විභාගය ඔන්න මෙන්න කියා තිබියදී ගේම් ගහන මල්ලිට අම්මා මේ විදිහට බනිනවා ඔහුට ඇහුණා… විභාගය ළග තියාගෙන ගේම් ගහන එකද වැඩේ… අම්මා ටිකක් තදින් ඇහුවා. මේ සිදුවීම නිසා දරුවන්ගේ අධ්‍යාපන වැඩ කටයුතු වෙනුවෙන් උපකාරී වෙන ඇප් එකක් නිර්මාණය කරන්න දිලංක සංජය තීරණය කළා. රත්නපුර රත්ගම. ( ඇත්තොට ) පදිංචි දිලංක “ Exam hub” මෘදුකාංග පද්ධතිය නිර්මාණය කිරීමේ කීර්තිය දිනා ගත් වයස අවුරුදු 27 ක තරුණයෙක්’ අවුරුදු 27 ක් වැනි වයසකදී ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට පත් දිලංකගේ මේ ගමන් මඟ වෙනුවෙන් මුල් අත්තිවාරම ලැබුණේ කොහොමද…? ඒ ගැන ඔහු තරම් දන්නා තවත් කෙනෙක් නැහැ.
මම 2013 වසරේ අධය්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියට පසුව උසස් පෙළ පන්තිවලට සම්බන්ධ වෙන තෙක් කාලය තිබුණා. මේ කාලයේ මොනවා හරි දෙයකට යොමු වෙන්න ඕන කියල මම හිතුවා.
ඔබේ තේරීම වුණේ…
මේ දවස් වනවිට හෙඳට ටයිප් සෙටින් පුළුවන්. ඒ නිසා මම පරිගණක ආයතනයක වැඩ කළා. දැන් මට මගේ සුදුසුකම් දියුණු කර ගන්න ඕන. ඒ වෙනුවෙන් වෙබ් නිර්මාණ Graphic design NVQ Level පාඨමාලාවක් හදාරන්න හිතුවා. ඒ වෙනුවෙන් රුපියල් 32, 000 ක් අවශ්‍ය වෙනවා. මූලික ගෙවීම රුපියල් 18, 000 යි.
මේ වෙන විට එතරම් මුදලක් ගෙවන්න තරම් අපට ආර්ථිකයක් තිබුණේ නැහැ. අපෙ අම්මාගේ මාලය උගස් කරල මම පාඨමාලා ගාස්තු ගෙව්වා. මේ පාඨමාලාව හදාරන අතරේම මම සේවය කළ ආයතනයෙන් මාසයට රුපියල් 5000 ක මුදලක් ලැබුණා. ඒ මුදලින් මම පාඨමාලාවේ ඉතිරි මුදලත් ගෙවා ගෙන අම්මාගේ මාලයත් බේරා ගත්තා.
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ආවා
සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලින් මම ජීව විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ පංතියට ඇතුලත් වුණා. මගේ උසස් පෙළ ප්‍රතිඵල අනුව රුහුණු විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලැබුවත් මම ඒ අදහස අතහැරියා. මම මුල්‍ය ආයතනයක සේවයට සම්බන්ධ වුණා. මේ ආයතනයෙන් මට රුපියල් 9100 ක මාසික වැටුපක් සමග වෙනත් දීමනා ලැබුණා. මේ මුදල්වලින් මම 2018 වසරේ මගේම බයිසිකලයක් මිළට ගත්තා.
මේ අතරේ මම Software engineering diploma පාඨමාලාවක් පටන් ගත්තා. මේ කාලයේ මම Post system මෘදුකාංගයක් නිර්මාණය කළා. ඒ මෘදුකාංගයෙන් වෙළඳසැල්වල බිල් විස්තර පහසුවෙන් සටහන් කරන්න පුළුවන්. මම මේ Post system මෘදුකාංග පහක් පමණ හදලා වෙළඳසැල්වලට අලෙවි කළා. ඒවායෙන් දෙකක් සාර්ථක වුණත් තවත් තුනක් පමණ සාර්ථක වුණේ නැහැ.
අසාර්ථක වෙන්න හේතුව…
මේ කාලයේ පරිගණක තාක්ෂණය ගැන දැනුවත් අය අඩුයි. ඒ නිසා සුළු වරදක් තිබුණත් ඔවුන්ට එය තනියම නිවරැදි කර ගන්න අපහසුයි. එක අවස්ථාවක වයර් එක මීයෝ කාලා තිබුණා. ඒ නිසා පද්ධතිය ක්‍රියාත්මක වුණේ නැහැ. නමුත් ඔවුන් චෝදනා කරන්නේ මට. හැබැයි මම මුලින්ම අලෙවි කළ මෘදුකාංගයක් අදටත් හොඳින් ක්‍රියාත්මක වෙන වෙළඳසැලක් තිබෙනවා. මට ඒ ගැන හරිම සතුටුයි.

මේ වෙන විට ඔබ ලොකු වැටුපක් ලබනවා…
ඔව් මම සම්බන්ධ වුණ ආයතනයේ වැටුප සමග අතිරේක දීමනා සියල්ල එකතුව රුපියල් 80, 000 ක විතර වැටුපක් මට ලැබුණා. 2018 වගේ කාලයක එය ඉතාම ආකර්ශණීය වැටුපක්. මේ කාලයේ මට විවිධ ව්‍යාපෘතිවලින් වැඩ ලැබුණා. ඒ කාලයේ මම HND පාඨමාලාවත් හදාරන අතරේම මගේ ගුරුවරයා සමග ( ගුරුවරයා කියන්නේ ඔහු මට වඩා අවුරුදු දෙකක් වැඩිමහල් අයෙක් ) එකතුව වෙනම වැඩ කරන්න හිතුවා. මම ව්‍යාපෘති ගන්නවා. ඔහු සමග සම්බන්ධ වෙලා මම කටයුතු කරනවා. නමුත් මේ වෙන විට ලැබෙන දුරකථන ඇමතුම් සංඛ්‍යාව වැඩියි.
2018 වසරේ රත්නපුර කුඩා ව්‍යාපාර අංශයේ ව්‍යාපෘතියක් අපට ලැබුණා. ඒක සාර්ථකව කළා. 2019 වසරේ තවත් පද්ධතියක් tuto hub නමින් හැදුවා. ඒකත් අසාර්ථකයි. ඒ වගේ ව්‍යාපෘති රාශියක්ම අසාර්ථක වුණා. සමහර ව්‍යාපෘති මගින් මට දවසේ වියදම ආවරණය කර ගන්න පුළුවන් වුණා. 2020 වසර වෙද්දී ව්‍යාපෘති හොඳට තිබුණත් මට ස්ට්‍රෙස් එක වැඩි වුණා. ඒ මොකද කිව්වොත් මම Service බිස්නස් එකක් කරපු නිසා මට Tec product එකක් හදන්න අවශ්‍ය වුණා.
ඔය අතරේදි මල්ලිට අම්මා දොස් කියනවා ඇහුනා…
අම්මා මල්ලිට මේ විදිහට විභාගයට සූදානම් නොවී දොස් කියද්දී මට හිතුවා අධ්‍යාපනය වෙනුවෙන් මෘදුකාංග පද්ධතියක් නිර්මාණය කරන්න. ළමයි ගේම් ගහන්න දක්වන උනන්දුව පරිගණක තාක්ෂණය භාවිත කරමින් අධයාපන කටයුතුවලටත් උනන්දු කරන්න පුළුවන් වුණොත් කියල මම හිතුවා. මම Examhub කියල ඇප් එකක් හැදුවා. මේ ඇප් එකෙන් ළමයින්ට ගේම් ගහනවා වගේම විභාග කරන්නත් පුළුවන්.
අධ්‍යාපනය ලබන දරුවන් අතර පෙරහුරු විභාග ප්‍රශ්න පත්‍ර පරිශීලනය කරන්නේ 60% ක් විතර පිරිසක්. 40% ක් ප්‍රශ්න පත්‍ර පරිශීලනයක් කරන්නේම නැහැ. ප්‍රශ්න පත්‍ර පරිශීලනය කරන අයගෙන් නැවත ඒවායේ හරි වැරදි බලන්නේ 30% ක් විතර පිරිසක්. මේ තත්ත්වය අපේ රටේ විතරක් නොවෙයි ලෝකයේම අධ්‍යාපනය ලබන දරුවන්ගේ හැටියක්.
මෙම ඇප් එකෙන් 6 වසරේ සිට 13 වසර දක්වා විභාග ප්‍රශ්න පත්‍ර සිංහල සහ ඉංග්‍රිසි මාධ්‍යයෙන් පසුගිය ප්‍රශ්න පත්‍ර ලබා ගන්න පුළුවන්. පළාත් ප්‍රශ්න පත්‍ර වාර මට්ටමින් ලබා ගැනීමේ පහසුකම් තිබෙනවා.
ඒ වගේම අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විෂය ධාරා යටතේ වසර දහයක ප්‍රශ්න පත්‍ර ලබා ගන්න පුළුවන්. ලංකාවේ පමණක් නොව කේම්බි්රජ් සහ Edexel විශ්වවිද්‍යාලවල ප්‍රශ්න පත්‍රත් මේ ඇප් එකෙන් ලබා ගන්න පුළුවන්.
ඔබ තවමත් ඉගෙන ගන්නවා…
ඔව් මම මේ වෙන විට ඩිප්ලෝමා රාශියක් අවසානයි. මූලික උපාධිය Software engeringe 2021 වසරේදී ලබා ගත්තා. 2022 වසරේ MSC in digital Marketing ආචාර්ය උපාධිය අවසන් කළා. ඉදිරියේදී පශ්චාත් ආචාර්ය උපාධිය හදාරන්න බලාපොරොත්තු වෙනවා. මම ඉගෙනුම අත්හරින්නේ නැහැ.
මගේ ව්‍යාපාර මාවතට වෙනස් වුණත් මනෝවිද්‍යාව සහ උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් මම අවසන් කළා. මගේ “Exam hub ” නිර්මාණයේදී මනෝවිද්‍යාව පිළිබඳ මගේ දැනුම ගොඩක් වැදගත් වුණා. අධ්‍යාපනය මනෝවිද්‍යාව සමග බොහොම සම්බන්ධයි. වර්ණ ගැළපීමේදී පවා මනෝවිද්‍යාව වැදගත්. මේ දැනුම මට බොහොම වැදගත් වුණා.
ව්‍යවසායකයෙක් වෙන්න හොඳම වයස…
ඇත්තෙන්ම කියනවා නම් වයස අවුරුදු 18- 25 කියන්නේ ජීවිතයේ සුන්දරම කාලයක්. වගකීම් අඩුයි ඒ නිසා මේ කාලයේදී තමන්ගේ අධ්‍යාපනය වගේම අනාගතය වෙනුවෙන් වූ මාර්ගය තමන්ටම සකස් කර ගන්න පුළුවන්.

දැනට ඔබ ලබාගත් සම්මාන…
මගේ ව්‍යාපාරය වෙනුවෙන් සම්මාන රැසක් ලැබුණා. මේ එයින් කීපයක් විතරයි.Best student Enterpreneur in Sri lanka 2021 CSSL Social innovator of the year-2022 CSSL Emerging ICT leader of the year- 2023 CSSL Founder of the year- 2024 IYAP youth innoater of the year-2024 Best Enterpreneur of Sabaragmuwa-2024 මේ වෙන විට මම IDB certified Bisiness trainer කෙනෙක් ලෙස සහ FCCISL Licenced business coach කෙනෙක් විදිහට නව ව්‍යාපාර ආරම්භ කරන අයට උපදේශන ලබා දෙනවා.
විශේෂ යමක් තියෙනවානම්…
ඔව් මම Dilanka Sanjaya නමින් “ යූ ටියුබ් ”චැනල් එකක් පටන් ගත්තා. මේ ඔස්සේ නොමිලයේම ව්‍යාපාර අදහස් සහ සැලසුම් ලබා දෙනවා. අවශ්‍ය අයට මේ චැනලය ඔස්සේ ඉගෙන ගන්න පුළුවන්.අවසාන වශයෙන් කිව්වොත් මේ හැම දෙයටම මගේ හයිය අම්මා… තාත්තා… වගේම ව්‍යවසායකයෙක් විදිහට මම වැටෙන, නැගිටින හැම වෙලාවකම මගේ ළඟින්ම සිටින මගේ බිරිඳ රන්දිටත් විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️