වයස අවුරුදු 13 ට අඩු කුඩා දරුවන් අන්තර්ජාලය සමග ගණුදෙණු කිරීමේදී සිදු විය හැකි අනතුරුවලින් ආරක්ෂා කිරීම සඳහා ගෝලීය වශයෙන් අවධානය යොමු වී තිබෙනවා. මේ වෙනුවෙන් විවිධ විකල්ප විසඳුම් භාවිත වුණත් ඒ අතරවාරයේ පවා දරුවන් අන්තර්ජාලය ඔස්සේ විවිධ අපයෝජනයන්ට ගොදුරු වෙනවා.
රොබිලොක්ස් යනු…
රොබිලොක්ස් යනුවෙන් හඳුන්වන්නේ එක්සත් රාජධානියේ වයස අවුරුදු 8 සිට 12 දක්වා වූ ළමුන් අතර වඩාත් ජනප්‍රිය ක්‍රිඩාවක්. මෙම ක්‍රිඩාව කිරීමේදී තහවුරු කරන ලද මව්පියන්ගේ භාරකරුවෙකුගේ හෝ අවසරයකින් තොරව ළමා පරිශීලකයන්ට ඔන්ලයින් ක්‍රිඩා අතර වාරයේ සෘජු පණිවිඩ යැවීමට නොහැකි වන සේ කටයුතු කිරීමට රොබිලොක්ස් ක්‍රිඩා වේදිකාව විසින් පියවර ගෙන තිබෙනවා.
මේ නිසා තම දරුවන් අන්තර්ජාලය ඔස්සේ ආශ්‍රය කරන මිතුරන්ගේ ලැයිස්තුව පරීක්ෂා කර බැලීම, දරුවාගේ ගිණුම පරීක්ෂා කිරීම සහ කළමනාකරණයට වගේම ඔවුන් ගේ ක්‍රිඩා කාලය සඳහා දෛනික සීමාවන් පැනවීමටත් දෙමව්පියන්ට හැකියාව තිබෙනවා. දරුවන්ට තමන්ගේ මිතුරන්ට සෘජු පණිවිඩ යැවීමට නම් අවසර නැති අතර දරුවන්ගේ ක්‍රියාකාරකම් ගැන කළමනාකරණයට මව්පියන්ට හෝ භාරකරුවන්ට අවසර ලබා දී තිබෙනවා.
මෙම වෙනස්කම් 2024 වසරේ නොවැම්බර් මාසයේ පටන් ක්‍රියාත්මක වන අතර 2025 වසරේ මාර්තු මාසය අවසාන වෙන විට එය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට හැකියාව ඇති බැව් ඔවුන් සඳහන් කරනවා.
දරුවන්ට තහනම් නැහැ…
මේ අවස්ථාව නිසා දරුවන්ට මිතුරන්ගේ ඇසුරට බාධාවක් නැහැ. ඉදිරියටත් ක්‍රිඩාව අතරවාරයේ ඔවුන්ට පොදු සංවාදයන්ට සම්බන්ධ වෙන්න පුළුවනි. මිතුරන් සමග කතා කරන්න පුළුවනි. නමුත් ඒ වෙනුවෙන් දෙමව්පියන්ගේ අවසරය අවශ්‍යයි. වෙනස තිබෙන්නේ එතැන විතරයි. යැයි රොබිලොක්ස්හි ප්‍රධාන ආරක්ෂක නිළධාරී මැට් කවුෆ්මන් සඳහන් කරනවා. හැම දවසකම මිලියන 88 ක් මෙම ක්‍රිඩාවේ නිතර වෙනවා. අප ආයතනයේ සේවකයන්ගෙන් 10% කටත් වැඩි පිරිසක් වේදිකාවේ ආරක්ෂාව ගැන සම්බන්ධව කටයුතු කරනවා. අපේ ක්‍රිඩා වේදිකාව ප්‍රමාණයෙන් වර්ධනය වෙනවා. ඒ නිසාම ආරක්ෂාව වෙනුවෙන් අපි වෙනස් විය යුතුයි.
වයස සහතික කිරීම ගැටළුවක්…
මේ වෙනුවෙන් දරුවා මව්පිය හෝ භාරකරුවන්ගේ අවසරය ලබා ගත් බවට රජය විසින් නිකුත් කරන ලද හැඳුණුම්පතක් හෝ ක්‍රෙඩිට් කාඩ් පතක් සමග ඔවුන්ගේ අනන්‍යතාවය සහ වයස තහවුරු කිරීම අනිවාර්යයි. අනන්‍යතාවය තහවුරු කිරීම බොහෝ තාක්ෂණ සමාගම් විසින් මුහුණ දෙන අභියෝගයක්. ඒ නිසා දරුවන්ගේ ගිණුමේ වයස නිවරැදි ලෙසින් තහවුරු කර තිබීම මව්පියන්ගේ වගකීමක්.
වයස අවුරුදු නවයට අඩු දරුවන් වෙනුවෙන් රොබිලොක්ස් පරිශීලකයන්ට ප්‍රවේශ විය හැක්කේ “ අවම ” හෝ “මෘදු ” අත්දැකීම් කාණ්ඩයේ ක්‍රිඩා සඳහා පමණයි. මධ්‍යස්ථ ක්‍රිඩා සඳහා සහභාගි වීමට නම් දෙමව්පියන්ගේ අවසර අවශ්‍ය වෙනවා.
කෙසේ හෝ වේවා වයස අවුරුදු 17 වෙන තෙක් දරුවන්ට “සීමා කරන ලද ” ක්‍රිඩා වෙත ප්‍රවේශ වීමට අවසර නැහැ. ඒ වගේම දෙසැම්බර් මාසයේ 3 වැනි දින පටන් රොබිලොක්ස් වීඩියෝ ක්‍රිඩා නිෂ්පාදනය කරන සමාගම් විසින් දරුවන්ට ගැළපෙන ක්‍රිඩා මොනවාදැයි නිර්දේශ කිරීම සිදු කළ යුතු අතර එවැනි තොරතුරු ලබා නොදෙන වීඩියෝ ක්‍රිඩාවන් මුදා හැරීමට අවසර නොමැති බැව් පාලන අධිකාරිය විසින් සඳහන් කරනවා.
මෙම වෙනස්කම් නිවරැදි දිශාවට තබන ලද ධනාත්මක පියවරක් බැව් එක්සත් රාජධානියේ ළමා පුණ්‍යායතනයක් වන NSPC හි ඔන්ලයින් ආරක්ෂාව පිළිබඳ ප්‍රතිපත්ති සහකාර ප්‍රධානි රිචර්ඩ් කොලර්ඩ් සඳහන් කරනවා.
කුඩා දරුවන් ආරක්ෂා කිරීම සහ වෙබ් අඩවි විසින් සිදු වන හානිය අවම කිරීමට මෙය ප්රමුඛත්වයෙහි ලා සැලකීම වැදගත් අතරම දරුවන්ට ආරක්ෂිත අත්දැකීම් ලැබීමට වයස සත්‍යාපනය කිරීම ඉතාම ඵලදායකයි. මෙම පරිවර්තනය සඳහා සහයෝගය දැක්වීම ඉතා වැදගත් බැව් ඔහු තව දුරටත් සඳහන් කරනවා.
ඒ වගේම වයස කුමක් වුණත් අපේ ඉලක්කය සෑම පරිශීලකයෙකුම ආරක්ෂිතව තබා ගැනීම බැව් රොබිලොක්ස්හි ප්‍රධාන ආරක්ෂක නිළධාරී මැට් කවුෆ්මන් ගේ අපේක්ෂාවයි. වීඩියෝ ක්‍රිඩා නිර්මාණය කරන සමාගම් තම වෙබ් වේදිකාවන්හි දරුවන් ආරක්ෂිතව තබා ගැනීමට අපොහොසත් වීම දඬුවම් ලැබිය යුතු වරදක් බවටත් එක්සත් රාජධානියේ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ නිරීක්ෂක ආයතනයක් වන ඔෆ්කොම් ආයතනය සඳහන් කරනවා.
බී.බී.සී පුවත් ඇසුරින්
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️