ලෝකෙ ලස්සන දේවල්වලට ආකර්ශනය වෙන එක සාමාන්‍ය දෙයක්. ඒ වගේම ලස්සන කියන දේ සාපේක්ෂයි. ලස්සන රඳා පවතින්නේ අදාළ පුද්ගලයාගේ ඇස මත. නමුත් සමාජ විද්‍යාත්මක සංකල්පයක් තියෙනවා මේක එක්තරා විදිහට එරර් එකක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. ලස්සනට ඇඳගෙන ආවම, ලස්සනට හිටියම ඒ කෙනා හොඳයි කියලා හිතෙන මිනිස්සු ඉන්නවා. ඒක තමයි අර කිව්ව එරර් එක…
පහුගිය දවසක රටේ නම ගිය අපරාධකරුවෙක්ව උසාවියෙදි ඝාතනය කළ ඝාතකයාගේ පෙනුම ගැන අපේ රටේ තරුණියෝ ගුණාත්මක මත බොහොමයක් පළ කරලා තිබුණනේ. තරුණියන් පෙනුම නිසා අපරාධකරුවන්ට ආකර්ෂණය වෙන එක ඉතිහාසයේ ඉඳලම තියෙන දෙයක්. මනෝවිද්‍යාවේදී පැරාපීලියා කියලා ඩිසෝඩර් එකක් තියෙනවා.
පැරාපීලියා කියන්නේ අපගමනය වූ ලිංගික චර්යාවලට. මේ පැරාපීලියා යටතේ එන තව දෙයක් තමයි හයිබ්රිරස්ටොපීලියා කියන්නේ. සමහර අපරාධකරුවන්ව සැබෑවටම දැකලා නැතත් ඒ අපරාධකරුවන් සම්බන්ධයෙන් ඇති වන ලිංගික ආකර්ෂණය හයිබ්රිරස්ටොපීලියා ඝණයට අයිති වෙනවා. පුද්ගලයා කුමන තරාතිරමක කෙනෙක් වුණත් ලිංගික ආකර්ෂණයක් ඇති වීමට ජානමය හේතුවක් හේතු වෙන්නත් පුළුවන්. ඒ වගේම සාමාජීය කාරණාත් හේතු වෙන්න පුළුවන්.

මේ කාරණාව සම්බන්ධව ලෝකෙ වැඩිදුර පර්යේෂණ සිදුවෙලා නෑ කියලයි මගේ අදහස. නමුත් කායික මානසික වශයෙන් ව්‍යසනයට ලක් වුණ, අගතියට පත්වුණ ළමා කාලයක් තිබුණ වැඩිහිටියෝ ගොඩක් වෙලාවට අවිඥාණිකව හෝ සවිඥාණිකව ඒ ආකාරයේම පෞරුෂයක් තියෙන කෙනෙක්ව තෝරාගැනීමේ හැකියාවක් තියෙනවා කියන උපකල්පනයන් යම් යම් පර්යේෂණවලදී හොයාගෙන තියෙනවා.
අපි උදාහරණයකට හිතමු, කුඩා දරුවෙක් ඉන්නවා. මේ දරුවා කුඩා කාලෙ ඉඳන්ම තමන්ගෙ දෙමාපියන්ගෙන් වගේම වටපිටාවෙන් අඩත්තේට්ටම්වලට ලක්වුණ දරුවෙක්. ඒ ළමයා වැඩිහිටියෙක් බවට පත්වුණාම ඒ ආකාරයේම, ඒ කියන්නෙ අඩත්තේට්ටම් කරන විදිහෙම පාට්නර් කෙනෙක්ව හොයාගන්න වැඩි ඉඩක් පවතිනවා.
තරුණියෝ අර ඝාතකයට දාලා තිබුණනෙ සමහර කමෙන්ට්ස් ‘අනේ මෙයාව යහමගට ගන්න බැරිද?‘ වගේ. මේකට කියන්නේ සේවියර් කම්ප්ලෙක්ස් එකක් කියලා. ඒ කියන්නෙ එයාව හොඳ පැත්තකට ගන්න උත්සාහ කරන්නේ. ඒ ඝාතන සිදුවීම නාට්‍යයක් වගේනේ. ලස්සන මනුස්සයෙක් නීතීඥයෙක් විදිහට පිළිවෙළට ඇඳගෙන ඇවිත් පොතක පිටු කපලා ඒ අස්සෙ හංගන් හිටපු ගිනි අවියකින් විත්තිකරුට වෙඩි තියනවා. මිනීමරුවෙක් වුණත් කඩවසම් නම් අර කියපු ආකර්ෂණය ඇතිවෙනවා. ඒ වගේම ඒ පුද්ගලයව හොඳ මනුස්සයෙක් විදිහට දකින්න කැමතියි. හැබැයි ඔය මිනීමරුවම පාරක හිටපු මිනිහෙක්ව නිකන්ම ඇවිත් මරලා දාලා ගියා නම් මෙච්චර ආකර්ෂණයක් ඇති වෙන්නෙත් නෑ.
සමහරු කමෙන්ට් එකක් දාන්නෙ තමන්ට වැඩි අවධානයක් ලබාගැනීමේ අරමුණින් විතරයි. තවත් සමහරු කමෙන්ට්වලින්ම අහන්නෙ ‘අවධානෙද ඕනෙ?’ කියලා. ආන්න ඒ අවධානය ඉල්ලීමක් තමයි අර ඝාතකයට දාපු කමෙන්ට්ස්වල තිබුනේ. තවත් පැත්තක් තමයි යථාර්ථයක් නැති මිනිස්සුන්ට අපරාධකරුවො ගැන ආකර්ෂණයක් ඇති වෙන්න පුළුවන්. මේ අයට අපි කියනවා සයිකොටික් පේෂන්ස්ලා කියලා. මේ කියපු සියලු කාරණා ටික ප්‍රධාන වශයෙන් ඒ සිද්ධිය වටා අපිට ගොනු කරන්න පුළුවන්.
මනෝ විද්‍යාඥ,ආචාර්ය
අශෝක් ප්‍රියදර්ශන
එරංදි කෞශල්‍යා ✍️