ආගමික හෝ සංස්කෘතික හේතු මත නොඑසේනම් තමන්ගේම මනාපයෙන් නිර්මාංශ වන පුද්ගලයන් බොහෝය. එය ඔවුන් ස්වේච්ඡාවෙන් අනුගමනය කරන ජීවන රටාවකි. නමුත් සත්ත්ව ආහර නොමැති ආහාර ප`ිගානක් ගැන සිතන විට එයින් උපයන පෝෂණය පිළිබඳව යම් සැකයක් ඇති වෙනවා. නිර්මාංශ ආහාර අනුභවය නිසා කිසිදු සෞඛ්‍යමය ගැටළුවක් ඇති නොවන බවට ඇතැමුන් තර්ක කළත් එය ප්‍රවේසමෙන් කළ යුතු බවට වූ විවිධ අදහස් දැන් ඇති වී තිබෙනවා.
නිර්මාංශවීම ගැන BMC වෛද්‍ය සගරාව දක්වන අදහස්…
නිර්මාංශ ආාහර වේලක් අනුභව කිරීම මගින් ඉතා සුබවාදී බලපෑමක් ඇති වෙන බැව් ඊඵක් වෛද්‍ය සගරාව සඳහන් කරනවා. ඔවුන්ගේ අදහස අනුව නිර්මාංශ ආහාර අනුභව කිරීම මගින් වයස්ගත වීමේ ක්‍රියාවලිය මන්දගාමී කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. මෙම පර්යේෂණයට ලබා ගෙන ඇත්තේ සීමිත නියැඳි ප්‍රමාණයක් බැව් මේ ගැන අදහස් දක්වන විචාරකයන් විසින් සඳහන් කරනවා. ඒ වගේම මේ වෙනුවෙන් යොදා ගෙන ඇත්තේ සීමිත කාලයක් නිසා ලබා ගත් නිගමනය ගැන සෑහීමකට පත් විය නොහැකි බැව් ඔවුන්ගේ අදහස වී තිබෙනවා.
නිර්මාංශ ආහර වේලක ප්රතිලාභ
වැඩිහිටියන් සතුන්ගෙන් තොර ආාහාර වේලක් පරිභෝජනය සඳහා දිරිමත් කළ යුතු බැව් එක්සත් රාජධානියේ ආමාශ ආන්ත්රික විශේෂඥ වෛද්‍ය සහ උපදේශකවරයෙකු වන ඇලන් ඩෙස්මන්ඩ්ගේ අදහස වී තිබෙනවා. සත්ත්ව නිෂ්පාදන මත සමාජයේ යැපීම අඩුවන විට පරිසරයට මුදා හරින කාබන් ප්‍රමාණය අඩු කරමින් ස්වභාවික සම්පත් සංරක්ෂණය කිරීමද කළ හැකි අතර වඩාත් තිරසාර හා දයාවෙන් යුතුව ලෝකයට දායක විය හැකි බව ඔහුගේ අදහසයි.
ශාඛ ආහර මත පදනම් වුණ සෞඛ්‍ය සම්පන්න බව ඕනෑම වයසකදී විශාල වශයෙන් ප්රතිලාභ ලබා දෙනවා. ඒ නිසාම වයස්ගත වනවිට ඇති වෙන හදවත් රෝග, දෙවන වර්ගයේ දියවැඩියාව, පිළිකා ඇති වීමේ අවදානම සතුටුදායක අන්දමින් අඩු කරනවා. ඒ නිසා ඔබ දැනටමත් සත්ත්ව ආහර මත පදනම් වුණ ආහාර රටාවකට හුරු වී ඇතැනම් ශාඛ මත පදනම් වුණ ආහාර රටාවකට යොමු වීමට තවමත් ඔබ ප්‍රමාද නැහැ.
ඒ වගේම මස් හා කිරි රහිත ආහාර රටාවකට යොමු වී ඇති වියපත් පුද්ගලයන් ප්‍රධාන පෝෂක ගැන වැඩි අවධානයක් දැක්වීමට සිදු වෙනවා. ඒ නිසා ඔවුන් සෝයා ටෝෆු, ඇට වර්ග, ධාන්‍ය වැනි ඉහළ ප්‍රෝටීන් ප්‍රතිශතයක් අඩංගු ආහාර වෙනුවෙන් වැඩි අවධානයක් දැක්වීම ඉතාම වැදගත් බැව් ඇලන් ඩෙස්මන්ඩ් සඳහන් කරනවා. ඒ වගේම ඔවුන් තමන්ගේ අස්ථි සෞඛ්‍ය සහ මාංශ ස්කන්ධය පවත්වා ගැනීම සඳහා විටමින් “ B ” 12 අතිරේක ලබා ගැනීම සහ බර එසවීමේ ව්‍යායාමවල යෙදී ඉතාම වැදගත් බවත් සඳහන් කරනවා.
B12 තීරණාත්මක සාධකයක්
විටමින් B12 තීරණාත්මක සාධකයක් වන අතර එය හමුවන්නේ සත්ත්ව ආාහරවල පමණි. එය නිර්මාංශ ආහාර වේලක නොමැති එක් ප්‍රධාන පෝෂණ පදාර්ථයක්. විටමින් B12 ඌනතාවය නිසා වෙහෙසකරබව, මාංශ පේශි දුර්වලවීම, මානසික අවපීඩනය, ව්‍යාකූලත්වය වැනි තත්ත්වයන් ඇති වීමට ඉඩ තිබෙනවා. මේ තත්ත්වය වැඩිහිටියන්ට ඉතාම අවදානමක් වන අතර B12 ඌනතාවය නිසා ආඝාත අවදානම පවා ආඝාත තත්ත්වය පවා ඇති වීමට ඉඩ තිබෙනවා.
“කොලින්” යනුවෙන් හඳුන්වන්නේ බිත්තර, මස් සහ කිරිවල ඇති ප්‍රධාන පෝෂ්‍ය පදාර්ථයක්. බොහෝ පෝෂණ විද්‍යාඥයින් සඳහන් කරන අන්දමට ස්නායු සෛල අතර සංඥාවන් පවත්වා ගැනීමට මෙන්ම වකුගඩු ක්‍රියාකාරීත්වය මැනවින් පවත්වා ගැනීමට “ කොලින් ” අවශ්‍ය වෙනවා. ගර්භණීත්වයේදී කළළයේ මොළය වර්ධනය සඳහා කොලින් ඉතා වැදගත්. මෙම පෝෂණ පදාර්ථයන් බ්‍රොකෝලි, ගෝවා අංකුර, හතු සහ රටකජුවලින් උපයා ගැනීමට යම් හැකියාවක් තිබෙන බවත් සතුටට හේතු වී තිබෙනවා.
පෝෂණමය වශයෙන් දුර්වල ආහාර…
පූර්ණ නිර්මාංශ ආහාර යනු පෝෂණමය වශයෙන් දුර්වල ආහර බැව් එක්සත් රාජධානියේ උපදේශක වෛද්‍යවරියක සහ ඉනිසුලියන් ආයතනයේ පෝෂණ උපදේශිකාවක් වන නියම්බුරා එම්බුරු විසින් ඇගේ අන්තර්ජාල බ්ලොග් අඩවියේ සඳහන් කරනවා. ශාඛ හා සත්ත්ව ආාහරවල ක්ෂුද්‍ර පෝෂක විවිධ සාන්ද්රනයන්ගෙන් යුක්ත වෙනවා. මේවා එකිනෙකට සහය දක්වනවා’ එයින් විශාල වාසියක් ලැබෙන බැව් ඇය තව දුරටත් සඳහන් කරනවා.
වැඩිහිටියන් නිර්මාංශ විය යුතුද…?
නිර්මාංශ ආහාර රටාවක් වැඩිහිටියන් උදෙසා නිර්දේශ කිරීම එතරම් සුදුසු තත්ත්වයක් නොවන බැව් ලන්ඩනයේ කිංග්ස් විද්‍යාලයේ පෝෂණ විශේෂඥ මහාචාර්ය ටොම් සැන්ඩර්ස් සඳහන් කරනවා. පෝෂණය පිළිබඳව ඇතිවන ගැටළු නිසා වියපත් ප්‍රජාවගේ මාංශ පේශි අඩු වීම, අස්ථි ඝනත්වය අඩු වීම සහ ජීවන තත්ත්වයට සැලැකිය යුතු අන්දමින් බලපෑමක් ඇති කළ හැකි ස්නායු ආබාධවලින් පීඩා විඳීමටත් සිදු වෙන බව පෙන්වා දෙනවා.
ඒ වගේම ඔවුන් අඩු බර කාණ්ඩයට ඇතුලත් වීමේ ප්‍රවනතාවයක්ද තිබෙනවා. කිරි සහ මස් නිෂ්පාදනවල කැල්සියම් සහ ප්‍රෝටීන් බහුලව අඩංගු වෙන අතර ඒවා ආාහර මගින් උපයා ගැනීමට නොහැකි වීම නිසා ඉහතින් දැක්වෙන අන්දමින් ශරීර බර පිළිබඳ ප්‍රශ්න ඇති වීමටත් ඉඩ තිබෙන බව මෙම අධ්‍යනය මගින් පෙන්වා දෙනවා.
එපමණක් නොව, තනිකරම නිර්මාංශ ආහර ආහාර පරිභෝජනය කරන්නන් විසින් ලබා ගන්නා ආහාර රටාව තුළ ඔවුන්ට සින්ක් අවශෝෂණය වීමේ ගැටළුවක්ද ඇති වී තිබෙනවා. නමුත් ඒ වෙනුවට නිර්මාංශ ආාහර රටාවක් අනුගමනය කරන වියපත් පුද්ගලයන් පළතුරු, එළවළු සහ ධාන්‍ය වර්ග වැඩි පංගුවකින් ආාහරයට ගත් විට මේ තත්ත්වය සමනය කර ගත හැකි බැව් මහාචාර්ය සැන්ඩර්ස් සඳහන් කරනවා.
බී.බී.සී පුවත් ඇසුරින්
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️