විලාසිතාවන්ට ප්‍රිය කරන කාන්තාවන් ලස්සනට වගේම වෙනස් අන්දමින් අඳින්න කැමැත්තක් දක්වනවා. සාමාන්‍යයෙන් වෙළඳපොළකින් අපි මිළට ගන්නා සාරියකට වඩා අපේම පරිසරයේ තිබෙන මල්, කොළ සහ රේණුවලින් හැඩ ගැන්වුන සාරියක් ගැන හිතන්නත් ඔබ කැමැති ඇති. අඩු වටිනාකමක් ඇති සාරියකට පවා මේ අන්දමින් අලුත් විදිහකට හැඩ ගැන්වුවොත් ලැබෙන වටිනාකම මිළ කරන්න බැහැ. මේ අන්දමින් සාරියට ස්වභාවික මල් කොළ රටා මවන ඇය ගැන ලියැවෙන මේ කතාව අසන්න ඔබත් කැමති ඇති.
ඔබ ගැන කියලම මේ කතාව පටන් ගමු…
මගේ නම රන්දි ජාගොඩ. දැන් මගේ වයස අවුරුදු 27 ක් වෙනවා. පැල්මඩුල්ල පදිංචි මම රත්නපුර ෆර්ගසන් උසස් පාසලෙන් ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ සමත් වුණා. එතැනින් පස්සේ මොරටුව විශ්වවිද්‍යාලයේ Fashion desinig and product development පාඨමාලාවට සම්බන්ධ වුණා.
සාරි නිර්මාණය ගැන ඔබේ අවධානය යොමු වුණේ කොහොමද?
මම පුංචි කාලයේ ඉඳලම කලාවට ආසාවක් තිබුණා. මොකද කලාව මගේ ඇගේ තිබුණා. මේ අතර උසස් අධ්‍යාපනයත් Fashion desinig වෙනුවෙන් මුල් තැනක් දුන්න නිසා මට මේ කලාව තවත් ප්‍රගුණ කර ගන්න අවස්ථාව ලැබුණා. ඒ අතරම මට ව්යාාපරයක් වෙනුවෙන් යොමු වෙන අදහසත් හිතේ තිබුණා.


ව්‍යාපාරයේ ආරම්භය සිද්ධ වුණේ…
මම 2020 වසරේ ROYAA නමින් ව්යාාපර සන්නාමයක් ආරම්භ කළා. මේ කාලයේදී මම මුල්තැන දුන්නේ සාරි නිර්මාණයට විතරයි.පාරිභෝගිකයන් ඉල්ලන ආකාරයට මෝස්තර වගේම Hand painting විදිහට පාරිභෝගිකයන්ට ලබා දුන්නා. මේ කටයුතුවලදී මම හුගක් කැපවුණා. ඒ වගේම අලුත් විදිහට හිතන්න. අලුත් නිර්මාණ කරන්න යොමු වුණා. මගේ නවෝත්පාදන හැකියාව නිසාම දවසින් දවස මගේ සාරි නිර්මාණ ජනප්‍රිය වෙන්න පටන් ගත්තා.
ROYAA සන්නාමය සමග…
මගේ ROYAA සන්නාමයේ සාරි පාරිභොගිකයන් අතර සුවිශේෂී වුණා. ඒවායේ කැපී පෙනෙන ලස්සනක් පාරිභෝගිකයන් දැක්කා. මම එතැනින් නැවතුනේ නැහැ. අලුත් දෙයක් වෙළඳ පොළට ඉදිරිපත් කරන්න හිතුවා. ඒ අනුව මම “ සාරි පින්තාරු ” ( Hand painted saree) කරන්න පටන් ගත්තා.
මේ සාරිවලටත් ඉල්ලුම වැඩි වෙන්න පටන් ගත්තා. මේ සාරි වෙනුවෙනුත් ඉතා හොඳ පාරිභෝගික ජාලයක් මගේ වටේ ගොඩ නැගුනා. ඇනවුම් වැඩි වුණා. ඒ වගේම තමන්ට කැමැති විදිහට නිර්මාණ ඉල්ලා ගොඩක් අය මට කතා කළා. ඔවුන්ගේ ඉල්ලීම් මම ඉතාම උපරිම ලස්සනට කර දුන් නිස ාHand painted saree වලටත් හොඳ ඉල්ලුමක් ඇති වුණා. මේ පින්තාරු අතින් කරන නිසා හරිම සියුම්. ඒ වගේම ලස්සනයි. මේ නිසාම අතින් පින්තාරු කරන සාරි වෙනුවෙන් තිබෙන ඉල්ලුම ඉහළයි.

එතකොට ඔබේ සන්නාමය යටතේ හඳුන්වා දෙන Eco printing ක්‍රමය…
මම සාමාන්‍යයෙන් අත්හදා බැලීම් කරන්න ආස කෙනෙක්. එකම තැනක නැවතුණොත් වෙළඳපොළ ඉල්ලුමක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසාම මම විවිධ විදිහට අත්හදා බැලීම් කරලා බලනවා. මගේ Fashion desinig and product developmen උපාධි පාඨමාලාව අවසන් වෙලා තිබුණ නිසා මට අලුත් යමක් කරන්න හිතුණා. ඒ නිසා මම ROYAA Eco printing ක්‍රමය පටන් ගත්තා.
මෙහි විශේෂත්වය ගැන සඳහන් කරනවා නම්…
මේ සාරි නිර්මාණය සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමියි. මේ වෙනුවෙන් මම මල්, කොළ, ආදි ස්වභාවික දේවල් යොදා ගන්නවා. මල් විජලනය කරන්නේ නැහැ. ස්වභාවික මල් නැවුම් විදිහටම යොදා ගන්නවා. නිර්මාණ කටයුතු වෙනුවෙන් කාබනික රසායන ද්‍රව්‍යන් පාවිච්චි කරනවා. Eco printing වෙනුවෙන් සාරිය පෙර සූදානම් කරනවා.
මල් සහ කොළ සාරිය මත තබා සියුම් තැලීමක් සිදු කරනවා. මේ නිසා අපේ රටේ වගේම විදේශයන්හිත් මගේ Eco printing සාරි වෙනුවෙන් හොඳ ඉල්ලුමක් ගොඩ නැගිලා තිබෙනවා. ඒ වගේම තමන්ට කැමැති මෝස්තර රටාවක්, මලක්, කොලයක් යොදා ගෙන මේවා නිර්මාණය කර දෙන ලෙසට ඔවුන් ඉල්ලා සිටිනවා.

මේ සාරිය සෝදන විට මල්වලට හානියක් වෙනවාද…?
නැහැ. හදපු සරියක් මුල් වතාවේදී ලුණු වතුරෙන් සෝදන්න ඕන. එතැනින් පසුව සාමාන්‍ය ජලයෙන් සෝදන්න පුළුවන්. මල් මෝස්තරයට කිසිම හානියක් වෙන්නේ නැහැ.
පබළු විලාසිතා…
Eco printing පසුව මල් කොළ වගේම මතුපිට හිස් ඉඩ අලංකාර කරන්න පබළු යොදා ගන්නවා. ඊට අමතරව hand painting යොදා ගන්නවා. සාරියේ දෙපැත්තට රේන්ද ඇල්ලීමත් සිදු වෙනවා. ඒ නිසා සාරියට තවත් වටිනාකමක් ලැබෙනවා.
අලෙවි කිරීම…
ආරම්භයේ පටන්ම මගේ නිෂ්පාදන සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අලෙවි වුණා. Cash on delivary ක්රමයටත් අලෙවිය සිදු වුණ නිසා මගේ නිෂ්පාදන වෙනුවෙන් හොඳ වෙළඳපොළක් ගොඩ නැගුණා. ඒ බව නම් සඳහන් කරන්නම ඕන. බොහෝ දෙනෙකුට Cash on delivary ක්‍රමය යටතේ විවිධ ගැටළුවලට මුහුණ දෙන්න සිදු වෙනවා. නමුත් මට නම් එවැනි කිසිම ගැටළුවක් ඇති වුනේ නැහැ. ඉතා හොඳ පාරිභෝගික විශ්වාසයක් ගොඩ නැගුනා.
එතකොට මේ FRIDAYS සංකල්පය…
මගේ සන්නාමය යටතේ සුඛෝපබෝගී වර්ගයේ සාරි විතරක් නොවෙයි, සාමාන්‍ය ගමන් බිමන්වලට ගැළපෙන ( Casual wears ) සහ උත්සව අවස්ථාවන් වෙනුවෙන් අවශ්‍ය සාරි නිර්මාණය කළා. ඒවා යනුවෙන් හඳුන්වා තිබෙනවා. මේ සියල්ලම ස්වභාවික මල්, කොළ වැනි ද්‍රව්‍ය යොදා ගෙන අලංකාර කරල තිබෙන නිර්මාණාත්මක සාරි විශේෂයි.
ඔබට ලැබුන සහයෝගය ගැනත්…
මගේ සන්නාමය ගොඩ නගා ගැනීමට අම්මා, තාත්තා වගේම සැමියාගෙන් විශාල සහයෝගයක් ලැබුණා. මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලයේදීත් අම්මා මේ කටයුතුවලට උපරිම සහයෝගය ලබා දුන්නා. කොටින්ම මේ ව්‍යපාරයේ මූලික අත්තිවාරම ඇය කිව්වොත් නිවරැදියි.ඒ වගේම අඩු නිෂ්පාදන පිරිවැය, නිෂ්පාදන කාලය ඉලක්ක කර ගෙන Eco printing මේ කලාව කලාව ගොඩ නැගී තිබෙනවා.
විදේශ වෙළඳපොළටත් යොමු වෙන අදහසක් තිබෙනවාද…?
ඔව්. දැන් දේශීය වශයෙන් සන්නාමයට හොඳ ප්‍රචාරණයක් තිබෙනවා. මේ නම ව්‍යාප්තයි. ඒ නිසා මම ජාත්‍යන්තර වෙළඳපොළට ප්රවිශ්ට වීමට බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් දැනටමත් ව්‍යාපෘති සකස් කර තිබෙන අතරම 2025 වසරේ ජාත්‍යන්තර වෙළඳපොළටත් මගේ නිෂ්පාදන හඳුන්වා දෙන්න ලැබේවි. එවිට ඩොලර් ආදායමක් අපේ රටටත් ලැබේවී.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️