වියළි සම කියලා කියන්නේ අපිව අපහසුතාවයට පත් කරන සමේ රෝගයක්. ලෙඩවුණාම බෙහෙත් ගන්න පුළුවන්. ඒත් බෙහෙත් බොන්න අපි හැමෝම කැමති නැහැ. අපි එදිනෙදා ගන්න ආහාර හරි විදිමට ගත්තොත් බෙහෙත් නොබී සමේ වියළි බව නැති කරගන්න අපට පුළුවන්.
අලිගැට පේර
අලිගැට පේර ඔබේ සමේ තෙතමනය රඳවා ගැනීමට උපකාරී වන සෞඛ්‍ය සම්පන්න මේද, විශේෂයෙන් මොනොසැටරේටඩ් මේදවලින් පොහොසත් වෙනවා. අලිගැට පේරවල විටමින් E ඉහළ මට්ටමක පවතින අතර එය ප්‍රතිඔක්සිකාරකයක් වන නිසා සමට සිදුවන හානිවලින් ආරක්ෂා කරගන්න උපකාරී වෙනවා. ඒ වගේම සම සජලනය කිරීම සඳහාද දායක වෙනවා.
ඇට වර්ග (Walnuts, ආමන්ඩ් )
ඇට වර්ග යනු සෞඛ්‍ය සම්පන්න මේද සහ විටමින් E වල විශිෂ්ට ප්‍රභවයන් වන අතර ඒවා සමේ සජලනය සඳහා සහාය වෙනවා. විශේෂයෙන් walnutsවල ඔමේගා-3 මේද අම්ල බහුල නිසා සමේ තෙතමනයෙන් තබා ගැනීමට උපකාරී වෙනවා.
බතල
බතලවල බීටා-කැරොටින් බහුලයි. බතලවල තිබෙන බීටා-කැරොටින් ශරීරය මඟින් ඒවා විටමින් A බවට පරිවර්තනය කරනවා. විටමින් A නිරෝගී සමක් පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කරන විටමින් වර්ගයක්. එමෙන්ම සමේ සෛල නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමෙන් වියළි බව සහ ඉරිතැලීම් වැළැක්වීමටද උපකාරී වෙනවා.
කැරට්
බතල මෙන්ම කැරට්වල බීටා-කැරොටින් ඉහළ මට්ටමක පවතිනවා. ඔබේ සමට හිරු එළියෙන් සිදුවන හානි හා වියළි බවෙන් ආරක්ෂා කිරීමට උපකාරී වෙනවා. කැරට් නිතිපතා පරිභෝජනය කිරීමෙන් සෞඛ්‍ය සම්පන්න සහ වඩාත් තෙතමනය සහිත සමක් ලබා ගැනීමට ඔබට පුළුවන් වෙනවා.
බෙරි (බ්ලූබෙරි, ස්ට්‍රෝබෙරි, රාස්බෙරි)
බෙරිවල ප්‍රතිඔක්සිකාරක සහ විටමින් සී අඩංගු වෙනවා. විටමින් සී යනු කොලජන් නිෂ්පාදනයට අත්‍යවශ්‍ය සාධකයක්. කොලජන් සමේ ව්‍යුහය සහ තද බව පවත්වා ගැනීමට, වියළි බව වැළැක්වීමට සහ සජලනය ප්‍රවර්ධනය කිරීමට උපකාරී වනවා. එම නිසා සමේ ආරක්ෂාවට උපකාරීවන කොලජන් වර්ධනයට බෙරි ලබාදෙන්නා විශාල උපකාරකයක්.
හරිත පැහැති කොළ
කොළ පැහැති කොළ විටමින් A, C සහ K වැනි විටමින් සහ ඛනිජ ලවණවලින් පොහොසත් ආහාරයක්. ඒවා සමේ සෞඛ්‍යයට සහ සජලනයට සහාය වෙනවා. ඒවායේ ඉහළ ජල ප්‍රමාණයක් අන්තර්ගත නිසා සම ඇතුළත සිට සජලනය කර තබා ගැනීමට ද උපකාරී වෙනවා.
චියා බීජ
චියා බීජ ඔමේගා-3 මේද අම්ල සහ තන්තුවල විශිෂ්ට ප්‍රභවයකි. ඒවා සමේ තෙතමනය සමතුලිත කරමින් සජලනය ප්‍රවර්ධනය කිරීමට උපකාරී වෙනවා.
මෙම කුඩා බීජ ආතතියෙන් සම ආරක්ෂා කරන ප්රතිඔක්සිකාරකවලින්ද පිරී තිබෙනවා. මේවා දිනපතාම විවිධ ආකාරයෙන් ඔබේ ආහාර වේලට එකතු කර ගත හැකියි.
ඩාක් චොකලට්
ඉහළ කොකෝවා අන්තර්ගතයක් සහිත ඩාක් චොකලට් ප්‍රතිඔක්සිකාරකවලින් පිරී පවතින ආහාරයකි. විශේෂයෙන් ෆ්ලේවනොයිඩ්, සම විවිධ හානිවලින් ආරක්ෂා කරන අතර වඩා හොඳ සජලනයක් ඇති කරනවා.
හරිත තේ
හරිත තේ පොලිෆෙනෝල්වලින් පොහොසත් වන අතර ඒවා UV හානිවලින් සහ දැවිල්ලෙන් සම ආරක්ෂා කිරීමට උපකාරී වන ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ලෙස හැඳින්වෙනවා.
හරිත තේ නිතිපතා පානය කිරීමෙන් සමේ සජලනය වැඩි දියුණු කිරීමට සහ වයසට යාමේ සලකුණු අඩු කිරීමට උපකාරී වෙනවා.
අන්තර්ජාලයේ ඇසුරෙන්
පවනි දිලේකා ✍️