බොහෝ දෙනෙකුට අද තිබෙන ප්‍රශ්නයක් තමයි අධික තරබාරුකම. “මොනවා කරන්නද කෑම අඩු කරන්නේ කොහොමද” සිතමින් බරට හුරු වී අපහසුවෙන් කල්ගත කරන අය සිටිනවා. මේ අයට චීනයෙන් නිකුත් කර ඇති නවතම පර්යේෂණ වාර්තාව සතුටට හේතුවක් වේවි.
තරබාරුකම හොඳ දෙයක් නොවෙයි
ලෝකයේ බිලියනයකට අධික ජනතාවක් තරබාරුකම නිසා පීඩා විඳිති. මෙය හෘද රෝග, දියවැඩියාව සහ සමහර පිළිකා රෝග අවදානම වැඩි කරයි. බර අඩුකර ගැනීම අපහසු වී ඇත්තේ ආහාර අඩු කිරීම පමණක් නොව බඩවැල් බැක්ටීරියා, හෝමෝන සහ මොළයද එම කටයුත්තට සම්බන්ධ නිසාය. මේ නිසා සාමාන්‍ය ආහාර වේල අතරට නිරාහාර ආහාර වේල්ද එකතු කිරීම බර අඩුකර ගැනීමේ එක් පහසු ක්රමයකි.
මොළයේ බැක්ටීරියා සහ මොළයේ ක්‍රියාකාරීත්වය
පුද්ගලයින් යොදා කෙරී ඇති පර්යේෂණයේදී බර අඩුවීම කෙරෙහි මොළයේ සහ බඩවැල් බැක්ටීරියා යන දෙකෙහිම ක්‍රියාකාරීත්වය එක්වර යෙදී ඇති බව පැහැදිලි විය. මොළයේ ක්‍රියාකාරීත්වය බඩවැල් බැක්ටීරියා කෙරෙහි බලපානු ලබන්නේද, එසේත් නැත්නම් බැක්ටීරියා මොළයේ ක්රියකාරීත්වය කෙරෙහි බලපානු ලබන්නේද යන්න තවම නිශ්චිත නැතත් මේ කාලයත් සමග සිදුවන මේ දෙකෙහිම එකමුතු ක්‍රියාකාරීත්වය නිශ්චිතවම බර අඩුකිරීම කෙරෙහි බලපවත්වයි.
බර අඩුකර නොගත්තොත් කුමක් සිදුවේද?
ලෝකයේ බිලියනයක් පමණ ජනතාව අධික බර නිසා පීඩා විඳිති. මේ හේතුවෙන් ඔවූහු හෘද රෝග, දියවැඩියා සහ සමහර පිළිකා වර්ග වැළඳීමේ අවදානමට භාජනය වී සිටිති.

බර අඩුකර ගැනීම සම්පූර්ණයෙන් නැවැත්වීම අපහසු ඇයි?
බර අඩුකර ගැනීමට ආහාර අඩු තිරීම පමණක් ප්‍රමාණවත් නොවේ.
බැක්ටීරියා, හෝමෝන සහ මොළයේ ක්‍රියාකාරීත්වය යන සියල්ලේ සාමුහික බලපෑම බර අඩුකර ගැනීමට අපහසු වීමේ හේතුවයි.
බර අඩුකර ගැනීම ගැන බලාපොරොත්තුවක්
පර්යේෂණ මගින් හෙළි වී ඇති අතරමැදි ශක්ති සීමා කිරීම intermittent energy restriction (IER) බර අඩුකර ගැනීම සඳහා නිත්‍ය විසඳුමකි. එහිදී සිදුකෙරෙන්නේ සාමාන්‍ය ආහාර ගැනීම් රටාවට අතරමැදි නිරාහාරව සිටීමේ කාලයන් ඇතුළත් කිරීමයි.
ක්‍රමවත් අධ්‍යයනයක්
මෙහිදී වයස අවුරුදු 28-45 අතර තරබාරු පිරිමි සහ ගැහැණු පර්යේෂණය සඳහා යොදා ගන්නා ලදී. එහිදී ඔවුන්ගේ බඩවැලේ බැක්ටීරියා (gut bacteria), ශරීරයේ ක්‍රියාකාරීත්වය සහ මොළයේ ක්රියාකාරීත්වයේ සිදුවන වෙනස්කම් නිරීක්ෂණය කිරීම සඳහා මල සාම්පල, රුධිර පරීක්ෂණ සහ මොළයේ ස්කෑන් (MRI) භාවිත කර ඇත.
තෝරාගත් කණ්ඩායමට එක් අදියරක් යටතේ දින 32 ක කාලයකට අඩු කැලරි සහිත දෛනික ආහාර වේලින් හතරෙන් එකකට සීමා වූ ආහාර වේලක්ද, ඊළඟ අදියරෝදී දින 30 ක කාලසීමාවක් සඳහා ලැයිස්තුගත ආහාර වේලක්ද නියම කරන ලදී. එය පිරිමින් සඳහා දිනකට කැලරි 600 ක්ද, ගැහැණුන්ට කැලරි 500 ක්ද වශයෙන් විය.
ස්ථාවර බරක් පවත්වාගෙන යෑම සඳහා නීරෝගී බඩවැල් බැක්ටීරියා ඉතා වැදගත් බව පර්යේෂකයෝ අවධාරණය කරන ලදී. අනෙක් අතට රෝගී බැක්ටීරියා මගින් ආහාර ගැනීමේ පුරුදු සහ ඇබ්බැහිවීම් වලට සම්බන්ධ මොළයේ කොටස් වලට බලපෑම් කෙරෙයි.
https://www.psypost.org ඇසුරෙන්
සුනිල් අල්ගම ✍️