ඇමරිකානු සෙබලුන් පෙන්වන පැත්තක්
යෝගා ව්‍යායාම දිගු ඉතිහාසයක් ඇති භාවනා ක්‍රමයක්. මීට වසර 2000 කට පමණ පෙරාතුව පුරාණ ඉන්දියාවේදී මෙම භාවනා ක්‍රමය ආරම්භ විය. අතීතයේදී යෝගා යනු භාවනා ක්‍රමයක් ලෙසින් පිළිගෙන තිබුණත් අද වනවිට යෝගා ව්‍යායාම මගින් මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය කළ හැකි බැව් නවතම පර්යේෂණ මගින් පිළිගෙන තිබේ.
යෝගා ව්‍යායාම යෝගා ව්‍යායම මගින් ශරීරයේ චලනය, භාවනාව සහ හුස්ම ගැනීමේ ව්‍යායාම සිදු වෙන අතර එහි තවත් පැතිකඩක් ලෙසින් මනස සහ ශරීරය අතර සම්බන්ධතාවයක් ගොඩනැගෙනු ඇත. තවත් අතකින් යෝගා යනු හුස්ම ගැනීමේ ව්‍යායාමයකි.
මේ නිසා යෝගා ව්‍යායම මගින් ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍ය වර්ධනය වෙන අතර පශ්චාත් කම්පන සහගත ආතති ආබාධ ඇති පුද්ගලයන්ට ඔවුන්ගේ රෝග ලක්ෂණ කළමනාකරණය (PTSD) කිරීමට යෝගා උපකාරී වන බැව් දැන් පිළිගෙන තිබේ. PTSD රෝග තත්ත්වයෙන් පසුවන ඇමරිකානු සෙබලුන් අලලා සිදු කරන ලද අධ්‍යනයක් මගින් යෝගා සහ PTSD කලමනාකරනය අතර පවතින සම්බන්ධතාවය හඳුනා ගෙන තිබේ.
යෝගා ව්‍යායාම මගින් ලැබෙන ප්රතිලාභ
යෝගා කිරීමට සුදුසුකම් අවශ්‍ය නැති බැව් යෝගා උපදේශකයන් සඳහන් කරනවා. යෝගාවලින් ලැබෙන ශාරීරික ප්රතිලාභ පුළුල්ය. එයින් ශක්තිය සහ කඩිසරබව වැඩි දියුණු කරමින් තුවාල පවා වැලැක්වීමට උපකාරී වන බව පර්යේෂකයන් සඳහන් කරති. ලෝක පාපන්දු ක්‍රිඩකයන්, ඇමරිකානු පාපන්දු සහ පැසිපන්දු ක්‍රිඩකයන් ගේ කායික ශක්තිය මෙන්ම අපස්මාරය ඇති පුද්ගලයන් තුළ වෙව්ලීම යෝගා මගින් සැලකිය යුතු ලෙස වෙනසක් සිදු කිරීමට හෝ ඒවා සම්පූර්ණයෙන්ම සුව වීමට තරම් හේතු වෙන බවටත් මෙම පර්යේෂකයන්ගේ අදහස වී ඇත.
එපමණක් නොව දෙවන වර්ගයේ දියවැඩියාව කළමනාකරණය කිරීම,නිදන්ගත වේදනාවන් සමනය කිරීම ආඝාත තත්ත්වය ඇති රෝගීන් පුනරුත්ථාපනයට සහ පිළිකා රෝග තත්ත්වයෙන් සුවය ලබන රෝගීන් සඳහාත් මෙම ව්‍යායාම මගින් සහනයක් සැලසී ඇත. බහුවිධ ස්ලෙරෝසිස් ඇති රෝගීන්ගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා භෞත චිකිත්සාවටත් වඩා යෝග ව්‍යායාම ඵලදායී වන බැව් නවතම අධ්‍යන වාර්තාවකින් ලබා ගත් තොරතුරු මගින් පෙන්වා දී තිබේ.
යෝගා ව්‍යායාම මගින් දිගු කාලීන සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට සුවිශේෂී ලෙසින් දායකත්වයක් ලැබී තිබෙන බැව් එක්සත් රාජධානියේ කාඩිෆ් විශ්වවිද්‍යාලයේ සංජානන ස්නායු විද්‍යාඥ ක්ලෝඩියා මෙට්ස්ලර් බ්රැඩ්ලි සඳහන් කර ඇත. යෝගා මගින් මොළයේ සැකැස්ම පවා වෙනස් කරන අතර මොළයේ හිපොකැම්පස්, ඇම්ග්ඩලා, ප්‍රෙෆ්‍රන්ටල් බාහිකය සහ සින්ගුලේට් බාහිකය වැනි මොළයේ ජාල ව්‍යුහය හා ක්‍රියාකාරීත්වයටත් ධනාත්මක ලෙසින් බලපෑමක් ඇති කරන බැව් තව දුරටත් හඳුනා ගෙන ඇත.
මොළයේ සැකස්ම නිසා වයස සමග සම්බන්ධ ස්නායු විකෘතිතාවයන් පහත වැටීමත් අවමවීම, ස්වයං චින්තනය වැඩිදියුණු කිරීම හා ස්නායු විකෘතිතාවයන් පවා අවම කිරීම මෙයින් ලැබෙන තවත් ප්රතිලාභ වී තිබේ.
වයස්ගතවීම පාලනය වන්නේ කෙසේද…?
නිදන්ගත ආතතිමය තත්ත්වය හේතුවෙන් කෝටිසෝල් වැනි ආතතිමය හෝර්මෝන නිදහස් වීම නිසා රුධිර පීඩනයේ වැඩි වීම වයස්ගත අයට ඔරොත්තු නොදෙන තත්ත්වයකි. යෝගා අභ්‍යාස මගින් සිතුවිළි පිළිබඳව කල්පනාකාරී වන අතර චිත්තවේග ප්‍රතිචාර නියාමනයක් සිදුවන බැවින් සංජානනීය සම්බන්ධ ගැටළුවලට සාර්ථක විසඳුමක් ලැබෙන බැව් මෙට්ස්ලර් බ්රැඩ්ලි සඳහන් කර ඇත.
කාන්තාවන් සඳහා යෝගා ව්‍යායාම
කාන්තාවන් සහ යෝගා ව්‍යායාම අතර පවත්නා අන්තර් සම්බන්ධතාවය මුල් කරගත් අධ්‍යනයක් 2023 වසරේදී සිදු කරන ලදී. යෝගා භාවනාවන් නිසා කාංසාව, මානසික අවපීඩනය සහ PTSD අපහසුතාවයන් සමනය කිරීමේදී යෝග ව්‍යායාම මහත් සේ උපකාරී වෙන බැව් මයින්ඩඩ් ඉන්ස්ටිටටියුට් ආයතනයේ නිර්මාතෘ හෙදර් මෙසන් විසින් පෙන්වා දී තිබේ.
යෝගා භාවනාවන් මගින් මානසික සෞඛ්‍ය වැඩි දියුණු කර අතර කාංසාව, ආතතිය සහ මානසික අවපීඩනය අඩු කිරීම සිදුවන අතර සමහර අවස්ථාවන්හිදී කාන්තාවන් තුළ ඇතිවන සිය දිවි හානි කර ගැනීමේ සිතුවිලි නැති කිරීමට පවා මෙම භාවනාවෙන් ලැබෙන ප්රතිලාභ සුවිශේෂී වේ.
යෝග ව්‍යායාම සෑම පුද්ගලයෙකුටම එක හා සමානව අනුගමනය කිරීමේ අපහසුතාවයන් තිබේ. ඒ නිසා යෝග භාවනාවකට පෙරාතුව පුද්ගලයා හඳුනා ගැනීම ඉතාම වැදගත් වේ. සියලු වර්ගවල යෝග PTSD රෝගීන්ට නොගැළපෙන අතර කුණ්ඩලනී, සත්‍යානන්ද සහ උණුසුම් යෝගා මෙම රෝගීන්ට ගැළපෙන බැව් බිල්ස්කි සඳහන් කර තිබේ.
මේ නිසා යෝගා භාවනාවකට පෙරාතුව පුද්ගලයා හඳුනා ගැනීම වැදගත් වේ. යෝගා චිකිත්සකයින් යෝගා ගුරුවරුන්ට වඩා වැඩි පුහුණුවක් ලබා ඇති නිසා ඔවුන් පුද්ගලයාගේ කම්පන සමග කටයුතු කිරීමේදී වැඩි අවබෝධයක් ලබා තිබේ.
යෝගා චිකිත්සාව සහභාගී වෙන පුද්ගලයාගේ අවහ්‍යතාවය අනුව සැකසී ඇති අතර “සමබර වීමේ කුසලතාවයන් ” සහ “ හුස්ම ගැනීමේ භාවිතයන් පිළිබඳව ඔවුන්ගේ වැඩි අවධානයක් යොමු කිරීම සිදු වෙන බැව් බ්ලිස්කි සඳහන් කරනවා. ඒ නිසා වඩාත් සුදුසු fාය්ග චිකිත්සකයෙකුගේ සේවය ඔබට ලබා ගැනීමට නම් ඒ පිළිබඳවත් තොරතුරු ගවේශනය කිරීම වැදගත් වේ.
යෝගා ව්‍යායාම මගින් පුද්ගලයාගේ මනස සහ ශරීරයේ සංකීර්ණ ස්වභාවයන් වෙනස් කළ හැකියි. එය දිගු ගමනක්. වසර ගණනාවක් පුරා යෝග භාවනාවන් වෙනුවෙන් පුද්ගලයන්ගේ යොමු වීමේ රඳා පැවැත්ම මෙම බලය මත පදනම් වී ඇති බැව් බ්ලිස්කි සඳහන් කර තිබේ. යෝගා භාවනාවක් පමණක් නොව ඉතා හොඳ ව්‍යායාමයක් වන අතර පුද්ගලයෙකුගේ කායික මෙන්ම මානසික නිරෝගිතාවය පවත්වා ගැනීමට මෙයින් ලැබෙන පිටිවහල ඉමහත් බැව් මේ අනුව පෙනී යන කරුණකි.
බී.බී.සී පුවත් ඇසුරින්
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️