යම් රෝගයක් කල් තබා හඳුනාගතහොත් එය සුව කර ගැනීම පහසුයි. නමුත් අපි බොහෝ දෙනෙකුට යම් රෝගයක් සිරුරේ මුල් බැස ගෙන පැතිරෙන තෙක්ම හඳුනා ගැනීම අපහසු වෙනවා. දියවැඩියාව වැනි රෝගීන්ගේ පාද අහිමි වෙන තරමටම රෝග සංකුලතාවයන් ජීවිතයේ ගුණාත්මක බවට පවා බලපානවා. නමුත්... දියවැඩියාව රෝග තත්ත්වය කල් තබාම හඳුනා ගැනීමට හැකියාවක් තිබෙනවා නම් එය සතුටු ආරංචියක් විය හැකියි.
ටෙරී ක්වීන් යොවුන් වියේ පසුවෙන කාලයේදී ඔහු අනාගතයේදී දියවැඩියා රෝගියෙකු බවට පත් වෙනු ඇතැයි සිහිනෙන්දු සිතුවේ නැහැ. නමුත් එක් දිනක් හදිසියේ ඔහුගේ ඇසින් ලේ ගලන්නට විය. ඒ වෙනුවෙන් සිදු කරන ලද පරීක්ෂණ අනුව ටෙරී “ රෙටිනෝපති ” අක්ෂි රෝගයෙන් පසුවෙන බැව් තහවුරු විය. දියවැඩියාව නිසා දෘෂ්ටි විතානයේ ඇති රුධිර නාලිකා හානි වීමත් සිදු වෙනවා.
මේ නිසා සෑම වසරකට හෝ වසර දෙවරකට වතාවක් සෑම වැඩිහිටි පුද්ගලයෙකුම අක්ෂි පරීක්ෂාවක් සිදු කර ගත යුතු බැව් එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවය මගින් නිවේදනය කර තිබෙනවා. නමුත් ප්‍රායෝගිකව මෙය බොහෝ දෙනා විසින් අනුගමනය නොකරන බවත් මෙම සංගමය මගින් සඳහන් කර තිබෙනවා. පූර්ව පරීක්ෂණ මගින් දියවැඩියා රෝග තත්ත්වය හඳුනා ගත හැකි බැව් එක්සත් ජනපදයේ විස්කොන්සින් මැඩිසන් විශ්වවිද්‍යාලයේ දෘෂ්ටි විතාන පිළිබඳ විශේෂඥ රූමසා චන්නා සඳහන් කරනවා. මේ වෙනුවෙනි අධික වියදමක් වැය වෙන වන අතර සන්නිවේදන ගැටළු සහ පරීක්ෂණ සඳහා ප්රවේශවීමේ අපහසුතාවයක් ඇති වෙනවා.
ෆන්ඩස් ඡායාරූපය ( අක්ෂි රූපකරණය )
මේ වෙන විට අක්ෂි රූපකරණය සඳහා ඇසේ පිටුපස අභ්‍යන්තර බිත්තියේ සම්පූර්ණ ඡායාරූපයක් ලබා ගන්නා අතර එය “ෆන්ඩස් ” යනුවෙන් හඳුන්වනවා’ දැනට මේ අක්ෂි රූපකරණය මිනිස් ශ්‍රමයෙන් සිදු වෙනවා. ඒ වෙනුවෙන් වැඩි කාලයක් සහ මුදලක් වැය වෙනවා. මේ නිසා වෙනුවෙන් කෘතිම බුද්ධිය (AI) යොදා ගැනීම වඩා වේගවත්ව සහ ලාභදායී බැව් පර්යේෂකයන් විසින් සඳහන් කරනවා. ඒ නිසා මෙම පරීක්ෂණ වෙනුවෙන් දැනටමත් කෘතිම බුද්ධිය පුහුණු කිරීම ආරම්භ කර තිබෙනවා. මෙම ඡායාරූපය අනුව ඒ පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර ලබා ගත යුතු නම් වෛද්‍ය ප්‍රතිකාර වෙුනවෙන් නිර්දේශ කිරීමත් කෘතිම බුද්ධියෙන්ම සිදු වෙනවා.
මෙවැනි එක් පද්ධතිවක් පෘතුගාලයේ Retmarker සෞඛ්‍ය තාක්ෂණ සමාගම මගින් දැනටමත් වැඩිදියුණු කරනවා. මෙම මෙවලම අපි තොරතුරු ලබා ගන්නා ආධාරක මෙවලමක් ලෙසින් භාවිතකරන බැව් උක්ත සමාගමේ ප්‍රධාන විධායක ජොයෝ ඩියාගෝ සඳහන් කරනවා’ මෙම ඡායාරූප විමර්ශනය කර ගැටළුසහගත රූප හඳුනා ගෙන වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. ගුගල් සෞඛ්‍ය පර්යේෂකයන් මගින් රෙටිනෝපති හඳුනා ගැනීම වෙනුවෙන් නිපදවා ඇති කෘතිම බුද්ධි පද්ධතියේ දුර්වලතාවයන් දැන් පරීක්ෂා කරමින් සිටිනවා.
දුර්වලතාවයන් කීපයක්
- මෙම අක්ෂිරූප අපැහැදිලි වීම
- අපිරිසිදු වීම
- අයහපත් ආලෝකකරණය
- කෘතිම බුද්ධිය හැසිරවීමේ පාලනය කළ ආකාරය
- දත්ත දුර්වලතාවය
පිරිවැය අධිකයි…
කෘතිම බුද්ධිය යොදා ගෙන රෙටිනෝපති පරීක්ෂණ සිදු කිරීම වියදම් අධික කාර්යක් බැව් ඉන්දියාව සහ තායිලන්තයේ සෞඛ්‍ය පර්යේෂකයන් සඳහන් කරනවා. මෙම රටවල් විසින් මහජන සෞඛ්‍ය අමාත්‍යාංශ සමග සහයෝගයක් ගොඩ නගා ගන්නවා නම් පිරිවැය කාර්යක්ෂමතාවය ඇති කර ගැනීම එතරම් අපහසුවක් නොවන බැව් මේ වෙනුවෙන් පිළිතුරු දෙන ගුගල් පර්යේෂකයන් සඳහන් කරනවා. පිරිවැය තාක්ෂණයේදී සැලකිය යුතු අතර කෘතිම බුද්ධිය යොදා ගැනීමේදී ඒ වෙනුවෙන් පවුම් පහක මුදලක් වැය වෙන බැව් Retmarke ආයතනයේ ප්‍රධානී රමෝස් විසින් සඳහන් කරනවා.
නමුත් මිනිසුන් යොදා ගෙන සිදු කරන රෙටිනෝපති පරීක්ෂාව කෘතිම බුද්ධියෙන් සිදු කරනු ලබන පරීක්ෂාවටත් වඩා මිළ අධික බැව් සිංගප්පුරුවේ ඩැනියෙල් එස්. ඩබ්ලිව් ටින්ග් සහ පර්යේෂක කණ්ඩායම විසින් සඳහන් කර තිබෙනවා.
ඒ අනුව ආරම්භක තේරීම කෘතිම බුද්ධියට භාරදී එය මිනිස් විශ්ලේෂණය සමග දෙමුහුන් කිරීම වඩාත් වැදගත් වෙන අතර 2025 වසරේ පටන් මෙම නවතම රෙටිනෝපති පරීක්ෂණය ආරම්භ කිරීමටත් අදහස් කරනවා.
දැනටමත් සිංගප්පුරුවේ රෙටිනෝපති පරීක්ෂණ වෙනුවෙන් යටිතල පහසුකම් වැඩිදියුණු වී තිබෙන නිසා සිංගප්පුරුවේදී මෙම ක්‍රමය ලාභදායක විය හැකි බැව් මහාචාර්ය ටින්ග් සඳහන් කරනවා.
කෘතිම බුද්ධිය යොදා ගෙන රෙටිනෝපති පරීක්ෂා කිරීම ධනවත් රටවල්වලට පමණක් සීමා විය යුතු නොවන බැව් Retmarke හි ප්‍රධාන AI නිළධාරී බිලාල් මතීන් සඳහන් කරනවා. දැනටමත් එක්සත් රාජධානිය සහ චීනය වැනි රටවල මෙම AI තාක්ෂණය මගින් ලබා ගත් දත්ත් ඉතාම ඵලදායක වන නිසා මෙම තාක්ෂණය වරප්‍රසාද ලත් රටවල් වෙනුවෙන් සීමා නොවිය යුතු බැව් බිලාල් මතීන් සඳහන් කරනවා.
අනාගතයේදී රෙටිනෝපති වැනි අක්ෂි ආබාධ පමණක් නොව මයෝපියාව, ග්ලුකෝමාව වැනි අක්ෂි රෝග තත්වයන් හඳුනා ගැනීමටත් කෘතිම බුද්ධියට හැකියාවක් ලැබෙනු ඇතැයි වෛද්‍ය චන්නා විසින් සඳහන් කරනවා. සෞඛ්‍ය සේවා වෙනුවෙන් සම්බන්ධ වීම මග හරින පුද්ගලයන්ටත් මෙය වඩාත් ඵලදායී විය හැකි අතර විශේෂයෙන් වයස්ගත අයට මෙය වඩාත් සුබ පණිවිඩයක් වෙනු ඇත.
දියවැඩියාවෙන් පෙලෙන රෝගීන් නිසි කාලවලදී නිසි පරීක්ෂණ සඳහා යොමු වෙනු දැකීම අපට සතුටක්. දියවැඩියාව නිසා ඇති වෙන මංකුලතාවයන් සමග සසඳා බලන විට මේ තරම් සුබ ආරංචියක් තවත් නොමැති බැව් දෘෂ්ටි විතාන පිළිබඳ විශේෂඥ රූමසා චන්නා විසින් සඳහන් කරනවා.
බී.බී.සී පුවත් ඇසුරින්
පුන්‍යා චාන්දනී ද සිල්වා