නම – සදුනි ප්‍රනාන්ඩෝ.
වයස – අවුරුදු 24 යි.
උස – 180 cm යි.
පදිංචිය -ඉතාලිය.
වෘත්තිය – ඉංජිනේරු ශිෂ්‍යාවක්.
මොකක්ද ඔයා ලංකාව නියෝජනය කරන පැජන්ට් එක?
මිස් ග්ලෝබල් කියන පැජන්ට් එක. මේකට ලෝකයේ රටවල් 80 ක් විතර සහභාගී වෙනවා. ඒ තරඟාවලියට ලංකාවෙන් ඉදිරිපත් වෙන්නේ මම.
කොහොමද ඔයාව තෝරගන්නේ?
නැෂනල් ඩිරෙක්ට තමයි අපිට මේ පැජන්ට් එකට ඉදිරිපත් වෙන්න දිරිගැන්නුවේ. ඒ විදියට අයදුම් කරපු අයගෙ උස, කන බොන විදිය, හැසිරීම, ඇවිදින විදිය වගේ දේවල් බලලා පෞද්ගලිකව ඉන්ටර්විව් කරලා අවසානයේ මාව තෝරාගත්තා.මුල ඉදන්ම කැමැත්තක් තිබුණද මේ වගේ පැජන්ට් එකකට යන්න ලංකාවේ හිටපු කාලේ නම් ආසාවක් තිබ්බේ නැහැ. මම ස්පෝර්ට්ස් තමයි ලංකාවේදී වැඩිපුරම කළේ. ඉතාලියට ආවම මේ පැජන්ට් එක දකිද්දී ලොකු ආසාවක් ඇති වුණා. ඒක නිසා තමයි සහභාගී වෙන්න හිතුවේ.
පැජන්ට් එක කොහෙද තියෙන්නේ
කාම්බෝජයේ සතියයි, තායිලන්තයේ සතියයි. ඒ විදියට තමයි පැවැත්වෙන්නේ. ෆයිනල් එක තියෙන්නේ මාර්තු නවය තායිලන්තයේ .
මොන වගේ කැටගරිද තියෙන්නේ පැජන්ට් එකේ?
මිස් කැට් වෝර්ක්, ටැලන්ට් රවුන්ඩ්, නැෂනල් කොඩ්ටියුම්, ෆොටෝ ජෙනික්, ස්විමින් ශූට් වගේ කැටගරි ගොඩක් තියෙනවා.

මොන වගේ බලාපොරොත්තුවක්ද තියෙන්න?
ලංකාවේ මේ වගේ මිස් වර්ල්ඩ් තරඟවලින් වින් කරලා නෑ. මට ඕන කොහොමහරි ෆයිනල්වලට ගිහින් අපේ ලංකාවේ නම ලෝකෙට කියන්න. ගොඩක් මහන්සි වුණා. ඒ නිසා ආසාවෙන් ඉන්නේ ෆයිනල් එන්න.
නැෂනල් කොස්ටියුම් එක මොකක්ද ඔයාගේ ?
ඇම්බැක්කේ දේවාලයේ ලී කැටයම් තමයි තෝරගත්තේ. ඉස්සරහ ලී කැටයම්. පිටිපස්සේ මොණර පිළක්. නාමල් ලක්ෂාන් තමයි ඒක කළේ.
යුරෝපීය රටවල ඉන්න තරුණියෝ බියුටි පැජන්ට්වලට එන්න උනන්දුද?
යුරෝපීය රටක ලංකාව නියෝජනය කරල ඉදිරිපත් වෙනවා අඩුයි. උද්ධිමා ද සිල්වා තමයි මගේ නැෂනල් ඩිරෙක්ටර්. එයා අපි වෙනුවෙන් ලොකු සේවයක් කරල තියෙනවා. ලංකාවේ වගේම ජාත්‍යන්තරවත් සහභාගී වෙන්න කැමති අපි වගේ අයට තරගවලට ඉදිරිපත් වීම සඳහා. මේ ගමනට එයා වගේම මගේ පවුලේ අයත්, බොයිෆ්‍රෙන්ඩ් ඔක්කෝම උදව් කළා. නැත්නම් අද මට මේ ගමන එන්න බෑ.
හරින්දී ලියනගේ ✍️