සිනාසීමට අපි කවුරුත් ප්‍රිය කරමු. මේ එළඹෙන්නේ අප්‍රේල් මාසයයි. ඇත්තටම මෙයට මෝඩයාගේ දවස ලෙස නම් කළත් වර්තමානයේ එසේ කරනු ලබන්නේ අපහාසයකට නොව හුදු විනෝදයට පමණක් බව සැලකිය යුතුය. මෙම දිනය හැදුණු ආකාරය ගැන දැනගැනීමට ඔබ කැමති වනු ඒකාන්තය.
ආරම්භය ගැන නොයෙක් මත
එක් ජනප්‍රිය විශ්වාසයක් අනුව වර්ෂ 1564 ට පෙර ප්රංස ජාතිකයින් අලුත් අවුරුද්ද ලෙස සමරන ලද්දේ අප්‍රේල් 01 යි. ග්‍රෙගරියානු දින දර්ශනය අනුගමනය කිරීමට ආරම්භ කිරීම නිසා ප්‍රංසයේ ඉන්පසුව එය ජනවාරි 01 ලෙස වෙනස් විය. එහෙත් ඉන් පසුවත් පැරණි දිනයම සැමරීම කරගෙන ගිය එවකට අන්‍යයන්ගේ විහිළුවට සහ සමච්චලයට ලක් විය. ඔවුන්ට අප්‍රේල් මෝඩයින් යන නම පටබැඳුණි. 13 වන ග්‍රෙගරි පාප් වහන්සේ 16 වන සියවසේදී හඳුන්වාදුන් එම ග්‍රෙගරියානු දින දර්ශනයට පෙර බොහෝ සංස්කෘතීන්ද අප්‍රේල් 01 වන වසරේ ආරම්භය ලෙස සලකන ලද අතර වෙනස තේරුම් ගත නොහැකිව පැරණි ක්රමයම අනුගමනය කළ අයවලුන්ව අප්‍රේල් මෝඩයින් ලෙස හඳුන්වා ඇත.
මාර්තු අග සහ අප්‍රේල් මුල ඇතිවන උෂ්ණත්වය සහ හිරු එළිය සහිත හදිසි කාලගුණය වරදවා වටහා ගත් සමහරුන් වසන්තය පැමිණ ඇතැයි සිතූහ. එහෙත් ඔවුන් පුදුමයට පත් කරමින් පැමිණෙන ශීත කුණාටු සහිත ශීත කාලගුණයේ රැවටීමට හසුවන මිනිසුන් වෙනුවෙන් අප්‍රේල් 01 මෝඩයින්ගේ දිනය ලෙස නම් කර ඇති බව තවත් එක් විශ්වාසයකි.
ඓතිහාසික සාක්ෂි
එහෙත් ඓතිහාසික සාක්ෂිවලින් පැවසෙන්නේ ග්‍රෙගරි පාප් තුමන්ගේ කාලයට පෙර පටන් එය පැවති බවයි. 14 වන සියවසේ විසූ ඉංග්‍රීසි ජාතික Geoffrey Chaucerගේ The Canterbury Tales (1392), කෘතියේ එක් කතාවක මාර්තු 32 ලෙස සටහන් යෙදීමෙන් අප්‍රේල් 01 එවකට විහිලුවට ගත් සැටි පෙන්නුම් කරයි. මීට අමතරව ඉතා පැරණි තවත් එක් විහිළු කිරීමේ උත්සව සම්ප්රදායක් ක්‍රිස්තු පූර්ව 536 කී පර්සියාවේ ප්‍රචලිතව තිබී ඇත.
ලොව පුරා පවතින අප්‍රේල් 01 විහිළු සම්ප්‍රදායන්
ප්රංසය, ඉතාලිය සහ ප්රංස බස කතාකරන කැනේඩියානුවන් කඩදාසි මාළුවක් යමකුට නොදැනෙන ලෙස පිටුපස අලවා අප්‍රේල් මාළුවා ලෙස සරදමට ලක් කරයි.ස්කොට්ලන්තයේ පණිවිඩයක් අතින් අතට යැවීමට පුද්ගලයින් යොමුකර ඔවුන් මුළා කිරීමයි. බෙල්ජියමේ ළමුන් දෙමව්පියන් සහ ගුරුවරුන්ව කාමරයක සිරකර ඔවුන් පිටතට යැවීම සඳහා සංග්‍රහයක් ඉල්ලයි.
පෝලන්තයේ මෙම දිනය කිසිම වැදගත් දෙයක් සිදුකිරීම සඳහා යොදාගනු නොලබන්නේ එය විහිලුවක් ලෙස සලකන තරමට ඔවුන් තුළ මෙම දිනය ගැන විශ්වාසයක් නැති නිසාය. 1683 දී තුර්කි විරෝධී සන්ධානය අත්සන් කිරීම මාර්තු 31 ලෙස වෙනස් කර ඇත. කැනඩාවේ සහ එංගලන්තයේ අප්‍රේල් මෝඩයාට ඇන්දීම දහවල 12ට පෙර අවසන් කළ යුතුය. ඊට පසුවත් එය සිදුකරන පුද්ගලයාට අප්‍රේල් මෝඩයා යන නම පටබැඳේ.
https://www.farmersalmanac.com ඇසුරිනි
සුනිල් අල්ගම ✍️