විද්‍යාඥයෝ නිතිපතා පර්යේෂණවල යෙදෙන්නේ මානව සංහතියේ පැවැත්ම වෙනුවෙන්ය. විද්‍යාත්මක ක්ෂේත්‍ර හැරුණු කොට සෞඛ්‍ය සම්බන්ධව වැදගත් පර්යේෂණ කෙරෙමින් පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2025 ජනවාරි 25 නිකුත් කෙරුණු වාර්තාවේ සඳහන් වූ නවෝත්පාදන ප්‍රතිකර්මයක් පිළිබඳ මෙම ලිපියෙන් සාකච්ඡා කෙරේ.
නව බලාපොරොත්තුවක්
Monoclonal antibodies (mAbs) නම් ප්‍රතිදේහ අප ශරීරයේ ස්වභාවික ආරක්ෂණ පද්ධතිය අනුකරණය කරන රසායනාගාරයේ නිෂ්පාදිත ප්‍රෝටීනය. මෑත වසරවලදි මේ නවෝත්පාදන ප්‍රතිකාර ක්‍රම නිසා පිළිකා, ප්‍රතිශක්තිකරණ රෝග ( immune diseases) සහ බෝවෙන රෝග සුවකිරීම පිළිබඳ නව බලාපොරොත්තු ඇතිවී තිබේ. මෙහිදී කැපී පෙනෙන වෙනස වන්නේ විද්‍යාත්මක දියුණුවට අමතරව මේවා සඳහා ආයෝජකයින් කැමැත්ත පළකර සිටීමය.
පර්යේෂණ කෙරෙහි අභියෝග
බලාපොරොත්තු සහගත වර්ධනයන් මැද වැදගත් අභියෝග මතුවී තිබීම කනගාටුදායකය. 2014-2023 අතර කාල වකවානුවේදී Monoclonal ප්‍රතිදේහ සම්බන්ධ පර්යේෂණවලින් 66% ක්ම සිදුකරනු ලැබුවේ ඉහළ ආදායම් ලබන රටවල්ය. අඩු ආදායම් ලබන රටවල දායකත්වය 1%ක් තරම් සුළු විය. මේ නිසා අඩු ආදායම් ලබන රටවල ජනතාව වෙනුවෙන් කෙරෙන පර්යේෂණ මගහැරී ඇත. විශේෂයෙන් ළමුන් සම්බන්ධ පර්යේෂණ ඉතා අඩුවී ඇත. මේ අඩු නියෝජනයෙන් ඇතිවන අසමතුලිතතාව බරපතලය.
Monoclonal පර්යේෂණවල අනාගතය මෙම ප්‍රතිදේහ යොදා කෙරෙන පර්යේෂණ වලදී අත්හදා බැලීම්වලින් 84% ක්ම අවධානය යොමු කොට ඇත්තේ විශේෂයෙන් පිළිකා සහ ප්‍රතිශක්තිකරණ අක්‍රමතා ( immune disorders) වැනි බෝ නොවෙන රෝග සම්බන්ධවය.
මේ නිසා බෝ නොවෙන රෝග සම්බන්ධන සැලකිය යුතු දියුණුවක් ඇතිවී ඇති නමුත් බෝවෙන රෝග කෙරෙහි කටයුතු කරන මෙන් දැඩි ඉල්ලීමක් එල්ල වි ඇත. සිරුරේ ක්ෂුද්‍රජීවි නාශක ඖෂධ කෙරෙහි ඇතිවන ප්රතිවිරෝධය සහ අලුතින් මතුවන නව රෝග පිළිබඳ අභියෝග නිසා පර්යේෂණ කටයුතු පුළුල් පරාසයක් සඳහා මෙහෙයවීම අත්‍යවශ්‍ය වී තිබේ. එසේම ලොව පුරා මෙම ප්‍රතිකර්ම සඳහා සාධාරණ ප්‍රවේශයක් ඇතිවීමද අවශ්‍යතාවයකි.
පවුලේ සෞඛ්‍ය කෙරෙහි වන බලපෑම්
පවුලේ සෞඛ්‍ය තීරණ ගැනීමේදී කාන්තාවන් ප්රමුඛ වන අතර මෙම පර්යේෂණවල දියුණුව ඔවුන්ට වැදගත් වේ. වැඩි දෙනා ඉලක්ක කරගත් වඩා කාර්යක්ෂම සහ අතුරු ආබාධ රහිත ප්‍රතිකාර ප්‍රචලිත කිරීම මගින් ඔවුන්ගේ බලාපොරොත්තු ඉටුවනු ඇත. මේ නිසා පුළුල් වයස් පරාසයක, සහ ජනගහණයක් අතර පර්යේෂණ විවිධාංගිකරණය කිරීම අවශ්‍යව ඇත. නුදුරු අනාගතයේදීම කාන්තාවන්ගේ බලාපොරොත්තු සඵල කරමින් ලොව පුරා වඩා ආරක්ෂිත සහ වේගවත් නව ප්‍රතිකර්ම මෙම රසායනාගාර නිෂ්පාදිත Monoclonal ප්‍රතිදේහ යොදා කෙරෙන පර්යේෂණ නිසා සිදුවෙනු ඇත.
https://www.who.int/ ඇසුරිනි
සුනිල් අල්ගම ✍️