගේ ඛනිජ වර්ගත් තියෙනවා. ඇන්ටිඔක්සිජන් භහුල ආහාරයක් තමයි කෝපි කියන්නේ. එළවළ පලතුරුවලත් ඇන්ටිඔක්සින් බහුලයි. අපේ දේහයේ පිළිකා අවම කරන්න ඇන්ටිඔක්සිජන්වලට පුළුවන්. කෝපිවල කැෆෙන් බහුල වශයෙන් අන්තර්ගත වෙනවා. අපේ ශරීරයට කැෆෙන්වලින් විශාල බලපෑමක් ඇති කරනවා.
නිදිමත නැති කරන්න කෝෆිවලට පුළුවන්…
කෝපිවල බහුල වශයෙන් කැෆෙන් අන්තර්ගත වෙනවා. කැෆෙන්වලට අපේ මොළයේ ක්‍රියාකාරීත්වයට බලපෑම් කරන්න පුළුවන්. ඇඩිනෝසින් රාසයනය මොළයේ ක්‍රියාකාරීත්වයට බලපානවා. ඇඩිනෝසීන්වල ක්‍රියාකාරීත්වය අඩු කරන්න කැෆෙන් හේතුවෙනවා. ඇඩිනෝසින් තමයි අපේ ශරීරය නින්දට සූදානම් කරන්නේ අපි නිදාගනිද්දී ඇඩිනෝසින් ශ්‍රාවය වෙනවා.
අපේ නිදාගැනීම උත්තේජනය කරන්නේ ඇඩිනෝසින්. හෘදයේ ක්‍රියාකාරීවය අඩු කරන්නත් ඇඩිනෝසින්වලට පුළුවන්. හෘදය මහන්සිවී වැඩ කිරීම අඩු කරන්න ඇඩිනෝසින් සහය වෙනවා. නිදාගැනීමට උත්තෙජකයක් ඇති කිරීමක් ඒ මගින් ඇති වෙනවා. අක්මාවට ඇඩිනෝසින් ඇතුල් වුණාම අක්මාවේ තැන්පත් වෙලා තියෙන ග්ලයිකොලජන් ග්ලූකෝස් බවට පත් කරනවා. නින්ද සඳහා අවශ්‍ය ශක්තිය උත්පාදනය කරන්න සහයවීමක් ඒ මගින් සිදු වෙනවා.
නිදාගනිද්දී ආහාර ගන්නෙ නැහැ. අවයව ක්‍රියාත්මක කරන්න ශක්තිය සපයන්නේ ඒ විදියට. ඒ වගේම ඇඩිනෝසින්වලට පෙණහළුවල වාතය ගමන් කරන වාහිනිවල විශ්කම්බය අඩු කරල පහසුවෙන් හුස්ම ගන්න සලස්වන්න පුළුවන් නින්දට යන්න අවශ්‍ය උත්තේජනයක් ඒ මගින් සිදු කරනවා.
ඇඩිනෝසින්වල නින්දට ඇති කරන උත්තේජනය කැෆෙන්වලින් වළක්වනවා. ඒ තුළින් නින්ද යාම වළක්වනවා.රාත්‍රී කාලයේ වැඩියෙන් වැඩ කරන්න නිදිමත නැතිවෙන්න කෝපි එකක් බොන්න කියල පැරැන්නො කිව්වෙ ඒකයි. දිවාකාලයේ අලසකම ආවම කෝපි බොන්නෙත් ඒක නිසයි.
ඇල්සයිම, පාකින්ස වැනි රෝග තත්ත්ව මර්දනයට…
මොළය ආශ්රිත ස්නායු පද්ධතිය ආශ්රිත ඇතිවන ඇල්සයිම, පාකින්ස වගේ රෝග තත්ත්ව ඇතිවීමේ අවධානම පාලනය කරන්න කෝපිවලට පුළුවන්. ඇල්සයිම තත්ත්වය නිසා සිතීමේ හැකියාව අඩු කරනවා.
ඇමෝනියම් ක්‍රියාකාරිත්වය අඩුවීම මතකය අඩුවීමට බලපානවා.පාකින්සස් නිසා අවයවල ක්‍රියාකාරීත්වයට බාධා ඇති වෙනවා. අතපය වෙව්ලීම වගේ තත්ත්වයන් ඇති වෙනවා. මේ රෝග තත්ත්ව ඇතිවීමේ අවධානම අඩු කරන්න කෝපිවලට පුළුවන්. වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ මගින් ඒ බව තහවුරු කරල තියෙනවා.
දියවැඩියා රෝගී තත්ත්වය පාලනය…
දියවැඩියා රෝගී තත්ත්වයට හේතුවක් තමයි ඉන්සියුලීන් නිසි පරිදි ශරීරයේ ක්‍රියත්මක නොවීම. කෝපි මගින් මේ දියවැඩියා ඇති වීමේ අවධානම අඩු කරනවා.
අක්මා ආශ්රිත ඇතිවන සිරෝසිස් පාලනයට
සිරෝසිස් ඇතිවීමේ අවධානම 84% කින් වැනි ප්‍රමාණයකින් අඩු කරන්න කෝපිවලට හැකියාවක් පවතිනවා. අක්මාව ආශ්රිත පිළිකා තත්ත්ව අඩු කරන්නත් කෝපිවලට පුළුවන්.
මානසික ආතතීන් අඩු කිරීමට
ඩිප්‍රෙශන් වගේ මානසික රෝගී තත්ත්වයන්ගෙන් ආරක්ෂා වෙන්න කෝපි පානය හොඳ විසදුමක්.යම්කිසි පුද්ගලයෙක් මානසික ආතතින් නිසා සියදිවිනසා ගැනීමට පවා හැකියි. කෝපි පානය කිරීමෙන් මෙවන් තත්ත්වයන්ගෙන් ආරාක්ෂා වෙන්න පුළුවන්.
හෘද රෝග වළක්වන්න පුළුවන්…
කෝපි පානය කිරීමෙන් හෘද රෝග වළක්වගන්න පුළුවන්. කෝපි පානය කිරීමෙන් හෘද සෞඛ්‍ය වැඩි දියුණු කළ හැකියි. ඇමරිකානු වෛද්‍ය පර්යේෂණවලට අනුව උදෑසන කෝපි පානය කරන්නන්ගේ හෘද රෝග ඇතිවීමේ අවදානම 34% අඩු බව තහවුරු කර තිබෙනවා. ඒ තුළින් මිනිස් ආයු කාලය දීර්ඝ කිරීමේ හැකියාවක් කෝපිවලට පවතින බව පෙන්වා දී තිබෙනවා.
කෝපි නිරන්තරයෙන් පානය සුදුසුද?
කෝපි පානයෙන් වාසි රැසක් ලැබෙනවා.නමුත් කෝපි දිනපතා වැඩි වාර ගණනාවක් පානය කිරීමෙන් කැෆෙන් වැඩි වශයෙන් ශරීරයට ඇතුල් වෙනවා. කැෆෙන් වලට ඇබ්බැහි වීමක් ඒ මගින් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා දෙහයේ ප්‍රතිරෝදී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එවිට කෝපිවලින් කලින් වගේ ඉක්මන් ප්රතිඵලයන් ඇතිවීම නැති වෙන්න පුළුවන්.
ඒ නිසා නින්ද නොයන්න කලින් වගේ ප්‍රතිඵල ගන්න වැඩියෙන් කෝපි බොන්න නොදැනුවත්වම හුරු වෙන්න පුළුවන්. කෝපි ලබා ගැනීම එවැනි අවස්ථාවක නොකළ විට ඔළුව කැක්කුම මහන්සිය වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් ඒ නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. අවශ්‍ය වූ අවස්ථාවක කෝපි පානය කිරීමෙන් ඇබ්බැහිය වළක්වගන්න පුළුවන්.
අන්තර්ජාලයේ ඇසුරෙන්
පවනි දිලේකා ✍️