අපි හැමෝම විව්ධ වර්ගයේ රසවත් ආහාර කන්න කැමතියි. කඩේකට ගියත් අපි ගන්න කැමති රසවත් ක්ෂණික ආහාර. කාර්යබහුල බවත් එක්ක මේ තත්ත්වය තවත් වැඩි වෙලා. ඒ නිසා අද වෙනකොට පිළිකා වගේ බෝ නොවන රෝගත් එන්න එන්නම වැඩි වෙනවා. ඒ නිසා දැන්වත් රස ගැන විතරක් හිතන්නෙ නැතිව පෝෂ්යපදායී බව ගැන අපිට හිතන්න වෙනවා.
අපේ ශාරිරික නිරෝගිබාවයට පොඩි කාලයක් වැය කළේ නැති වුණොත් මේ භයානක රෝග අපට තෑගි විදිටට ලැබෙන්න ඉඩක් තියෙනවා. ඒ නිසා අද කතාව පෝෂ්‍යදායි මොළයේ වර්ධනය වැඩි කරන පාන වර්ග ගැනයි.
කහත් එක්ක කිරි…
කහ කුඩු පොඩ්ඩක් එක්ක උණුවට කිරි වීඩුරුවක් බිව්වොත් මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි කරගන්න පුළුවන්. ප්‍රතිඔක්සිකාරකවලින් සපිරි කහ කිරිට් එක්ක මිශ්‍ර වුණාම නිරෝගී සෞඛ්‍ය තත්තවයක් පවත්වා ගන්න පුළුවන්.
ආමන්ඩ් කිරි
ආමන්ඩ් එක්ක මුසු වුණ කිරි බීමෙන් ඔයාගේ ශරිරයට සෞඛ්‍ය සම්පන්න මේද සහ විටමින් E ලබා දෙනවා. ඒ තුළින් මතක ශක්තිය වැඩි කරගන්න වගේම මොළයේ නිරෝගී බව වැඩි කරගන්නත් පුළුවන්.
ඇපල් හා බීට්රූට් යුෂ
ඇපල් බීට්රූට් යුෂ එකතු කරල හදන ඩ්‍රින්ක් එක ඔයාගේ ශරීරයේ නිරෝගීබාවයට හේතු වෙනවා’මොළයේ රුධිර සංසරණය වැඩි දියුණු කිරීමට සංජානන ක්‍රියාකාරීත්වය වැඩි කරන්න මේ යුෂ හේතු වෙනවා.
නිවිති හා කෙසෙල් යුෂ
නිවිති හා කෙසෙල්වලින් සාදන ලද යුෂ වල පොටෑසියම්, මැග්නීසියම් ප්‍රතිඔක්සිකාරක බහුලයි. ඒ නිසා මොළයේ සෞඛ්‍ය රැකගනිමින් මොළය වර්ධනය කරන්න උපකාර වෙනවා.
හරිත තේ
හරිත තේ කියන්නේ ප්‍රතිඔක්සිකාරක බහුල පානයක්. දරුවන්ගේ වගේම වැඩිහිටියන්ගේ මතක ශක්තිය වැඩි කරන්න උපකාර වෙන ගුණදායි පානයක්.
කැරට් හා තැඹිලි යුෂ
කැරට් තැඹිලි යුෂ එක් කර බීම ඉතාම ගුණදායකයි. විටමින්A හා විටමින් Cවලින් පිරුණු මේ පෝශ්‍යදායි පානයෙන් මොළයේ සෛල ආරක්ෂා කරමින් මතක ශක්තිය වැඩි දියුණු කිරීම සිදු කරනවා.
අන්තර්ජාලය ඇසුරෙන්
පවනි දිලේකා ✍️