නිවසක් නිර්මාණය කර ගැනීමේදී ආලෝකය හා වාතාශ්‍රය ලබා ගැනීමට මෙන්ම නිවසට ඇතුල්වීම පිටවීම සඳහාද අප විසින් දොරවල් හා ජනෙල් යොදාගන්නා අතර, නමුත් හිතුමතේ දොරවල් හා ජනෙල් ස්ථානගත කිරීම මගින් ඔබ අපහසුතාවයකට පත්විය හැකි බව ඔබ දැන සිටියාද.
ප්‍රධාන දොර…
බොහෝවිට ප්‍රධානදොර ප්‍රධාන මාර්ගය දෙසට මුහුණලා ස්ථානගත කරයි. ලංකාවේ සාම්ප්‍රදායික වාස්තු විද්‍යාවට අනුව නම් ප්‍රධාන දොර නැගෙනහිරට හෝ දකුණට -ස්ථානගත කිරීම බහුලව සිදුවේ. අනෙක් දොරවල්වලට සාපේක්ෂව ප්‍රධාන තොර පළලින් වැඩිවීම දක්නට ලැබේ. මේ සඳහා තනි පලුවේ හෝ පලු දෙකේ දොරවල් භාවිත කරනු ලැබේ. මෑත යුගයේදී අසමාන දොර පියන් දෙකකින් යුක්ත ප්‍රධාන දොරවල්ද දක්නට ලැබේ.
දොර පියන් දෙකකින් යුක්ත වන ප්‍රධාන දොරක් නම් එම දොර පියන් දෙක බිත්තියට හේතු වෙන ලෙස දෙපස බිත්ති කොටස් දෙකක් තිබීමද, තනි දොර පියනක් නම් එම දොර පියන විවර කිරීමේදී අංශක 90 කට බිත්තියකට හේත්තුවටකාරයට නිර්මාණය කිරීම මගින්, දොර පියන නිසා අවකාශයට සිදුවන අවහිරතාවය මගහරවා ගැනීමට ඔබට පුළුවනි. තනි පියනක් සහිත දොරක් නම් අඩි 3‘-6” හෝ අඩි 4 ක් පමණ වේ.
පලු දෙකේ දොරක් නම්, අඩි හතරේ සිට අඩි 5‘-6” පමණ විශාල විය හැක. එය නිවසේ ප්‍රමාණය මත තීරණය විය යුතුවේ. සාමාන්‍යයෙන් ප්‍රධාන දොරේ උස අඩි 8 ක් ඊට වැඩි විය හැක. විවිධ අලංකාර නිමාවන් සහිතව, දිගු හැඩලයක් සහිත ප්‍රධාන දොරවල් වෙළඳපොළේද දක්නට ලැබේ. ප්‍රධාන දොරෙහි උළු උළුහව් කඳවෙනුවට ආකිෆ්රේම් ආකාරයට නිර්මාණය කිරීමද බහුලව සිදුවන්නකි.

ප්‍රධාන දොරෙන් සාලයට පිවිසෙන විට එයා අලංකාරව දිස්වෙන අයුරින් ස්ථානගත කළයුතුය, එමෙන්ම දොරකෙලින් තවත් දොරක් හෝ ජනේලයක් තැබීම නුසුදුසු යැයි සාම්ප්‍රදායික අදහස වෙයි. එම නිසා ප්‍රධාන දොර ඉදිරියෙන් බිත්තියක් පෙනෙන පරිදි නිර්මාණය කිරීම සිදුවේ. එම විත්තිය සඳහා බුදු පිළිමයක් හෝ තමන්ගේ ආගමික කටයුතු ස්ථානයක් නිර්මාණය කර ගැනීම මෙම කාලයේ බහුලව දක්නට ලැබේ.
කාමර දොරවල්…
කාමරවල දොරවල් සාලයට විවෘත නොවන පරිදි තැබීම මගින් පෞද්ගලිකත්වය ආරක්ෂාවේ. Bathroom දොරවල් සාලයට හෝ කෑම කාමරයට විවෘත නොවෙන පරිදි ස්ථානගත කර යුතුවේ. සාමාන්‍යයෙන් මෙම දොරක උස අඩි 7‘ හා පළල අඩි 3‘ පමණ වේ.
කුස්සියේන් පිටවන දොර…
කුස්සියෙන් පිටතට යන දොර අඩි 3 තුනක් පමණ පළල හා උස අඩි 8 ක් වෙයි. දොර ස්ථානගත කිරීමේදී ඇතුල් වන දොර හා පිටවනදොර තබන ස්ථානය අනුව පැනට්රි කබඩ් සහ කුස්සියේ වැඩ ත්‍රිකෝණයට අවහිරයක් නොවන පරිදි ( ශීතකරණය, Sink, Oven එක ) ස්ථානගත කළ යුතුවේ.
ජනේල ස්ථාපනය කිරීම
මෙහිදී ඉඩමේ හුළඟ එන දිශාව හඳුනා ගැනීම වඩාත් වැදගත් වේ. බොහෝ විට හුළං හමන්නේ නැගෙනහිර සිට බස්නාහිර දිශාවට වෙයි. හොඳින් සූර්යා ලෝකය ලැබීම සඳහා නැගෙනහිර දිශාවට ජනෙල් අතර බහුලව භාවිත කළ යුතු. බස්නාහිර දිශාවෙන් ලැබෙන ආලෝකය උණුසුම් බව නිසා බස්නාහිර දිශාවට ආලෝකය ලබා ගැනීමේදී ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුයි. එමගින් සවස් කාලය ලැබෙන ආලෝකය මගින් ඔබගේ නිවසේ උණුසුම වැඩි බව ඔබ තේරුම් ගත යුතුය. නිවසේ තුළ වාතය හොඳින් සංසරණය වීම සඳහා, සිසිල් වාතයේ නිවස තුළට පැමිණෙනපරිදි ද, උණුසුම් වූ වාතය නිවසෙන් පිටවන ආයුරින් හරස් සංවාතනයක් නිවස තුළද පවත්වා ගත යුතුය.
සාලය හා කෑම කාමරය වැනි පොදු ස්ථාන සඳහා විමසිට ඉහළටම එන විශාල ජනෙල් හෙවත් French windows බහුලව භාවිතා වෙයි. එමගින් හොඳ ආලෝකයක් හා වාතාශ්‍රයක් ලබා ගන්න ඔබටපුළුවන්. ඒ සඳහා Folding මෙන්ම Siding Windows ආකාරයද භාවිතවේ. උස අටක් හෝ ඊට වැඩි උසකින්ද පළල අවශ්‍ය ආකාරයේ පළලින් යුක්තව මෙම ජනේල නිර්මාණය වේ. වැඩි උසක් හා පළලක් තිබීම මගින් වැඩි ආලෝක ප්‍රමාණයක් ලැබෙනවා මෙන්ම වැඩි අලංකාරයක් ද නිවසට එක් වේ.
දැව නිවාවක් සහිත ජනෙල් වෙනුවට, ඇලුමිනියම් නිවාවක් භාවිත කිරීමටද මේ වන විට නැඹුරුවක් දක්වයි. මෙහිදී කුඩා අවකාශවලදීද වැඩිය ආලෝකයක් ලබා ගැනීම සඳහා ඇල්මීනියම් භාවිත කිරීම වඩාත් යෝග්‍ය වේ. නඩත්තුව අවම බව සහ Box ආකාරයෙන් නිමවූ නිවාස සඳහා, දැඩි හිරු රශ්මියට ඔරොත්තු දීම මෙන්ම නවීනත්වය විදහා පෑමට ඇල්මීනියම් මගින් හැකියාව ලැබේ.
අවකාශයේ ප්‍රමාණය මත ජනේලය ප්‍රමාණය කොපමණ විය යුතුද යන්න පිළිබඳව නාගරික සංවර්ධන අධිකාරියේ ගොඩනැගිලි රෙගුලාසි පනතේ දක්වා ඇත. ඒ අනුව අවකාශයේ වර්ග අඩි ප්‍රමාණයෙන් හතෙන් එකක් ප්‍රමාණයට අවම ජනේලයේ වර්ග අඩි ප්‍රමාණය තිබිය යුතුවේ. Sliding ආකාරයේ නම් ජනේලයක් නම් 50% විවෘත කළ හැකි විය යුතුයි.
සාමාන්‍යයෙන් කාමර සඳහා යොදන ජනෙල් බිම සිට අඩි 3ක් උසකින් ආරම්භ වන අතර අඩි පහක් පමණ උස වේ. අවශ්‍යතාවය අනුව ජනේලේ පළල අඩි 4, 6, 8 වැනි ආකාරයට නිර්මාණය කර ගතහැකිවේ. නිදන කාමර සඳහා ද අඩි අටක් පමණ උසැති ජනෙල් දැමීමට ඔබට හැකියාව ඇත. Balcony එකක් සහිත උඩුමහල් හිදන කාමරයක් සඳහා, ඔබට බිම සිට විවර වන පරිදි ජනෙල් නිර්මාණය කර ගතහැකි වේ. මුළුතැන් ගේ හා Pantry top හෝ Working Top එකක් සහිත ස්ථාන සඳහා ජනේලයක් යෙදීමේදී මෙම සිට උස අඩි 3‘-6” පමණ උසකින් ආරම්භ කිරීමට ඔබ මතක තබාගත යුතුයි.
එමෙන්ම නිවසේ දොරවල් ස්ථාපනය කරන විට නිවසේ ඔබ ගමන් කරනා ආකාරයපිළිබඳව අවබෝධයක් තිබිය යුතුවේ. ඇවිදෙන අවකාශ අඩුකර ගැනෙන ආකාරයට දොරවල් පිහිටීම වඩාත් වැදගත් වේ. සෑම හිස් බිත්තියක් සඳහාම ජනෙල් යෙදීම සමහර අවස්ථාවලදී අපට දක්නට ලැබේ. ආලෝකය වාතාශ්‍රය නිවැරදිව ලැබෙනවා මෙන්ම, නිවසේ ගෘහ භාණ්ඩ ස්ථානගත වන ආකාරය පිළිබඳ මූලික අදහසක් ඇතිව ජනෙල් ස්ථානගත කළ යුතුවේ. උදාහරණයක් ලෙස Sofa Set, මෙන්ම නිදන කාමරවල ඇඳ තැබීමේදී එම බිත්ති සඳහා ජනෙල් යෙදීම සුදුසු නොවේ.
අලංකාරයට මෙන්ම වාතාශ්‍රය ලබාගැනීමටට ලූවර් පටි සහිත ජනෙල් භාවිත කිරීමට ඔබට පුළුවනි. නමුත් ඔබ කාමරයේ වායු සමීකරණය කිරීමට බලාපොරොත්තු වන්නේ නම්. ලූවර් පටි වෙනුවට Glass Windows යෝග්‍ය භාවිත කිරීම වඩාත් වේ. නමුත් අලංකාරය සඳහා ඔබ ලූවර් වින්ඩෝස් බලාපොරොත්තු වන්නේ නම්, ජනේලේ නිර්මාණය කරගැනීමේදී, ලූවර් පියනට ඇතුළතින් වීදුරුවක් යෙදිය හැකි පරිදි නිර්මාණය කරගන්න ඔබට පුළුවනි.
එහිදී ජනේලය හරහා වාතාශ්‍රය ගමන් නොකරනන බැවින්. කාමරය වායු සමීකරණය කරගැනීමට ඔබට එමගින් බාධාවක් සිදු නොවේ. ඉවක් බවක් නොවැටිය ජනෙල් දොරවල් යොදනවා වෙනුවට අද සිට දැනගෙන නිවැරදි ආකාරයට ඔබගේ නිවසේ ජනෙල් දොරවල් ස්ථානගත කරන්න දැන් ඔබට පුළුවන්.
ගොඩනැගිලි සැලසුම් තාක්ෂණවේදී
අභ්‍යන්තර ගෘහ නිර්මාණ ශිල්පිණී
කවිෂා පෙරේරා
Viharaa HomeDesign