නර්තනාචාර්ය අයි.පී. මදුසංඛ
කැළණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී ප්‍රාසාංගික කලා උපාධියත් නාට්‍ය හා රංග කලා විෂයන් සදහා ශාස්ත්‍රවේදී උපාධිය ඇතුලු අංශ ගණනාවකින් ප්‍රවීණත්වය ලබා ගත් ගුරුවරයෙක් තමයි නර්තනාචාර්ය අයි.පී. මදුසංඛ පෙරේරා කියන්නේ. ඔහු විසින් වසර ගණනාවක් පහතරට නර්තනය කියාදුන් දරුවන්ගේ නර්තන කුසලතාවයන් එළි දක්වන්න කළඑළි මංගල්‍යයක් නුදුරු දිනයකදී පැවැත්වීමට නියමිතයි.
මොකක්ද අප්‍රේල් මාසේ සිද්ධ වෙන්නේ?
දරුවන්ට අවුරුදු දෙකක් තිස්සේ පහතරට නර්තනය ඉගැන්වීම් කළා. ඔවුන්ගේ දක්ෂතා එළිදක්වන්න කළඑළි මංගල්‍යයක් පැවැත්වෙනවා.
දරුවන් කීදෙනෙක් සහභාගී වෙනවද
කළඑළි මංගල්‍යයට ගැහැණු දරුවන් 20 ක් පිරිමි දරුවන් 08 ක් සම්බන්ධ වෙනවා.
කොහෙද මේ කළඑළි මංගල්‍යය තියෙන්නේ?
පන්නිපිටිය පැලැන්වත්ත කැස්බෑව සංස්කෘතික මධ්‍යස්ථානයේදී අප්‍රේල් 4, 5, 6 යන දිනයන්හි කළ එළි දැක්ම පැවැත්වීමට නියමිතයි. හතරවෙනිදා තමයි මඩු පේ කිරීම හා අගල පේ කිරීමේ චාරිත්‍රය තියෙනේ අප්‍රේල් පස් වෙනිදා රැය පහන් වෙන තුරු දෙවොල්මඩු ශාන්තිකර්මය පැවැතෙනවා. දුර්ලභ ගණයේ අඹ විදමන, දොළහ පෙළපාලිය වැනි පෙළපාලිද මෙහිදී දැකගන්න පුළුවන්.
අප්‍රේල් හයවෙනි දිනයේ දේව දානය හා ගාරායක් ශාන්තිකර්මයෙන් කළඑළි මංගල්‍යයේ කටයුතු නිමවෙනවා. මෙම කළඑළි මංගල්‍යය සංස්කෘතික මධ්‍යස්ථානයේ ස්ථානහාර නිළධාරී කිත්සිරි කුමාර මහත්මාගේ මඟ පෙන්වීම යටතේ සියල්ල සිදු වෙනවා. මේ සඳහා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය, රජයේ පාසල්, කලායතන, සංස්කෘතික මධ්‍යස්ථාන නියෝජනය කරමින් ආචාර්ය මහාචාර්ය, ප්රභූවරු සහභාගී වීමට නියමිතයි.
සාම්ප්‍රදායක නර්තන කලාව ඉදිරියට ගෙනියන්න ඕන කියල හිතුවේ ඇයි?
පහතරට නර්තන කලාවෙන් සමස්ත ලංකා ජයග්‍රහණ දක්වා දරුවන්ව ගෙනියන පුළුවන් වුණා. ඒ නිසා පහතරට නර්තනය ඉගෙන ගන්නා දරුවන්ගෙන් කළඑළි මංගල්‍යයක් පැවැත්විමට අදහස් කළා.
කළඑළි මංගල්‍යයට සම්බන්ධ වෙන දරුවන් පාසලෙන් නර්තනය හදාරනවද?
ඔව් බොහෝ දරුවන් නර්තනය විෂයක් ලෙස හදාරනවා. ඒ වගේම සංගීත විෂය හදාරන අයත් ඉන්නවා මිහිරංග පෙරේරා ගුරුතුමාද මා හට මේ වැඩ කටයුතු කිරීමට සහයෝගය ලබා දෙනවා. පහතරට දේශීය නැටුම්වලට සීමා නොවී රියැලටි නර්තන කලාවත් දරුවන්ට ඉගැන්වීම් කරනවා.
පාරම්පරික නැට්ටුවෙක් විදියට අද තියෙන නැටුම් කලාව කොහොමද දකින්නේ?
දරුවන් වෙනදට වඩා නර්තනයට යොමු වෙනවා වැඩියි. රූපවාහිනි මාධ්‍යයේ රියැලිටි නර්තන තරඟවලට ලොකු අවධානයක් දීල තියෙනවා. ඒ නිසා නර්තනයට යොමු වීමත් වැඩියි දරුවන් දේශීය නැටුම් වගේ සෝෂල් ඩාන්ස්වලටත් යොමු වෙනවා. ඒක හොඳ ප්‍රවණතාවක්.
පවනි දිලේකා ✍️