මහාචාර්ය ඕර්වඩ් කියයි
නින්ද තරම් සැපවත් දෙයක් නොමැති වුණත් යම් අවස්ථාවක සුවදායක නින්දක් නොමැති නම් එය බරපතල ගැටළුවක්. නමුත් එය ඇතැමුන්ට කෙටිකාලීන ගැටළුවක් වුණත් සමහර විට එය බරපතල ගැටළුවක්වීමට පුළුවන්. මේ පිළිබඳව BBC Inside Health කණ්ඩායම විසින් අධ්‍යනයක් පවත්වන ලද අතර එහිදී නින්ද නොයෑමට බලපාන කරුණු කීපයක් මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.
නින්ද නොයනවා කියන්නේ කොහොමද…?
සාමාන්‍යයෙන් සුවදායක ලෙසින් නින්දක් නොලබන රාත්‍රියක් යනු හරිම දිගයි. මේ අන්දමින් නින්ද නොයන රාත්‍රි කීපයක් පසු වුණොත් එය “ නින්ද නොයෑම ” ලෙස හඳුන්වනවා. නින්ද නොයෑම ගැන අදහස් දක්වන මෙය නින්දට වැටීම සහ නින්ද නොයෑම අතර පවතින තත්ත්වයක් බැව් මහාචාර්ය ඕර්වඩ් සඳහන් කරනවා. සමහර අයට නින්ද නොයන විට ඔවුන් අවදිවී වෙනත් කාර්යක් කරනවා. මෙය නින්ද නොයන අය අතර සාමාන්‍යයෙන් දකින්න ලැබෙන සුලබ තත්ත්වයක්. ඒ නිසා එක් සතියකදී රාත්‍රි තුනකට වඩා නින්ද නොයනවා නම් ඒ තත්ත්වයම මාස තුනකට වැඩි කාලයක් පවතිනවා නම් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බව මහාචාර්ය ඕර්වඩ් සඳහන් කරනවා.
නිදා ගැනීම සහ අවදිවීම…
පුද්ගලයන් අතරින් 50% ක් පමණ නින්ද නොයෑමේ ගැටලුවලින් පීඩා විඳිනවා. නිදාගැනීම සහ අවදිවීම යනු ක්‍රියාවලි දෙකක්. නින්ද නිසා දවස පුරා ගොඩනගාගත් පීඩනයට යම් විවේකයක් ලැබෙන අතර නින්ද සඳහා අපගේ හෝර්මෝන ක්රියාකාරීත්වයේ බලපෑමක් ඇති වෙනවා. යම් අවස්ථාවක දවල් හෝ හවස නිදා ගන්නා අයට රාත්‍රි කාලයේ නින්ද නොයන ගැටළු ඇති වීමටත් ඉඩ තිබෙනවා.
බාහිර ප්‍රශ්න නිසා නින්ද නොයන්නත් ඉඩ තිබෙනවා…
අපේ ජීවිතයේ ඇතිවන බාහිර ප්‍රශ්න සහ ආතතිය නිසා නින්ද පිළිබඳ ගැටලු ඇති විය හැකි බව මහාචාර්ය එස්. පී කොලින් සඳහන් කරනවා. පරිණාමය තුළ පවා නින්ද මිනිසාට අවශ්‍ය බැව් තහවුරු වී තිබෙනව.
මිනිසාගේ මොළය විශාල නිසා නින්දක් අවශ්‍යයි. මනසේ ඇති වෙන ගැටලු ආවර්ජනය කරමින් සිටින විට අවදියෙන් ගත නරමින් ඒ ගැන සිතනන්ට යොමු වීමේ ප්රවනතාවයක් අප කාටත් ඇති වෙනවා. ඒ නිසා කනස්සල්ල නින්දට බරපතල තර්ජනයක් බැව් පර්යේෂකයන්ගේ අදහසයි.
සෞඛ්‍ය තත්ත්වය
සුවදායක නින්දක් වෙනුවෙන් ශාරීරික වගේම මානසික සෞඛය තත්ත්වය විශාල ලෙසින් බලපෑමක් ඇති කරනවා. රෝග තත්ත්වයකින් පසු වනවිට නින්ද පිළිබඳ ගැටළු ඇති කරන බැව් අපේ අත්දැකීමෙන්ම දන්නා දෙයක්. නමුත් නින්ද නොයන පුද්ගලයන් රෝගීන් යැයි මෙයින් අදහස් නොකරන අතර, නිදන්ගත සෞඛ්‍ය තත්ත්වයන් සහ වේදනාව ඇති විට නින්දට බාධාවන් සිදුවන බැව් මහාචාර්ය කොලින් වැඩිදුරටත් සඳහන් කරනවා.
ශාරීරික ඔරලෝසුව…
අපේ ජෛව ඔරලෝසුව වයසට යන විට නිදි පද්ධතියත් වයසට යනවා. යොවුන් වයසේ අය ප්‍රමාද වී නින්දට ගොස් ප්‍රමාද වී අවදි වෙනවා. නමුත් වයස සමග ඒ වාසිය නැති වෙනවා. වයස්ගත පුද්ගලයෙක් ප්‍රමාද වී නින්දට ගියත්, උදෙන්ම අවදි වෙන්න අපහසුයි. සමහර විට ජානමය තත්ත්වයන්ද නින්දට බලපානවා.
ඒ අනුව උදෙන්ම ක්‍රියාකාරී වන පුද්ගලයා අපි “ ලාර්ක් ” පක්ෂියෙකුට සමාන කරන අතර සවස් කාලයේදී ක්‍රියාකාරී වන අයෙකු අපි “ බකමූණා ” ලෙසින් හඳුන්වන බැව් මහාචාර්ය කොලින් තව දුරටත් සඳහන් කරනවා.
නින්ද නොයනවා නම් මොකද කරන්නේ…
රාත්‍රි කාලයේ නින්ද නොයනවා නම් ඒ ගැන අනවශ්‍ය අන්දමින් හිතීම සුදුසු නැහැ. නිදාගන්න ගන්නා උත්සාහය නිසාම ඔබ අවදියෙන් සිටිනවා. ඔබ නින්දට බල නොකර සිටීම ස්වභාවික නින්දක් ඇති වීමට හේතුවක් බැව් පර්යේෂකයන් සඳහන් කරනවා.
හොඳ චර්යාවන් පුරුදු කරන්න…
හොඳ නින්දක් ලබා ගැනීමට නම් හොඳ චර්යාවන් පුරුදු කිරීම වැදගත්. එකම පිළිවෙලකට කටයුතු කිරීම. එනම් නිහ්චිත වෙලාවකට නින්දට යන්න. එකම වෙලාවට අවදි වෙන්න.
නිදා ගැනීමට එකම ස්ථානයක්…
සොෆා මත නිදා ගැනීම. ඇඳට ගොස් වෙනත් කාර්යන්හි යෙදීම නින්දට බාධාවක්. නින්දට අවශ්‍යතාවයක් නැත්නම් පැය බාගයක් හෝ වෙනත් වැඩක යෙදී එයින් පසුව ඇඳට යන්න.
නින්ද යන්නේ නැතුවාට ඖෂධ…
නින්ද නොයන පුද්ගලයන් ඒ වෙනුවෙන් ඖෂධීය ප්‍රතිකාර ගැන උනන්දු වුණත් වෛද්‍ය හාරේ සහ මහාචාර්ය ඕර්වඩ් එම අදහස ප්‍රතික්ෂේප කරනවා. සංජානන චර්යාත්මක චිකිත්සාම මගින් 80% ක පමණ ප්‍රතිඵල ලැබෙන අතර දැනටමත් මේ ප්‍රතිකාර සැසි මගින් 50% කගේ නින්ද නොයන ගැටලු සම්පූර්ණයෙන්ම විසඳී ඇති බැව් මෙම පර්යේෂකයන් විසින් පෙන්වා දී තිබෙනවා. ඖෂධවලට වඩා මෙම චිකිත්සක ක්‍රම රෝගීන්ට හොඳින් ක්‍රියා කරන බැව් දැනටමත් තහවුරු වී තිබෙනවා. මැග්නීසියම් වැනි ඖෂධ මගින් ප්‍රතිඵල ලැබුණත් මෙම පර්යේෂණය වෙනුවෙන් වැඩි දුර අධ්‍යනයන් සිදු වී නැහැ.
ආර්තවහරණය…
ආර්තවහරණය නිසා වියපත් කාන්තාවන්ගේ නින්ද පිලිබඳ ගැටලු ඇති වෙනවා. ශරීරයේ උණුසුම වැඩි වීම, ආතතිය, හෝර්මෝන වෙනස්වීම වගේම දරු මුනුපුරන්ගේ වගකීම නිසා ඇති වෙන මනෝභාවය්නගේ වෙනස්කම් මත නින්ද පිළිබඳ ගැටලු ඇති වෙනවා.
මත්පැන් භාවිතය නිසා නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වෙනවා. ඒ වගේම මාංශ පේශි ලිහිල්වීම නිසා නින්දෙන් ගොරවනවා. එවිට අවදි වී නැවත නිදා ගැනීමේදී නින්ද පිළිබඳ ගැටලු ඇති වෙනවා.
රාත්‍රි මුරවැඩ සේවයේ යෙදෙනවා නම් ඔබේ මූලික නින්ද ප්රශස්ත කර ගැනීම ඉතාම වැදගත්. එවැනි අය රාත්‍රි සේවාවන් නොමැති දිනයන්හිදී සුවදායක නින්දක් ලබා ගැනීම අනිවාර්යෙන්ම සිදු විය යුත්තක්. ළදරුවන් ඇති මවක් තම දරුවා නිසා රාත්රියේදී අවදිව සිටිනවා නම් ඇය දිවා කාලයේදී කෙටි නින්දක් හෝ ලබා ගැනීම වැදගත්. ඩිජිටල් උපාංගයන්හි නිල් තිර අපව අවදියෙන් තබනවා. බොහෝ දුරට මෙම උපාංගයන්ගෙන් ලැබෙන නිල් තිර ආලෝකයට වඩා අපි ඒවා සමග ක්‍රියාත්මක වීම නින්දට බාධාවක්.
බී.බී.සී පුවත් ඇසුරින්
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️